මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය කා අතරත් ජනප්‍රියත්වයට පත්ව අවසන්..රෝහලේ නතරකර සිටි චලෝ පුර්ණ සමඟ බස් රථයේ නැග නිවසට පැමිණෙනවා.එහිදි තමාගේ ටිකට් කැපු නැති බවත් පොතේ අත්සන් කර තමන් පැමිණි බව පුර්ණ හට ඇය පවසනවා.හංසි සහ බුල්ටෝ පාරේ එන විට සාරංග පැමිණෙනවා.දෙදෙනාම තනිව සිටින්නේ ඇයි දැයි විමසා මේ බව හංසිගේ අයියාට කියන බව පවසා ඔහු එතැනින් පිටව යනවා.මේ අතර පුර්ණ නිශ්ශංක සර් වෙත පැමිණ ඉදිරියේදි සිදු විය යුතු දේ පිළිබඳ කතා කරමින් සිටිනවා.

නිවසට පැමිණෙන චලෝ රාත්‍රි කාලයේ තමාගේ ඔළුව රිදෙන බවපවසා සුද්දි හට උණු වතුර වලින් ඔළුව තවන ලෙස පවසනවා.චලෝ සහ අම්මා කතා කරමින් සිටිනවා.එහිදි තාත්තා සිහිනෙන් දුටු බවත් දානය දීමට උවමනා බවත් පවසනවා.එය ආසා සිටින චලෝ ඇගේ කරාබු දෙක උකස් කර සල්ලි ගන්නා ලෙස අම්මාට කියනවා.චලෝ සහ පුර්ණ පාරේ එන විට සාරංග සහ යහළුවන් පාපන්දු ක්‍රීඩා කරමින් සිටිනවා.එතැනට පැමිණෙන පුර්ණගේ ඇඟට බෝලය වැදෙනවා.ඔවුන්ට බැන චලෝ එතැනින් පිටව යනවා.නැවතත් චලෝ එන විට සාරංග ඇය එනතුරු සිට ඇය යන මඟය පැමිණෙනවා.

ඉන්පසු චලෝ ඔහුට බැන එතැනින් දිව යනවා.හංසි සහ නොංචි පාරේ එන විට එතැනට හංසිගේ අයියා පැමිණෙනවා.නැවත හැරි නිවසට යන ලෙස ඔහු හංසි හට පවසනවා.නිශ්ශංක සර් හමු වීමට එන පිප්පි ඔහුගේ හදවත උපදෙන කොටම දුර්වල බවත් ඔපරේෂන් එකක් කිරීමට උවමනා බවත් කියනවා.මේ අතර පාසලේ සෑම තැනම නිශ්ශංක සර්ට විරුද්ධව කැලෑ පත්තර අලවා තිබෙනවා.එය දකින සීතා ටීච බොහොම සතුටු වනවා.ඉන්පසු පාසලේ පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් එය දකිනවා.මෙය සිදු කල කෙනා හට හොඳින් සිටීමට නොදිය යුතුයි බව පවසනවා.මේ සිදු වීම චලෝ ගේ අම්මා හට ආරංචි වෙනවා.එතැනට පැමිණෙන පුර්ණගේ මවද ඒ බව කියනවා.පාසලේ පිරිමි ළමුන් නිශ්ශංක සර් හමුවීමට පැමිණෙනවා.සිදු වූ දේ අමතක කරන බවත් ගැහැණු ළමුන්ගේ තරඟයට අවධානය දියයුතු බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *