ස්වර්ණවාහිනි ටෙලි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය කාගේත් අතර ජනප්‍රිය නට්‍යකි.තරඟය සඳහා සුදානම් වන ගැහැණු ළමුන් තරඟටය උවමනා ඡායාරූප ගනිමින් ගන්නවා.පසුදින නිශ්ශංක සර් කණ්ඩායමේ සියලු දෙනා හට කාන්තා පාපන්දු තරඟයක් පෙන්වනවා.පළාත් තරඟය යාමට ප්‍රථම එය නැරඹිය යුතු බව සර් ඔවුන්ට කියනවා.උදෑසන ක්‍රීඩා කරමින් සිටින චලෝ හට කලන්තයක් හැදි ඇති බව පුර්ණ හට යහළුවෙක් පැමිණ කියනවා.ඉන්පසු පුර්ණ ඉක්මනින් එතැනට දිවයනවා.ඒ වන විටත් චලේ බිම වැතිරි සිටිනවා.සියලු දෙනාම ඇයට ප්‍රතිකාර කරනවා.පුහුණුවීම ඉවරකර චලෝ නිවසට පැමිණෙනවා.ඇය එන විටත් නිවසට ඇගේ අම්මා වෙද මහතෙක් ගෙන්වා දෙහි කැපීමට සුදානම් වනවා.පසුදින පුර්ණ සහ චලෝ පාසල් අවසන් වී කතා කරමින් එනවා.ඒ එන අතරමග ඔවුන් යහළුවන් නාමින් සිටිනවා හමු වනවා.ඉන්පසු දෙදෙනාම ඔවුන්ගේ බයිසිකලය ගෙන එතැනින් යනවා.

 

ටික දුරක් පැමිණි පසු චලේ කලන්තය දමා බිම ඇද වැටෙනවා.ඔවුන්ගේ යහළුවන් එතැනට දිව එනවා.ඔවුන් චලෝව රෝහලට රැගෙන යනවා.චලෝ රෝහලේ බව බුල්ටෝ චලෝගේ අම්මා හට පැමිණ කියනවා.ඉන්පසු චලෝගේ මව රෝහලට එනවා.බුල්ටෝ සහ හංසි කණ්ඩායමේ චලෝගේ අඩුව ගැන කතා කරනවා.තරඟය සඳහා චලෝට ඒමට නොහැකි වේවිද කියා ඔවුන් සැක කරනවා.මේ අතර කණ්ඩායමේ දරුවන් පුහුණු කරවීමට පුහුණුකරුවෙකු පැමිණ ඔවුන් පුහුණු කරනවා.නිශ්ශංක සර් සහ යමුනා මිස් චලෝ බැලීමට රෝහලට යනවා.චලෝ බැලීමට සාරංග පැමිණෙනවා.ඉන්පසු ඔහුට එතැනින් යන ලෙස පවසනවා.රෝගින් බලන වේලාව ඉවර වූ නිසා සාරංග එතැනින් පිටව යනවා.ඔහු එන විට පුර්ණ මුණ ගැසෙනවා.මේ අතර ජුවා සහ පිරිමි ළමුන් පුහුණු වීම් කරමින් සිටින විට සාරංග පැමිණ ජුවා අල්ලා ගන්නවා.ඉන්පසු ජුවා හට සාරංග පහර දෙනවා.ඉන්පසු ඔහුගේ මුහුණු වතුර වලක එබු නිසා ඔහු එතැන වැටෙනවා.

 

ජුවා නැති නිසා බුල්ටෝ සහ යහළුවන් නැවත ඔහු සොයා පැමිණනවා.ජුවා වතුර වලේ සිටිනු ඔවුන් දැක බුල්ටෝ ඔහුව කරට ගෙන ගෙනියනවා.මේ අතර යමුනා මිස් දුනුමෑව ඉස්කෝලේ සමඟ තරඟ කිරීමට ඇගේ පාසලේ කණ්ඩායම රැගෙන එනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *