සතියේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාෂය වන ටීච අම්මා ටෙලි නාට්‍ය කාගේත් ප්‍රතිචාර මැද්දේ මේ ලෙස ගලා ගෙන යනවා.අතරුදහන් වී සිටි සයොනාරා ටීච නැවත සොයාගන්නාවා.ඉන්පසු ඇයව රැගෙන ඇගෙපියා නැවත කොළඹට පැමිණෙනවා.ඉන්පසු ඇය මුණගැසීමට අරුෂ් පැමිණෙනවා.ඇය අරුෂ් හොඳ අයෙක් බවත් ඔහු සමඟ ඉක්මනින් විවාහ විය යුතු බවත් කල්පනා කරනවා.ඇය කල්පනා කල ආකාරයටම අරුෂ් ඇයට විවාහ වීමට යොජනා කරනවා.විදුහල්පතිතුමාගේ නිවසට නුවංග නම් ඇගෙ ගෝලයෙකු පැමිණෙනවා.සිදුව ඇති දේ විදුහලපතිතුමා ඔහුටද පවසනවා.මේ අතර විදුහල්පතිගේ නිවසට පැමිණෙන තිලක් මුදලාලි විදුහල්පතිතුමා හට පහර දෙනවා.ඉන්පසු තිලක් මුදලාලිගේ නිවසට පැමිණෙන විදුහල්පතිතුමාගේ බිරිඳ තිලක් මුදලාලිගේ බිරිඳ හට සිදු වූ දේ පවසා මේ දේවල් නවත්වන ලෙස තිලක් මුදලාලි හට කීමට කියනවා.මේ අතර බන්ටි සොයා පැමිණෙන මහේෂ් නැවත පතලට එන ලෙස ඔහුට පවසනවා.සයොනාරා ටීච ගමෙන් ගිය නිසා බන්ටි ඉතාම දුකින් සිටිනවා.

දිනක් අරුෂ්ගේ නංගි සයොනාරා හට ඇමතුමක් ලබා දි ඇගේ පැහරගැනීටම අරුෂ් සම්බන්ධ බව ඇය සැක කරනව බවත් සිදු වූ දේ අරුෂ් දන්නා බවත් පවසනවා.මෙය අසා සිටින සයොනාරා පුදුම වනවා.දිනක් උදෑසන පාසලට යන ශිරෝමාලා ටීච සයොනාරා ටීච නැවත පාසලට පැමිණ සිටිනු දැක පුදුම වී ඇය වෙත ගොස් කතා කර ඇයට ඉතා සතුටු බව පවසනවා.මේ අතර සයොනාරා ටීච දකිනා උපුල් සර් කෝප වී පාසලේ බෙල් එක ගසා පාසලෙන් පිටව යනවා.දැහැමි සමඟ පැමිණෙන සයොනාරා ටීච හට නුවංග හමු වනවා.ඔහු දැහැමි සමඟ කතා කර එතැනින් පිටවයනවා.මේ සියලු දේ මහේෂ් බලා සිට නුවංග අසලට එන මහේෂ් ඔහු විවාහ වීමට සිටින්නේ සයොනාරා ටීචබව පවසනවා.පසුදින පාසලට එන ලිපියක විදුහලපතිතුමාගේ වැඩ තහනම් කල දැන්වීමක් පැමිනෙනවා.උපුල් සර් එයට ඉතාමත් සතුටු වනවා.ශිරෝමාලා ටීච සහ සයොනාරා ටීච ඉතාම දුකින් ඔහු යන දෙස බලා සිටිනවා.

One Reply to “විදුහල්පතිතුමාගේ වැඩ තහනමට උපුල් සර් සම්බන්ධද”

  1. ලෙස්ටර්ට පස්සේ ලංකාවේ බිහිවූ හොඳම අධ්‍යක්ෂ සුදත්ත තිලකසේන. ඔහුගේ ටීටර් මාම්මා අති විශිෂ්ටයි. මෙවර සුමති, රයිගම් සම්මාන සියල්ල මේ චිත්‍රපටය විසින් ඩැහගනු නොනුමානයි. තිලකසිරි ගේ (සුද්දා ක්‍රියේශන්) හි මීළඟ නිර්මාණය කුමක් විය හැකිද? කුමක් වුවත් සුද්දෝ මහා නිළි මාලිනී යොදවා කරන්න, ඔබට නේකිසි දා වරදින්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *