මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන ටීච අම්මා ටෙලි නාට්‍ය වඩාත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් විකාශය වනවා.තිලක් මුදලාලි සහ ග්‍රාමසේවක මහතා නිවසට වී සිටින විට නිවසට පොලිසිය පැමිණෙනවා.ඔවුන් පැමිණියේ තමා අත්අඩංගුවට ගැනීමට බව පවසනවා.ඔහුව අත්අංගුවට ගන්නේ ටීච නැති වීම නිසා බව පවසනවා.ඉන්පසු කටඋත්තර දී නැවත පැමිණෙන බව පවසනවා.ඉන්පසු තිලක් මුදලාලි පොලිසියට යනවා.පාරේ එමින් සිටි සීගිරි හමුවන මහේෂ් ඔහුට පහර දී ටීච ගැන විමසනවා.නමුත් ඔහු කිසිවක් නොදන්නා බවත් මෙයට සම්බන්ධ කොළඹ සිටින අරුෂ් බවත් පවසනවා.ඉන්පසු සීගිරි ළඟ ඇති ඔහුගේ දුරකථන අංකය මහේෂ් වෙත දෙනවා.දැහැමිගේ නිවසට පැමිණෙන ශක්ති සහ කමල් දැහැමිව රැගෙන යනවා.

ඉන්පසු ඔවුන් දෙදෙනා බෙර ගසමින් තොවිලයක් නටනවා.මේ අතර මහේෂ් එකතු සයොනාරා ටීච සඟවා ඇති තැනට පැමිණෙනවා.ඉන්පසු ඔහු සයොනාරා ටීච රැගෙන යනවා.ඔහු පසු පස බන්ටි ද පැමිණෙනවා.ඔහු ඇය රැගෙන එන වෙලාවේදි එතැනට පැමිණෙන මැරයන් මහේෂ් හට පහර දී එතැනින් පිට වනවා.ඉන්පසු එතැනට පැමිණෙන බන්ටි ඇයට ඔසවාගෙන යනවා.ඇයව ඔසවාගෙන බන්ටි විදුහල්පතිගේ නිවසට පැමිණෙනවා.පසුදින දැහැමි ද නිවසට පැමිණෙනවා.ඉන්පසු ඇය ටීච අම්මා කියා කෑ ගසනවා.මහේෂ්ද නිවසට පැමිණෙනවා.ඔහුට වු සියල්ල සර් හට මහේෂ් කියනවා.නමුත් ටීච සොයා රැගෙන ආවේ බන්ටි බව කියනවා.කෝප වන මහේෂ් එතැනින් පිටව යනවා.සිදු වු දේට අරුෂ් කනස්සල්ලෙන් සිටිනවා.සයොනාරා ටීච හට විදුහල්පතිගේ නිවසින් යන බව ඇයට කියනවා.ඉන්පසු ඇය කොළඹ යාමට තිරණය කරනවා.ඉන්පසු කොළඹට මාරුවක් හදාගන්නා ලෙස ලොකු සර් කියනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *