මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන ටීච අම්මා ටෙලි නාට්‍ය ගලා ගියේ මෙසේයි.නිවසට පැමිණෙන තිලක් මුදලාලි දකින්නේ ඇගේ බිරිඳ හඩමින් සිටින අයුරුයි ඇය අසලට යන මුදලාලි සිදු වූ විමසනවා.එහිදි ඇය තමාගේ වැඩ වලට අකමැති බවත් ටීචගේ අතුරුදහන් වීමට ඔහු සම්බන්ධ බව පවසනවා.ඉන්පසු ඔහුට කෑ ගසා ඇය එතැනින් පිට වනවා.පසුව එතැනට පැමිණෙන රෙබෙකා ඇය කෑ ගැසු දේට සමාව ඉල්ලා එය මහේෂ් හට සිතුණු දෙයක් බව ඇය පවසනවා.මේ අතර ගමේ සෑම තැන බන්ටි ටීච සොයමින් ඇවිදිනවා.මේ අතර ඔහු අසලට එන දැහැමි පැමිණෙනවා.ඔවුන් දෙදෙනාට නිවසට යාමට සුදානම් වන විට සීගිරි එතැනට පැමිණෙනවා.ඉන්පසු ඇය ඔහුට රවනවා.ඉන්පසු එසේ රැවීමට හේතුවක් ඇතිබව බන්ටි පවසනවා.ඉන්පසු සිගිරි බන්ටි හට ගසනවා.මේ අතර ග්‍රාමසේවක හමු වීමට එන මහේෂ් මහතා සිදු වූ දේ ට තම පියා සම්බන්ධද කියා විමසනවා.ඉන්පසු මෙයට ඔහු සම්බන්ධ නොමැති බව ඔහු පවසනවා.මේ අතර ඔවුන් වෙත ලොකු සර් සහ සයොනාරා ටීචගේ පියා පැමිණෙනවා.ඉන්පසු සිදු වූ දේට දුක බව මහේෂ් පවසනවා.

ඉන්පසු සයොනාරා ටීචගේ පියා ටීච හමුවූ වහාම නිවසට ගෙන යන බව පවසනවා.කේන්තියෙන් නිවසට පැමිණෙන මහේෂ් නිවසේ සිටින සීගිරි දැක ඔහුගෙන් සයොනාරා ටීච ගැන විමසනවා.එතැනට පැමිණෙන මහේෂ්ගේ අම්මා ඔවුන්ගේ රණ්ඩුව නවතනවා.සීගිරිගෙන් සිදු වූ දේ විමසනවා.එහිදි මහේෂ් හට ටීච ගැන හිතක් පහළ වී ඇති බව පවසනවා.ඉන්පසු කොළඹින් කොල්ලෝ තුන් හතරදෙනෙක් ආ බවත් ඇය හොඳ නැති අයෙක් බව පවසනවා.දැහැමිගේ නිවසට යන ශක්ති සහ කමල් දැහැමි හට පොතක් දී එහි ටීච පැහැරගෙන ගියේ කවුද කියා විමසනවා.ඉන්පසු ඇයඑහි කිසිවක් නොකියා එතැනින් පිට වනවා.මේ අතර සයොනාරාගේ පියා ඉතාමත් දුකින් කල්පනා කරමින් සිටිනවා.ඉන්පසු ඔහුට බිරිඳ ඇමතුමක් ගෙන දුව ගැන විමසනවා.ඉන්පසු ඔහු අඬමින් ඇය සමඟ කතා කරනවා.මේ අතර සයොනාරා පැහැරගත් පිරිස ඇය බලෙන් කෑම කැවීමට හැදුවද ඇය එය ප්‍රතික්ෂේප කරනවා.ඉන්පසු ඇය හඩා වැටෙනවා.මේඅතර අරුෂ්ගේ මව සයොනාරා සෙවීමට යන බව කියනවා.ඉන්පසු එයට අකමැති බව ඔහු පවසනවා.මේ අතර එතැනට පැමිණෙන අරුෂ්ගේ නංගි අරුෂ්ගේ වැඩ දන්නා බවත් සයොනාරාගේ අතුරුදහන් වීමට ඔහු පැවති බව පවසනවා.මේ අතර සයොනාරා සඟවා සිටින පිරිස සයොනාරා හට සිහිය නැති බව අරුෂ් හට පවසනවා.

One Reply to “අරුෂ්ගේ කපටිකම් නංගි හට අසුවේවිද”

  1. අජාසත්ත ඩබලක් කොහෙන් හොයාගත්තු බූරුවෙක්ද මේ නාටකෙත් එපාවෙනව මුන් දෙන්නගේ රගපෑමට

Leave a Reply to ruwan Cancel reply

Your email address will not be published. Required fields are marked *