මේ දින වල හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය තුර්කි නාට්‍යකි.මෙය දැනටමත් ප්‍රේක්ෂක හදවත් සොරාගෙන අවසන්.සෑම සතියේ දිනකම රාත්‍රි 9.00ට විකාශය වනවා.පාපන්දු තරඟය බැලිමට ගිය රුමා චිරාත් නිවසට ගෙනැවිත් දමනවා.මේ අතර ජාන්සු සහ සෙලින් මැඩම් රාත්‍රි සමාජ ශාලාවකට යාමට සුදානම් වනවා.නමුත් ඇයට සෙලින් රැගෙන තිබු ඇඳුමට ඇය අකමැති වනවා.රත්‍රියේදි ජාන්සු සහ සෙලින් යන විට රුමා මුණ ගැසෙනවා.සමාජ ශාලාව වෙත පැමිණෙන ජාන්සු චිරාත්ව දකිනවා.ඉන්පසු ඇය එතැනදි අඩා වැටෙනවා.චිරාත් වැනි කෙනෙක් ඇය වැනි කෙනෙක්ට අකමැති වීම ගැන.පසු දින කොලේජ් එකට රුමා ගිය විට චිරාත් සහ කුරායි රාත්‍රි සමාජ ශාලාවේ චිත්‍රපටයක් නිශ්පාදනය කරන බවත් එදිනට රුමා හට පැමිණෙන බවත් කියනවා.

 

නමුත් ඇය එය ප්‍රතික්ෂේප කරනවා.රාත්‍රියෙදි රුමා හට ජාන්සු කතා කරනවා.ඉන්පසු ඇය රුමා චිරාත් සමඟ කෝපි බිවු බවත් එය කිසිදා විය නොහැක්කක් බවත් පවසා සිනා වෙනවා.ඉන්පසු එයට කෝප වන රුමා නිවසට පැමිණ ජාන්සු රුමාට දුන් ගවුමද රැගෙන ජාන්සුගේ නිවසේ පාඩම් කිරීමට යන බව අම්මාට බොරු පවසා රුමා රාත්‍රි සමාජ ශාලාවට යනවා.ඉන්පසු කිසි වෙලාවක සිතු නැති ලෙස රුමා එන අයුරු දැක චිරාත් පුදුම වෙනවා.ඇය දකින හන්ඩේ හට කේන්ති යනවා.සමාජ ශාලාව වෙත ගිය රුමා හට හිසරදක් ඇති වෙනවා.හන්ඩේ ඇගේ යහළුවෙක් අතේ රුමා හට මත් පෙත්තක් දෙනවා.එය කුමක්ද කියා නොදැන රුමා එය පානය කරනවා.ඉන්පසු ටික වේලාවකට පසු රුමා නටන්නට පටන් ගන්නවා.සියලු දෙනාම දැන ගන්නවා රුමා කිසියම් දෙයක් පාවිච්චි කර ඇති බව.

 

චිරාත් ඇය ඔහුගේ නිවසට ගෙන යනවා.ඉන්පසු ඇය උදැසන අවදි වූ විට චිරාත් ඇයට බැන වදිනවා.ඇය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති නිසා ඇය ගැන මේ තරම් නිවසින් සොයන බවදඔහු කියනවා.කිසිවක් නොකියා රුමා නිවසට පැමිණෙනවා.පසුදින රුමා කොලේජයට පැමිණෙනවා.රුමා හා හන්ඩේ අතර සිදු වූ රණ්ඩුව හන්ඩේ පාසලේ ගුරුවරුන් හටයවනවා.ඇය එය කරන්නේ රුමාගේ ශිෂ්‍යත්වය නැති කිරීමටයි.රුමා හා හන්ඩේ කාර්යාලයට කැදවා සිදු වූ දේ විමසනවා.එතැනට පැමිණෙන චිරාත් සහ කුරායි හට රුමාගේ ශිෂ්‍යත්වය අහෝසි වීමට යන බව හන්ඩේ පවසනවා.රාත්‍රියේදි සමාජ ශාලාවේ ගත් වීඩියෝ පට කුරායි බලමින් සිටිනවා.එතැනදි ඔහු හන්ඩේ අයෙකු වෙත මත් පෙති දෙන අයුරු කුරායි දකිනවා.රුමාගේ තාත්තා සහ අයියා නැවත නිවසට පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *