මේ දින වල හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය තුර්කි නාට්‍යකි.මෙය ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂක ආදරය දිනා අවසන්.නිවසේ සිටින රුමාගේ පියා වන රිසා හට ඇමතුමක් ලැබෙනවා.ඉන් කලබල වන රිසා රුමා හට පවසන්නේ මෙහෙමට් අනතුරකට ලක් වී ඇති බවයි.ඉන්පසු රුමා සහ මෙහෙමට් පොලිසියට යනවා.එහිදි ඔහු චිරාත්ගේ වාහනය අනතුරකට ලක්කර ඇති බව දැනගන්නවා.එතැනට පැමිණෙන චිරාන් දැක රුමා බිය වෙනවා.ඉන්පසු ඇය එතැනින් සැඟවෙනවා.මෙහිදි චිරාත්ගේ පියා සහ රිසා අතර කතා බහක් සිදු වෙනවා.මෙය චිරාත්ගේ වරදක් බවත් එයට ඔහු තනිවම ගෙවාගන්නා ලෙස චිරාත්ගේ පියා පවසනවා.ඉන්පසු එතැනදි රිසා සිදු වූ අලාභය ගෙවන්නම් කියා කියනවා.ගෙය ගෙවීමට නොහැකි මුදලක් උවත් එයට ඔහු පොරොන්දු වෙනවා.නිවසට පැමිණෙන සියලු දෙනා රුමාගේ අම්මාගේ රත්තරන් බඩු ගන්නවා.එය විකුණා සල්ලි ගැනිමට ඔවුන් කතා වෙනවා.එය දැනගන්නා රුමාගේ මව ඉතාමත් දුක් වෙනවා.පසු දින යහළුවෙක් හමු වී ණය මුදලක් ඉල්ලා ගැනීමට රුමාගේ පියා පිට වෙනවා.නමුත් ඔහුට මුදල් ලැබෙන්නේ නෑ.

 

මේ අතර රිසා හමු වීමට එන සෙනාම් මැඩම් රුමා නැවත විශ්ව විද්‍යාලයට යවන ලෙස කියනවා.රුමා එය අසා සිටිනවා.මේ අතර රුමාගේ නිවාස සංකීර්ණයේ සිටින ගැහැණු දරුවෙකු ඇයට කෝපි එකක් එළියෙන් ගෙනවිත් දෙන ලෙස රුමාට කියනවා.එය ගැනිමට යන රුමාව චිරාත් දකිනවා.ඉන්පසු ඇයත් සමඟ චිරාත් කතා කිරිමට එනවා.නමුත් ඔහුව මඟහැර රුමා එතැනින් පිටව යනවා.මේ අතර චිරාත් සහ යහළුවන් රාත්‍රි සමාජ ශාලාවකට යනවා.එතැනට පැමිණෙන චිරාත්ගේ පෙර පෙම්වතිය කියු අයෙක් චිරාත්ගේ නිවසට යාමට පවසනවා.ඉන්පසු එතැනින් පිටවන චිරාත් ඇයව වෙනත් කාර් රථයක දමා යවනවා.මේ අතර නැවත විශ්ව විද්‍යාලයට යන ලෙස රුමාට ඇගේ පියා පවසනවා.චිරාත් නැවත අළුතින් කාර් රථයක් මිලදි ගත්තා.උදෑසන පැමිණෙන රුමා චිරාත් සහ යහළුවන් කාර් එකට සිදු වු දේ කතා කරමින් සිටිනවා.එය අසා සිටින රුමා එතැනට පැමිණ සියලු දෙනාටම බැන වදිනවා.ඉන්පසු ඇය චිරාත්ට බැන්නා කියා හන්ඩේ හට ඇගේ මිතුරියක් පැමිණ පවසනවා.මේ අතර රිසා තමන්ගේ ඉඩමක් විකිණිමට සුදානම් වෙනවා.මේ අතර හන්ඩේ රුමා ගැන සෙවීමට පටන් ගන්නවා.නමුත් ඇය ගැන කිසිදු තොරාතුරක් ඇයට අන්තර්ජාලයෙන් සොයාගනිමට බැරිවෙනවා.මේ අතර මෙහෙමට් තමා හට රස්සාවක් සොයාගැනිමට වෙහෙසෙනවා.පසුදින පැමිණෙන රුමා හට චිරාත් සහ කුරායිගේ කතා බහ ඇසෙනවා.ඉන් චිරාත් රාත්‍රියේ කිසිදු අයෙක් සමඟ නොසිටි බවත් එදා රෑ සිදු වූ දේ චිරාත් පවසනවා.ඉන්පසු රුමා එය අසා එතැනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *