හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල කාගේත් ආදරය දිනා අවසන්.සත්‍යාගේ පියා මරණය සිදු වූ නිවසට මල් වඩමක්ද රැගෙන පැමිණෙනවා.එය දකින ශිවා හට කේන්ති යනවා.මේ අතර සත්‍යාගේ නිවසට ජූඩ් පැමිණෙනවා.ඔහු සත්‍යාගේ කාමරයට ගොස් ඇයට කරදර කිරීමට සුදානම් වනවා.ඉන්පසු ඇය එතැනින් දිව ගොස් අම්මා වෙත යනවා.ශිවාගේ කමිස සාක්කුවේ තිබු සත්‍යා දුන් චිත්‍රයක් තාත්තා දකිනවා.ඉන්පසු එය දුන් කෙනා කවුද කියා ඔහුගෙන් අහනවා.රාත්‍රියෙදි ගිරිරාජ් සහ සත්‍යාගේ පියා කතා කරමින් සිටිනවා.පසු දින ජූඩ් ගේ මව සහ ජූඩ් පැමිණෙනවා.ඉන්පසු ඇය සත්‍යාගේ සහ ජූඩ්ගේ කසාදය කතා කිරීමට ආ බව කියනවා.සත්‍යා ශිවාගේ බයිසිකලයේ නැග යනවා.ඔවුන් එනතුරු බලා සිටින බාබු සිටින තැනට ජූඩ් පැමිණෙනවා.

ඉන්පසු ඔහු තමාගේ යාළුවා හට සත්‍යා වෙත ලංවෙන්න නොදෙන බව පවසනවා.සත්‍යා බසයේ නැග නිවසට එන විට තාත්තා ගේට්ටුව අසල සිටිනවා.ඉන්පසු ඔහු තෝමස් හට බසයට තවත් අය නගිනවද කියා අසනවා.එසේ නගින්නේ නැති බව ඔහු පවසනවා.මේ අතර සත්‍යා හට සයිවර් උවමනා බව ශිවාට කියනවා.පසුදින ශිවා සත්‍යා හට තෝසේ රැගෙන කොලේජ් එකට යනවා.ඔවුන් එතැනට යන විට ගේරාජ් එතැන සිටිනවා.ඉන්පසු ශිවා සහ බාබු ගේට්ටුවෙන් ඇතුලට පැමිණෙනවා.සත්‍යා නටන අයුරු ශිවා බලා සිටිනවා.සත්‍යා ශිවා දැක ඔහු අසලට එනවා.ඉන්පසු දෙදෙනාම තෝසේ කෑමට වෙනත් තැනකට යනවා.සත්‍යා සහ ශිවා තොසේ කමින් සිටිනවා.මේ අතර සත්‍යා හට කෑම එක දීමට ගේරාජ් පැමිණෙනවා.ඉන්පසු සත්‍යාගේ යහළුවන්ගෙන් සත්‍යා ගැන අසනවා.ඔවුන් ඇය ගැන නොදන්නා බව කියනවා.ඉන්පසු සත්‍යා සිටින තැනට ගේ රාජ් පැමිණෙනවා.සත්‍යා එළියට පැමිණ ගේරාජ්ගෙන් කෑම එක ගන්නවා.ඉන්පසු ඔහු එතැනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *