මේ දින වල සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි සිත්තම මේ වන විටත් ඉතාම වැඩි ප්‍රේක්ෂක ප්‍රත්චාර දිනාගමින් සිටිනවා.මෙය අරුණ ජයවර්ධන තිර රචනයෙන්,නිවන්ත ප්‍රසාර හා කසුන් තරින්ද්‍ර අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූවකි.මෙය වෙරළබඩ ජීවත් වන ජනතාව අතර ගලා යන සිද්ධි දාමයන් අලලා ගෙතුනු කතාවකි.මෙම ටෙලි සිතුවමට දක්ෂ රංගන ශිල්පින් ශිල්පියන් රැසක් දායක වෙනවා.ඒ අතර කෝකිල පවන්,මහෙන්ද්‍ර පෙරේරා,බිමල් ජයකොඩි,රන්දික ගුණතිලක,අමන්දා ජයරත්න,චමිලා පිරිස්,චතුර රාජපක්ෂ,තරින්දි ප්‍රනාන්දු,නිහාල් ප්‍රනාන්දු,දර්ශන් ධර්මරාජ්,ජයනි සේනානයක,කුමාර තිරිමාදුර,නිමල් පල්ලෙවත්ත,සරත් චන්ද්‍රසිරි,රිචඩ් මානමුදලි,මීනා කුමාරි,අංජන ප්‍රේමරත්න,මේනක රාජපක්ෂ,මිලින්ද පෙරේරා,නිමාශාද සිල්වා මේ අතර වන ශිල්පින් කීප දෙනෙකි.කතාවේ ආකාරයට මෙහි ප්‍රධාන චරිතය වන ශිවා සහ බාබු හොඳම යහළුන් වනවා.කතාවේ මුලදිම මෙම කතාවෙ සිටින ශිවා මැරයෙක් බව පසක් කරන්නේ ඔහු තනියම බෝට්ටුවකින් ගොස් කීප දෙනෙක් සමඟ රණ්ඩුවක් මීමෙනි.රණ්ඩුව ඉවර වි ශිවා සහ බාබු සැලොන් එකකට ගොඩ වී කොණ්ඩය පීරා ගන්නවා.ඔවුන් එයට ඇතුළු වන්නේ ඉතාමත් දන්නා හඳුනන තැනක ආකාරයට.ඉන්පසු ඔවුන් දෙදෙනො බසයක් පසු පස බයිසිකලයෙන් යනවා.බසයේ යන විට බයිසිකලය නතර වනවා.ඉන්පසු ශිවා දිව ගෙන විත් බසයට නගිනවා.

මේ අතර බසය නවත්වන තැනින් බසින්නේ ඉතාමත් ලස්සන ගැහැණු ළමයෙකිතඇය දෙස ශිවා ඉතාම ආදරයෙන් බලනවා.නිවසට පැමිණෙන ශිවා පියා සමඟ කෑම ගැනීමට සැරසෙයි උදැසන සිදු වු දේ ගැන ඔවුන් දෙදෙනා එය කතා කරමින් ඉන්නවා.මේ කතාව අතරතුර ශිවාට බයිබලය කියවා යන්න කියු විට නමුත් ඔහුට කියනොවෙන අකුරු ඇති බව තාත්තාට කියනවා.මේ කතාවේ සිටින වීරවර්ණ නම් මෙම ලස්සන ගැහැණු දැරියගේ පියා වෙනවා.වර්තමානය ලෙස නම්කර වර්තමානයේ සිදු වූ සිද්ධි දාමයක් වෙනාව.එහිදි සුදු මැණිකේ ලෙස තම දියණිය අමතන ඔහු හිතින් මවා ගත් තම දියණියට ජීවමාන සිටින කෙනෙකු යැයි සිතා සැලකුම් කරනවා.ඉන්පසු ඔහු අසලට පැමිණෙන පියා මෙම බොරුව කවදා වන තෙක් කරන්නද කියා ඔහුගෙන් අසනවා.ඉන්පසු මෙය පරම්පරාවේ නම්බුව පිළිබඳ ප්‍රශ්ණයක් බව කියනවා.කැම්පස් ඉවර වි නිවසට පැමිණෙන සුදු මැණිකගේ පසු පස පිරිමි ළමයෙකු පැමිණෙනවා.ඔහු ඇයට කරදර කරන බව පෙනෙනවා.සුදු මැණිකේගේ අතින් අල්ලා ගන්නා ඔහු බලෙන් හෝ ඇය තමා සතු කරගන්නා බව කියනවා.මේ අතර එක්තරා ගැහැණු කෙනෙක් වෙත පැමිණෙන සුදු මැණිකේ ඇගේ අත අත ගා එතැනින් යනවා.අය එක්තැන් වී සිටින අයෙකි.එතැනට පැමිණෙන පෙර කියු පිරිමි ළමයා පැමිණ ඇයටද තර්ජනය කැනවා.මේ අතර ශිවාගේ පියා සියලු දෙනා කැදවා වීරවර්ණ මහතා ඔවුන්ගේ ඉඩම් වල හෝටලයක් ගැසිමට යන බව කතා වෙමින් ඉන්නවා.ඉන්පසු එයට සියලු දෙනා අකමැති බව පවසනවා.රාත්‍රියෙදි සුදු මැණිකේ වෙත පැමිණෙන වීරවර්ණ මහතා ඈ හට කවුරුන් ඇයට ඇල්මක් දක්වනවානම් එයින් ඇත් වී සිටින ලෙස කියනවා.

සෑම දිනම බාබු සහ ශිවා සුදු මැණිකේ යන බසය පසු පස යනවා.බසය යන මාර්ගයේ ඇන්ටන් වැතිරි සිටිනවා.ඉන්පසු ඔහු බීමත්ව ඇතැයි සිතා ශිවා ඔහු අසලට විත් අසනවා.ඉන්පසු සියලු දෙනා අතර ගැටුමක් ඇති වෙනවා.මේ අතර බසය පසු පස සුදු මැණිකේ හට කරදර කරන පුද්ගලයාද පැමිණෙනවා.ඉන්පසු ඇයට තම බයිසිකලයේ යාමට එන බව කියන ඉන්පසු එතැනින් දිව යන ඇන්ටන් හට ගසන පාරක් ඒ ඇයට කරදර කරල පුද්ගලයාටද වැදෙනවා.මේ සියලු දේ සුදු මැණිකේ බලා සිටිනවා.පසු දිනත් සුදු මැණිකේ බැලීමට ශිවා පැමිණෙනවා.ඔහුට ස යන්න කියා ගැනිමට නොහැකි නිසා බාබු හට සුදු කියන්නට කියා ඔහු මැණිකේ කියා කැ ගසනවා.ඉන්පසු සුදු මැණිකේ තමන්ගේ නම සුදු මැණිකේ නොවන බවත් පවසා ඇගේ නම බස් රථයේ ලියනවා.ඇගේ නම සත්‍යා වනවා.ඉන්පසු ඔහුට ස යන්න කියවා ගන්න නොහැකි නිසා ඔහු අත්‍යා ලෙස කියනවා.ඉන්පසු බාබු ශිවා හට ස යන්න කිවීමට හුරු කරනවා.නමුත් ඔහු අත්‍යා ලෙසම කියනවා.මේ අතර සුදු මැණිකේගේ තාත්තා අළුතින් බෝට්ටුවක් දියත් කිරීමේ උත්සවයක් පවත්වනවා.ඉන්පසු එයට ශිවා සහ බාබුද පැමිණෙනවා.ඉන්පසු සත්‍යාද පියා සමඟ පැමිණෙනවා.සත්‍යා සහ පියා එතැන සිටි අයට කිරිබත් බෙදමින් සිටිනවා.ඉන්පසු ශිවාද පෝලිමේ පැමිණ කිරිබත් කෑමට සිටිනවා.නමුත් ශිවා ඇය ළඟට ගිය විට ඇය ශිවාට කිරිබත් නොබෙදා අනෙක් අයට බෙදනවා.ඉන්පසු එයට කෝප වන ශිවා බලෙන්ම කිරිබත්බෙදාගන්නවා.කෝපයෙන් කිරිබත් කන ශිවා වෙත වැල්ලේ ශිවාගේ පසු පස එන කෙල්ලක් පැමිණෙනවා එය දකින සුදු මැණිකේ දුකින් බලා සිටිනවා.ඉන්පසු එය එතැනට එන කෙල්ලටද තේරේනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *