සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාව ඔස්සේ විකාශය වන නවතම කතාව වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් මෙසේ ගලාගෙන යනවා.සත්‍යා සහ ශිවා දුපතකට ගොස් කතා බස් කරමින් සිටිනවා.මේ අතර සත්‍යාගේ පියා වැල්ලේ ඉඩම් තුල හෝටලයක් සෑදිමට සුදානම් වෙනවා.මෙයට අකමැති බව එහි සිටින මිනිසුන් පවසනවා.වෙනත් තැනක ඉඩම් ඇති බව පැවසුවද ඔවුන් එයට අකමැති වනවා.දුපතට ගිය සත්‍යා සහ ශිවා නැවත පැමිණෙනවා.ඔවුන් එන විටත් බාබු සත්‍යා නිවසට යන බසය ගෙනැවිත් තිබුනා.ඉන්පසු ශිවා සත්‍යාව එහි නිවසට පිටත්කර යවනවා. නිවසට පැමිණෙන සත්‍යා ශිවා සමඟ සිටි සිදුවීම් මතක් කරමින් සිටිනාවා.මේ අතර එතැනට පැමිණෙන සත්‍යාගේ පියා එදින සිදු වූදේ විමසනවා.

ඉන්පසු ඇය පන්තියේ සිදු වූ දේ කියා දේවල් ටිකක් පවසනවා.මේ අතර සැම්සන් සහ මාක් රත්‍රියේදි මත්පැන් පානය කර කතාබස් කරමින් පැමිණෙනවා.එතැනදි තවත් දෙදෙනෙකුගේ උදව්වෙන් සැම්සන් මාක් හට පිහි ඇනුමක් සිදු කර එතැන දමා යවා.පසු දින සත්‍යාගේ බසය පිටුපස එන ශිවා හා බාබු උදෑසන රැස්ව සිටින පිරිස දැක එතැනට යනවා.එහි යන ඔවුන් දෙදෙනා හට මැරි ඇති මාක් දකිනවා.කේන්තියෙන් බලා සිටින ශිවා දැක ඔහුගේ පියා එතැනට පැමිණ ශිවාගේ අත අල්ලා ගන්නවා.මේ අතර එතැනින් පිට වන ශිවා සහ බාබු මෙම සිදු වීම වීරවර්ණගේ වැඩක් බව කතා කරමින් සිටිනවා.මේ අතර සත්‍යා ශිවාහට ඇමතුමක් ලබා ගන්නවා.එහිදි මේ දේවල් වලට ඔහුට මැදිහත් නොවන ලෙසත් ඇය බැලිමට හවස පාරට එන ලෙසත් ඔහුට කියනවා.ඉන්පසු ශිවාහට ශිවාගේ පියා ඇමතුමක් ගෙන නිවසට පැමිණෙන ලෙස කියනවා. නිවසට යන ශිවා හට ශිවාගේ පියා සැම්සන් උදෑසන මුහුදු ගොස් ඇති බවත් ඔහු වැඩ කරන්නනේ වීරවර්ණ මහත්තාට බවත් පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *