හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල ඉතාම ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.මෙහිදි සත්‍යාගේ පියා වැල්ලේ මිනිසුන්ගේ ගෙවල් ඇති තැන හෝටලයක් සෑදීමට යාම කෑම මේසේ කමින් සිටියදි කතා වෙමින් සිටිනවා.පසු දිනත් සත්‍යා එන බස් එක ශිවා සහ බාබු ලුහු බඳිනවා.එක්වරම බසය නවත්වන රියදුරු ශිවා වෙත පැමිණ බසය කැඩි ඇති බවත් සුදු මැණිකේ විදුහලෙන් දාන බවත් පවසනවා.ඉන්පසු සුදු මැණිකේ බසයෙන් බැස ශිවාගේ බයිසිකලය වෙත නගිනවා.දෙදෙනාම බයිසිකලයේ නැග විද්‍යාලයට පැමිණෙනවා.මේ අතර සත්‍යා ඇගේ මිතුරියට ශිවා ගැන කියනවා.මේ අතර ශිවා සහ බාබු මුහුදේ මාළු අල්ලමින් සිටිනවා.ඉන්පසු බාබු ශිවා හට හොඳ දුරකථනයක් ගැනීමට උවමනා බව කියනවා.ඉන්පසු මහන්සි වී සල්ලි සෙවිය යුතු බව බාබු කියනවා.පසු දින සත්‍යාගේ බස් එක එනතුරු ශිවා සහ බාබු බලා සිටිනවා.බස් එකේ යන සත්‍යා කොළක් ඔවුන් දෙසට විසික් කරනවා.ඉන්පසු එය අහුලා ගන්නා ශිවා සහ බාබු එය කියවනවා.එහි ශිවාගේ දුරකථන අංකය ඉල්ලා සිටිනවා.මේ අතර සත්‍යාගේ එක්තැනි වි ඇති මව ඇගේ අතීතය පොතක සටහන් කරමින් සිටිනවා.

මේ අතර ශිවා සහ බාබු කොලයක ශිවාගේ දුරකථනය ලියා සත්‍යා හට පෙන්වනවා.සත්‍යා එය තමාගේ අතේ ලියා ගන්නවා.ශිවාගේ යහළුවෙකුගේ සැලෝන් එකකට ගොස් ශිවා තමාගේ දුරකථනය චාර්ජ් කරනවා.ඉන්පසු එයට ඇමතුමක් එනතුරු බලා සිටිනවා.මේ අතර සත්‍යා තමාගේ යහළුවාගේ දුරකථනය ඉල්ලා ශිවා හට ඇමතුමක් දෙනවා.ශිවා නාමින් සිටින තැනට කැතරින් පැමිණෙනවා.ඉන්පසු ඇය ශිවා හට කොච්චි සම්බෝල සමඟ මඤ්ඤොක්කා ගෙනැවිත් දෙනවා.ඉන්පසු එය රැගෙන ශිවා එතැනින් පිටව යනවා.ඉන්පසු එය බලා සිටින ජූඩ් කැතරින් හට කතා කර ශිවා සමඟ ඔහුට ගණුදෙනුවක් ඇති බව පවසනවා.පසු දින සත්‍යා නැවතත් බස් එකේ යමින් ගමන ශිවා හට කොලයක් විසික් කරනවා.එහි ශිවාගේ රුව සහ පසු දින පාලම අසලදි ඇය හමුවන බව එහි ලියා තිබුණි.පසුදින කතාකරගත් ආකාරයට සත්‍යා පැමිණෙනවා.ඉන්පසු ශිවා සත්‍යා හට කණ්ණාඩියක් හා ඔළුවට රෙද්දක් දමා හඳුනාගැනිමට නොහැකි ලෙස කැඳවාගෙන යනවා.ඉන්පසු බෝට්ටුවක් අසලට වී බාබු ඔවුන් එනතුරු සිටිනවා.එතැනට පැමිණෙන ඔවුන් එම බෝට්ටුවේ නැග යනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා නිදහස් තැනකට ගොස් කතා බහ කරමින් සිටිනවා.එහිදි ශිවා හට ‘ස’ යන්න කියාගැනීමට නොහැකි බව සත්‍යා හට ශිවා කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *