සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය නවක රංගන ශිල්පින් ශිල්පිනියන් රැසකගේ සහභාගිත්වයෙන් නිර්මාණය වූවකි.මේනක රාජපක්ෂ,උමාලි තිලකරත්න,හේෂාන් මනුල,මිෂෙල් දිල්හාරා,නිත්‍යා දේවින්දි,තුසිත රණවීර,නුවන් ගුණසේකර,දිනිති වල්ගමගේ,ලෝචනා ජයකොඩි,විරාජ් ධනුෂ ආදි රංගන ශිල්පින් රැසකගෙන් මෙය සමන්විත වෙනවා.උදය ප්‍රියන්ත කංකානම්ගේ රූපවාහිනි රචනයෙන්, ගීතාංජනද කොස්තා නිෂ්පාදනයෙන් සහ ධනුෂ්ක රේමන්ඩ් අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූවකි.කතාව ආරම්භයේදිම නිකේෂලා සමරසිංහ,රාදික ජයමාන්න සහ උවිදු දිසානායක නමින් රේස් තරඟ වදින තිදෙනෙකු සහ ඔවුන්ගේ විස්තර පෙන්වනවා.මෙය කාර් රේස් පදින කතාවක් අලලා නිර්මාණය වූවක් බව පසක් වෙනවා.මේ අතර MAKEUP දමමින් තම ඡායාරූප ගනිමින් සිටින එක් තරුණියකි.ඇය නමින් රන්දුලි නම් වෙනවා.ඉන්පසු ඇය කරමින් සිටින VIDEO එකට එතැනට පැමිණෙන අම්මා සහ තාත්තා ඇයට බැන වදිනවා.පරක්කු වී රස්සාවට පැමිණෙන උවිදු දැක එතැන සිටින එක ගිම්හානි මිස් ඔහුට බනිනවා.ඉන්පසු එයට සමාව ඉල්ලා ඔහු එතැනින් පිට වනවා.උවිඳු හට පැරදුන රාදික හා නිකි ඔවුන් හට උන ලැඡ්ඡාව ගැන කතා කරමින් සිටිනවා.ඉන්පසු නැවත රාදිකට EVENT එකක් ලෑස්ති කරන ලෙස පවසනවා.මේ අතර උවිදු රස්සාව කරන ආයතනයට අළුතින් ගැහැණු දරුවෙකු පැමිණෙනවා.ඇය නමින් දේවානි නම් වෙනාව.

 

ඇය විනාඩි 45ක් ප්‍රමාද වී පැමිණි නිසා ගිම්හානි මිස් ඇයව ආයතන ප්‍රධානියා එනතුරු එතැන තබාගන්නවා.ඉන්පසු ඇය සමඟ ගිම්හානි මිස් කතා කරනවා.තමාගේ පියා නැති වී ඇති බවත් ඇය මේ රස්සාවට කැමති බවත් පවසනවා.ඉන්පසු ඇයව මෙම රස්සාවට ගන්නා ලෙසත් පවසා හෙට සිට වැඩට එන ලෙස පවසනවා.මේ කතාවේ නසීරා නම් එක් මුස්ලිම් තරුණියකි.ඇය මුස්ලිම් ගැහැණු දරුවෙකි.ඇය පොඩි දරුවන් හට සිංදු උගන්වමින් සිටිනවා.එතැනට පැමිණෙන එක්තරා තරුණයෙක් ඇයට බැන වදිනවා.කෝපයෙන් ඔහු එතැනින් පිටව යනවා.නසීරා පාරේ එන විට එතැනට උවිදු පැමිණෙනවා.ඉන්පසු සිදු වූ දේ ඔහුට පවසනවා.රන්දුලි තමන්ගේ චැනල් එකට වීඩියෝ එකක් දැමීමට සුදානම් වෙනවා.එතැනට පැමිණෙන උවිඳු එයට විහිළු කරනවා.උවිඳු රන්දුලිගේ අයියායි.රාදික උවිඳුගේ ආයතනගේ ප්‍රධානියාගේ පුතායි.ඒ අතර උවිඳු රැකියාව කරන තැනට පැමිණෙන දේවානිගේ පියාත් එම ආයතනයේ ප්‍රධානියායි.රාදික සහ දේවානි ගේ පියා උවිඳුගේ ආයතනයේ ප්‍රධානියාගේ දරුවන් දෙදෙනායි.දේවානි හට මේඝා නමින් අමතා ඇයට අවවාද කරනවා.ඉන්පසු ඇයට විශේෂ සැලකිල්ලක් නැති බවත් ඇයට පවසනවා.ඇයට උවමනා වන්නේ ඇගේ දක්ෂකමින් වැඩ කිරීමට බව ඇය පවසනවා.පසු දින මේඝා සහ අම්මා අතර වන කතාබහේදි දැන් සිටින්නේ මේඝාගේ ඇත්ත තාත්තා නොවනබවත් මේඝාගේ මව දෙවන වරකරගත් කසාදයේ ස්වාමියා බවත් අප දැනගන්නවා.තමන්ගේ දෙවන විවාහයේ සැමියා මේඝාට සලකන විදිහ ගැන ඇගේ අම්මා දුක් වෙනවා.මේ අතර තේ ආයතනයේ ප්‍රධානියා මැරයෙක් හට නසිරා පන්ති කරන බස් රථය අයින් කරවන ලෙස කියනවා.එසේ නොමැති උවහොත්ඔවුන්ට කුණු දැමිමට නොහැකි බව පවසනවා.නසිරා තමන්ගේ පන්තියේ ළමුන් එක්කගෙන ගොස් කෑම අරන් දෙනවා.එතැනට පැමිණෙන එක් තරුණයෙකුඇය දෙස ඉතා විමසිල්ලෙන් බලනවා.ගිම්හානි මිස්ගේ කීමට දේවානි උඳුල්ගේ තැන ඉදගෙන වැඩ කරමින් සිටිනවා.ඉන්පසු එතැනට පැමිණෙන උඳුල් ඇයට බැන වදිනවා.එතැනට එන ගිම්හානි මිස් උවිඳුට බැන එතැනින් එළවා ගන්නවා.

 

ඉන්පසු රන්දික උවිඳු හට ගැසීමට තීරණය කරනවා.ඉන්පසු ඔහු ගැන සෙවීමට උවමනා බව රාදික ඔහුගේ මිතුරා වන රයන් හට පවසනවා.මේ අතර රාදිකගේ යහළුවන් උවිඳුගේ නිවස සොයාගන්නවා.මේ අතර නසිරාගේ නිවසට පැමිණෙන පිරිස තමනගේ දරුවන්ගේ පන්තිය නොපවත්වන බව කියනවා.මෞලාන වන නසිරාගේ පියා ත්‍රස්තවාදයට සම්බන්ධ කෙනෙක් කියා ඔවුන් පවසනවා.එතැනට පැමිණෙන උවිඳු ඔවුන්ට බැන වදිනවා.නැවතත් නසිරාගේ පන්තිය වෙත පැමිණෙන මැරයින් දෙදෙනෙක් ඇයට මෙය අයින් කරගන්නා ලෙස කියනවා.බස් එක අසලට කුණු ගෙනැවිත් දමා ඇතිබවත් මෙයට එම මැරයන් සම්බන්ධ වී ඇති බවත් ඇය උවිඳුට පවසනවා.උවිඳු හට රන්දික රේස් එකක් තැබීමට සුදානම් වෙනාව.එය උවිඳු බාරගන්නවා.එය පැරදුන කෙනා රාත්‍රි කෑම තමන්ගේ නිවසේ දිවයුතු බව රන්දික කියනවා.මේ අතර නසිරා හට කරදර කරන මැරයන් උඳුල්ගේ බාප්පාගෙන් නසිරා ගැන විමසනවා.මේ අතර ඔහු සියලු විස්තර ඔවුන් සමඟ පවසනවා.මේ අතර නසිරා පන්ති කරන තැනට පැමිණෙන මැරයින් ළමුන් හට දුම් ගසා නසිරාව එතැනින් පැහැරගෙන යනවා.මේ අතර නසිරා හට වාහනයේ ගෙන යන විට සිහිය එනවා.ඉන්පසු ඇය කෑ ගසනවා.ඉන්පසු එය දේශිතගේ මව දකිනවා.මේ අතර උවිඳු තරඟයට පැමිණෙනවා.ඉන්පසු ඔහුට මෞරාන අන්කල් උවිඳුට කතා කර නසිරා නැති බව කියනවා.ඉන්පසු එහිදි උවිඳු පරාද වෙනවා.මේ අතර නිවසට පැමිණෙන දේශිතගේ මව සිදු වූ දේ දේශිතට පවසනවා.මේ අතර නසිරාගේ නිවසට උවිඳු විස්තර අසනවා.ඉන්පසු වෑන් එක සොයාගන්නා බව උවිඳු පවසනවා.මේ අතර උවිඳුගේ බාප්පා නසිරා සොයා මැරයින් වෙත පැමිණෙනවා.ඉන්පසු ඔහුට බැන එතැනින් පිට කරනවා.මේ අතර දේශිත පොලිසිය සමඟ නසිරා සොයා පැමිණෙනවා.නිවසට පනින දේශිත නසිරා සොයාගන්නවා.නසිරා දැක ඔහු බොහොම පුදුම වෙනවා.මේ අතර උවිඳුගේ නිවස කියා බොරු නිවසක උවිඳ රාත්‍රි කෑම දීමට රාදිකට ආරාධනා කරනවා.මේ අතර සිටින රාදිකගේ යහළුවෙකු උවිඳු කරන කියනවා.ඉන්පසු සියලු දෙනාට කෑ ගසා උවිඳු තමා සියලු දේ පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *