මේ දින වල සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂකයින් අතරට ගොස් හමාරය.නැති වී තිබු රන්දුලිගේ දුරකථනය හමු වෙනවා.එය හමු වුනේ ඇඳයට තිබී බව ඇය බාප්පා හට කියනවා.මේ අතර නසිරා ළමුන් සමඟ මුහුදු වෙරළට එනවා.දේශිතද ඔහුගේ පෙම්වතිය සමඟ එතැනට පැමිණ සිටිනවා.බස් එකක් එනතුරු සිටින උවිඳු හට මැරයින් පිරිසක් පැමිණ උවිඳුට ගහනවා.ඉන්පසු එතැනට එන ගිම්හානි මිස් සහ දේවානි පැමිණෙනවා.ඉන්පසු උවිඳු කාර් එකේ දමාගෙන එතැනින් පිටව යනවා.දේශිතව දකින නසිරා එතැනට පැමිණෙනවා.ඉන්පසු විස්තර කතා කරමින් ඉඳ එතැනින් පිටව යනවා.උවිඳුව ගිම්හානි සහ දේවානි රෝහලට ගෙන යනවා.මේ අතර ගිම්හානිගේ යාළුවෙක් වන ආරණ්‍යා හට අමතන ගිම්හානි උවිඳු ඇය වෙත කැටුව එනවා.මේ අතර ගිම්හානි ආරණ්‍යාගේ නිවසට පැමිණි පසු දේවානි දකින ආරණ්‍යාගේ පියා කලබල වනවා.මේ අතර ආරණ්‍යා හට ඇගේ පියා ගිම්හානි වෙත ගොස් මේඝා ගැන විස්තර අසන ලෙස පවසනවා.අත කඩාගෙන සිටින උවිඳු රාදික හමුවීමට යනවා.නසිරා හමුවීමට එන දේශිත ඇයට ඔහු හමු වීමට එන ලෙස කියනවා.නමුත් ඇය එය ප්‍රතික්ෂේප කරනවා.නමුත් ඇය නාවොත් ඔහු එතැනින් නොයන ලෙස කියනවා.රාදික වෙත පැමිණෙන උවිඳු ඔහුට බැන වදිනවා.මැරයන් ලවා ගැස්සවූ බව ඔහු දන්නා බව පවසා ඔහුට බැන වදිනවා.ක්ල්ෆර්ඩ් ඇගේ පෙම්වතියගේ රූපලාවන්‍යාගාරයට පැමිණෙනවා.තමුන් ඉක්මනින් පිටරට යායුතු බව ඇයට කියනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *