සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනිය තුළින් විකාශනය වන පොර්ක් වීදිය ටෙලි නාට්‍යය මේ වෙද්දි ගොඩක් දෙනා අතර ජනප්‍රියයි. ඉතින් ඔන්න මේ වෙද්දි මන්දාකිණි ඇගේම බිස්නස් එකක් පොර්ක් වීදිය තුළ ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතිං ඇය මේ ගැන ෆේස්බුක් ලයිව් එකක් මගින් ඇයගේ රසික රසිකාවියන්ට දැනුම් දෙනවා. ඉතින් ඇය මේ ෆේස්බුක් ලයිව් එක මගින් ඇය සාදන කෑම වර්ග ගැන කියමින් ඒවායේ රස බැලීමට හවස් යාමයේ පොර්ක් වීදියට පැමිණෙන්න කියා ඇගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා.. ඉතින් ඇය මේ විදියට ඔවුන්ව දැනුවත් කරන්නේ ඒ තුළින් ඇයට බිස්නස් එක දියුණු කර ගැනීමට හැකි වන නිසයි. ඉතිං ඔන්න ගීත් ගුරු කාමරයට වී එදින රාත්‍රියට කෑම සෑදීමට  අවශ්‍ය කරන දෑ සූදානම් කරමින් ඉන්න අතරතුර එතැනට ඇයගේ සැමියා පැමිණෙනවා. ඒත් සමගම ගීත් ඔහුගෙන් පොර්ක් වීදියට පැමිණි නිළිය එතනින් එලෙව්වා ද කියා විමසද්දී ඔහු විසින් ඇය එතන බර්ග සාදා විකුණන බව ඈයත් සමගින් පවසනවා. ඉතින් මේ වෙලාවේ පෝක් වීදිය තුළ සිය රැකියාවන් කරන සියලු දෙනාම බියට පත් වී තමයි සිටින්නේ.. ඒ ඒ තැනට මන්දකිණි පැමිණ බිස්නස්  කරන නිසයි.

ඉතිං ඔන්න එදින සවස ගීත් ඇගේ සැමියා ද සමගින් සුපුරුදු පරිදි ඔවුන්ගේ වෙළඳාම සිදු කරන්නට පොර්ක් විදියට පැමිණෙනවා. එදා දවසේ ඔවුන්ට වෙනදාට වඩා ඔවුන්ගේ කෑම විකුණුන නිසා ඔවුන් හිතනවා මන්දාකිණි පොර්ක් විදියට පැමිණියාත් සමඟම  ඔවුන්ගේ බිස්නස් වැඩි වූ බව. ඉතින් ඔය අතරම පොර්ක් වීදිය තුල වෙළඳාම් කරන දමිතා සහ ධර්මප්‍රිය ඩයස් හිතනවා සති අන්තයටත් වඩා සතියේ දින වලදී මෙසේ බිස්නස් වැඩි වූයේ කෙසේ ද කියා ඔවුනුත් කල්පනා කරනවා. ඉතිං මේ වෙලාවේ සියලු දෙනාම ඉතාම සතුටින් තමයි ඉන්නේ ඔවුන්ගේ එදා දවසේ විකුණන්නට ගෙන අ සියලු දේවල් ඔවුන්ට විකුණා ගැනීමට හැකිවූ නිසයි.. ඉතින් මේ නාට්‍ය තුළ අන්ධ චරිතයක් රඟපාන ලබන දුලිකා මාධනී පොර්ක් වීදිය තුළ සිදු කරන්නේ ගීත ගායනා කිරීමයි. ඉතිං ඇයගේ එ ගීත ගායනා කරනවා බලන්න පොර්ක් විදියට ගොඩක් මිනිස්සු පැමිණෙනවා. ඉතින් ඇය ගීත ගායනා කරමින් තමයි ජීවත් වෙන්න මුදල් සොයා ගන්නේ.

ඉතිං ඔන්න මේ වෙලාවේ ධර්මප්‍රිය ඔහුගේ සහ කමනිගෙ ආදර කතාව ගැන එතැන සිටින පොත් ලියන  පුද්ගලයෙක් සමගින් පවසනවා. ඉතිං ඒ වෙලාවේ ඔවුන්ගේ ආදරයට ආව බාධක ගැනත් ,ප්‍රශ්න ගැනත් ඔහු සමගින් පවසුවා. ඒ වෙලාවේ කමනිගේ වයස ඔහුට වඩා ඉතාමත් අඩු බව ඔහු සමගින් පැවසුවා. ඉතින් මේ වෙද්දි ධර්මප්‍රියට සහ කමනිට දරුවන් තිදෙනෙක් සිටිනවා. ඉතින් මේ නවකතා ලියන පුද්ගලයා පොර්ක් වීදියේ සිටින අයගේ චරිත ගැන තමයි ඔහුගේ නවකතාවලට ලියනු ලබන්නේ. ඉතිං ඔන්න මේ අවස්ථාවේ පොර්ක් විදියට පැමිණෙන වංගෙස මන්ත්‍රීතුමා  මන්දාකිණි ළඟට පැමිණ සෙල්ෆියක් ගැනීමට උත්සාහ කරද්දී ඇය එයට පෙනී නොසිට ඔහු ගාව තිබෙන සෙල්ෆි ඇති බව පවසනවා. ඉතිං මේ වෙලාවේ  ඔහුට නොකියා මෙවැනි රැකියාවක් කරන්න සිතුවේ ඇයි දැයි ඇයගෙන් විමසනවා. ඒ වෙලාවේ ඇය ඇගේ කිසිම වැඩකට කිසිවෙක් හවුල් කර නොගන්නා බව පවසනවා.. ඒ වෙලාවේ ඇයට කිසිම උදව්වක් ඔහුගෙන් අවශ්‍ය නැති බව පවසද්දී ඔහු බලෙන්ම ඇයට උදව් කරන්නට පෙලඹෙනවා.

ඉතින් මේ විදියට වංගෙස මන්දාකිණි වෙළඳාම් කරන තැන සාදන කෑම කමින් සිටිනවා.. ඇය ඔහුට එතැනින් යන්නට කීවත් ඔහු එතනින් පිට වූයේ නැහැ. ඉතින් මේ විදියට ඔහු ඇගේ පස්සෙන් එන්නේ අපට සිතන හැටියට ඇයට ඔහු කැමති නිසයි.. නමුත් ඇය නම් ඔහුව ගණන් ගන්නේ නැහැ. ඉතිං ඔන්න ඔය අතරේ චෙනු සහ දෙව් කෑම සකසමින් පොර්ක් වීදිය තුළ සිටින අතරතුරදී චෙනුගේ අම්මා ඇයට දුරකතන ඇමතුම් දිගින් දිගටම ගන්නවා. නමුත් ඇය ඒ කිසිවකට පිළිතුරු නොදී ඇගේ වැඩේ කරමින් සිටිනවා. ඉතින් මේ වෙලාවේ එතැනට පැමිණෙන දෙව් දුරකථනයට පිළිතුරු දෙන ලෙස ඇගෙන් ඉල්ලා සිටියත් ඈ පිළිතුරු නොදී සිටි නිසා දේව් දුරකථන ඇමතුමට පිළිතුරු දෙනවා. ඒ වෙලාවේ චෙනුගේ අම්මා විසින් ඔවුන්ගේ විවාහය රූපවාහිනිය තුළින් පෙන්වූ බව දෙව් සමගින් පවසනවා. ඉතින් ඔන්න මේ වෙලාවෙදිම චෙනු සහ දෙව් ඔවුන්ගේ වාහනය තුල සිට youtube ඔස්සේ ඔවුන්ගේ විවාහය නරඹමින් තමයි සිටින්නේ.. ඉතින් මේ වෙලාවේ ඒ බලනවත් සමගම ඔවුන්ගේ සිත් ටිකක් රිදෙනවා. මොකද ඔවුන් එම වීඩියෝව තුලින් පවසනවා විවාහ වූ පසු නිදහස තමයි ඔවුන්ට ප්‍රථමයෙන් අවශ්‍ය බව. නමුත් මේ වෙද්දි නම් ඒ නිදහස නැති වෙලයි තියෙන්නේ. ඉතින් ඔවුන් විවාහ වෙන අවස්ථාවේ සිතූ සිතුම් පැතුම් කිසිවක් මේ වෙද්දි සැබෑවක් කර ගන්නට නොහැකි වූ නිසා ඔවුන් දුකින් තමයි සිටින්නේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *