ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල ඉහළ ප්‍රතිචාර ලබමින් ගලාගෙන යනවා.සතියේ දින වල රාත්‍රි 8.30ට මෙය විකාශය වනවා.රෙහාන්ගේ මව සහ රුවිනි රෙහාන්ගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් ආරියසේනගෙන් සරනි යනු කවුද බවත් නිවසට වෙනත් ගැහැණු අය එනවාදි කියා අසනවා.බන්ඩා හට වත්සලා ගැන සෙවීමට රෙක්සි බාර දෙනවා.ආරියසේනගෙන් ප්‍රශ්න කරන රෙහාන්ගේ මව රෙහාන්ට ඇමතුමක් ගෙන සරනි යනු කවුද බව විමසනවා.පසු දින වත්සලා නැවත ඩාලිං අක්කාගේ නිවසට පැමිණෙනවා.වත්සලා එලෙස ඔවුන් පිටුපස පැමිණෙන්නේ කිසියම් දෙයක් සෙවීමට බව ඩාලිං ඇයට පවසනවා.ඇය අවශ්‍ය සියලු තොරතුරු ලබා දීමට රුපියල් ලක්ෂයක් ලබා දුන්නොත් සියලු දේ පවසන බව ඔවුන් කියනවා.

ඉන්පසු ඇය නැවත පැමිණෙන්නම් කියා එතැනින් පිටව යනවා.ඇය එන අතරමග රෙහාන් ඇයට ඇමතුමක් ලබා දෙනවා.එතැනින් යන බන්ඩා හට වත්සලා රෙහාන්ගේ නම ඇසුනු පසු සැඟවී අසා සිටිනවා.ඉන්පසු ඔහු වත්සලාගේ දුරකථනය ගෙන දුව යනවා.ඇය නැවත ඩාලිං අක්කාගේ නිවසට පැමිණ සිදු වූ දේ පවසනවා.ඉන්පසු ඔවුන් නොදන්නා බව පවසනවා.දුරකථනය ගෙන පැමිණෙන බන්ඩා සියලු දෙනා සමඟ ඇගේ දුරකථනය බලනවා.එම දුරකථනයෙන් ඔහු නානායක්කාර හට ඇමතුමක් ලබා දි ලක්ෂ 20ක් ඉල්ලනවා.ඩේමින් සහ නානායක්කාර ඇයට කිසියම් දෙයක් කිරීමට මැරයන් දෙදෙනෙක් හට බාර දෙනවා.නමුත් දුරකථනය බන්ටි නොවන බව ඔවුන් දැන සිටි නැති නිසා ඔවුන් මැරයන් හට ලබා දෙන්නේ වත්සලාගේ විස්තරයි.පසුදින උදැසන රෙක්සි රෙහාන්ගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු රෙහාන් හට වත්සලා වෙත ඇමතුමක් දි ඇය සමඟ කතා කිරීමට කියනවා.එම ඇමතුම බන්ඩා සහ බන්ටි දකිනවා.එය දකින බන්ටි හට කේන්ති යනවා.කෝප වන බන්ටි රෙහාන් හට ඇමතුමක් දි වත්සලා යනු කවුද සහ ඇයට ඔහු ඇමතුම් ලබා දි ඇති ද කියා විමසනවා.නමුත් ඔහු එසේ අමතා නැති බව බන්ටිට කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *