මේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂක හදවත්තුල කුතුහලය දනවමින් ගලාගෙන යනවා.සිකුරා සහ ඩාලිං අක්කා වත්සලාගේ කාර් රථයට නැග රෝහලය වෙත යනවා.ඉන්පසු එතැනින් නොනවතින වත්සලා ඔවුන් සමඟ රෝහලටද යනවා.මේ අතර බන්ඩා හට ඇමතුමක් ගන්නා රෙක්සි ආණ්‍යා හට බානු හමු වීමට කැමති බව පවසා ඔවුන් සිටින තැනට ඇය එන බව පවසා ඔවුන් පුහුණු වන තැනට ඇයට ඒමට සුදනම් වනවා.ඉන්පසු සියලු දෙනා ආණ්‍යා හට පෙන්වීමට ස්ටුඩියෝ එකක් සොයනවා.ඉන්පසු මොවුන් හට ස්ටුඩියෝ එකක් හමු වෙනවා.මේ අතර වත්සලා උදාරි හට ඇමතුමක් ලබා දි ඇය රෙහාන් හට තෑග්ගක් හදන බවත් උදාරි ළඟ ඇති ඔවුන්ගේ පින්තූර දෙන බව පවසනවා.බන්ඩා සහ බන්ටි නානායක්කාරගේ නිවසට එනවා.ඉන්පසු බන්ටි නානායක්කාරගේ නිවසට ගොස් පුෂ්පා නෝනා හමු වීමට උවමනා බව පවසවා.

ඉන්පසු බන්ඩා අමතන නානායක්කාර හට රුපියල් විසිපන්දාහක් දී එවන ලෙස පවසා බන්ටි හට මුදල් දී ඇයව හරවා යවනවා.බානු,අභි සහ ජූඩා හමු වීමට ආණ්‍යා පැමිණෙනවා.ඇය සමඟ නානායක්කාරගේ දියණිය පැමිණෙනවා.මෙහිදි ඇය ඔවුන්ව හඳුනාගන්නවා.මේ අතර ඇය නිවසට පැමිණි විට නානායක්කාර හට සියලු දේ පවසනවා.රෙහාන්ගේ ආයතනයට වත්සලා පැමිණෙනවා.ඉන්පසු ඇය ළඟ ඇති පින්තූර ඔහුට පෙන්වනවා.සියලු දේ ඇය සොයාගන්නා බව පවසා එතැනින් පිටව යනවා.ඉන්පසු එතැනට පැමිණෙන උදාරිගෙන් රෙහාන් තව කාට හෝ ඔවුන්ගේ පින්තූර යැව්වාද කියා අසනවා.ඉන්පසු ඇය එය යැව්වේ නැති බව පවසනවා.ආණ්‍යා අමතන බන්ඩා නානායක්කාර හිරේ සිටි අයෙකු බවත් ඔහු කප්පන් ඉල්ලු දෙයකට හිරේ ගිය බව පවසා මානවිගේ පියා ගැන පවසවා.මානවි සඟවන සියලු දේ බන්ඩා ආණ්‍යා හට පවසවා.මේ අතර වත්සලා හට පින්තුර ගිය කාරණය රෙක්සි රෙහාන් හට පවසනවා.ඉන්පසු ඔවුන් වත්සලා ගැන සෙවීමට තීරණය කරනවා.වත්සලා ගැන සෙවීමට බන්ඩාර හට බාර දිමට රෙක්සි පවසනවා.මේ අතර මානවි හට කතා කොට ආණ්‍යා ඇගේ පියා නානායක්කාරද කියා විමසනවා.ඉන්පසු එය බොරුවක් බව මානවි පවසනවා.සිකුරා හට ඩාලිං අක්කා හමු වන බන්ඩා ටුටු හට ලෙඩකත් ඇති බවත් බේත් අරන් දෙන ලෙස පවසනවා.බන්ටි හට ද රෙහාන් සිදු වූ දේ පවසනවා.ඩේමියන් සහ නානායක්කාර එකතු වී බන්ඩා හට පාඩමක්ඉගැන්වීමට මැරයන් හට බාර දෙනවා.රෙක්සි බන්ඩා අමතා ඔහු හමුවන ලෙස පවසා එන්න කියනවා.ඔහු හමු වීමට බන්ඩා පැමිණෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *