සතියේ දවස් පහේම රාත්‍රි 8.30ට විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍ය මේ දින වල සියල්ලන්ගේම බොරු අළුත් වෙමින් මෙසේ ගලාගෙන යනවා.දිනක් වත්සලා රෙහාන්ගේ ආයතනයේ වැඩ කරන උදාරි හට ඇමතුමක් ගන්නවා.ඇය උදාරි හා සමඟ යාළු වීමට බොරුවට කතා කරමින් සිටිනවා.ඇය රෙහාන් හා සරනි ගැන විමසනවා.උදාරි වත්සලා හට මිස් කියා පැවසුවත් ඇයට එසේ නොපවසන ලෙස වත්සලා කියනවා.රෙහාන්ගේ නිවසට පැමිණෙන රෙහාන්ගේ අම්මා ආරියසේන හට හොඳින් නිවසේ වැඩ කරන ලෙස කියනවා.මේ අතර එතැනට පැමිණෙන රුවිනි අම්මා හට ආරියසේනහට බනිමින් වද දෙන්න එපා කියමින් බනිනවා.මේ අතර එතැනට පැමිණෙන රෙහාන් ඔවුන් සමඟ කතා කරනවා.මේ අතර රුවිනි වත්සලා මේ නිවසට එන්නේ ඇයිදැයි රෙහාන්ගෙන් විමසනවා.මේ අතර රෙහාන්ගේ අම්මා වත්සලා හා රෙහාන් අතර ඇති සම්බන්ධය කුමක්ද කියා අසනවා.නැවත ඇය නිවසට නොගෙන්වා ගන්න බවත් අද වත්සලා හට රුවිනි බැන වැදුනු බව කියනවා.මේ අතරින් නිවසින් පිටව සිටි නානායක්කාරගේ නිවසට ලොකු දුව පැමිණෙනවා.මේ අතර බන්ටි ලෑස්ති වී අම්මා සහ තාත්තා වෙත පැමිණ බණ ගෙදරට යායුතු බව පවසා ඉක්මනින් එතැනින් පිටව යනවා.එහිදි ඇයගේ ගමන සැක සහිත බව ඇගෙ දෙමාපියන් පවසනවා.

ඉන්පසු බන්ටිගේ තාත්තා වන විල්සන් ඇගේ පස්සෙන් යනවා.පාරේ එමින් සිටින බන්ටි හට රෙහාන් ඇමතුමක් ගන්නවා.එහිදි ඔහුට මහත්තයා ලෙස නොකියන බවත් ඇය ඇඳගෙන ඇඳුම කුමක්ද කියාත් ඔහු විමසනවා.රෙහාන් ඇය හා කතා බහකරමින් සිටින දේ රුවිනි අසා සිටිනවා.මේ අතර බානු සහ බන්ඩා කතා කරමින් සිටින තැනට බන්ටිගේ පියා පැමිනෙනවා.ඉන්පසු ඔවුන්ගෙන් බන්ටි ආවාද කියා විමසනවා.ඉන්පසු ඇය නොදැක්ක බව කියනවා.ඉන්පසු ලෑස්ති වී සිටින නානායක්කාරගේ ලොකු දියණිය එක්කගෙන යාමට නානායක්කාර හට ඇය පවසනවා.ඉන්පසු ඇය නානායක්කාර හට නිවස තුලට නොපැමිණෙන ලෙස කියනවා.මේ අතර බන්ටි බණ්ඩාගේ නිවසේ ලැස්ති වෙමින් සිටිනවා.රෙහාන් බන්ටි හට ඇමතුමක් ගන්නවා.නමුත් ඇය එයට කතා නොකරනවා.කීප වරක්ම ඔහු ඇයට ගන්නවා.මේ අතර බන්ටි බන්ඩාට කතා කර ඉක්මනින් තාත්තා යවන ලෙස කියනවා.බන්ටිගේ තාත්තා රැගෙන එතැනින් බන්ඩා ගිය විට බන්ටි හට නැවත රෙහාන් අමතනවා එයට උත්තර දෙන බන්ටි හට රෙහාන් බැන වදිනවා.මේ අතර එයට කේන්ති යන බන්ටි නැවත පාටියට නොයන බව බානු එතැනට පැමිණ් විට ඔහුට කියනවා.නමුත් එසේ නොකරන බවත් ඇයට කියනවා.රෙහාන්ගේ නිවසින් පිටවන රෙහාන්ගේ අම්ම සහ නංගි නැවත පැමිණෙනවා.ඉන්පසු ඔවුන් ආ කාරනාව අසනා විට නංගිගේ විවාහය පිළිබඳ කතා කිරිමට ආ බව කියනවා.මේ අතර බන්ඩාගේ කීමට බන්ටි නැවත ලැස්ති වෙනවා.ඉන්පසු බන්ටි සහ බානු ලැසිති වි පැමිණෙන විට ඔවුන් ඉදිරියට ටුටු පැමිණෙනවා.එයට කේන්ති යන ටුටු ඔවුන්ට බැන වදිනවා.මේ අතර රෙහාන් සරනි හට කතා කරන දේ අම්මා අසනවා.ඉන්පසු සරනි කියන්නේ කවුදැයි විසනවා.ඇය තම ආයතනයේ කෙනෙක් බව ප වසා රෙහාන් එතැනින් පිටව යනවා.

මේ අතර කේන්තියෙන් නිවසට එන ටුටු සියලු දේ සිකුර අයියා සහ ඩාලිං අක්කා හට කියනවා.මේ අතර සරනි රෙහාන් සහ බානු අධිකාරිගේ නිවසට පැමිණෙනවා.මේ අතර සරනි සමඟ මානවි සහ අධිකාරිගේ දුව කතා කරනවා.මේ කතාව අතරතුර මානවි සරනිගෙන් බානු හට බයික් එකක් තිබෙනවාද කියාත් ඇය විමසනවා.මේ අතර අධිකාරියේ දුව ගොස් බානුව කැදවාගෙන එනවා.ඉන්පසු ඔහුට සිංදුවක් කියන ලෙස සියලු දෙනාම කියනවා.පසුදින උදැසන බන්ටිගේ නිවසට පැමිණෙන ටුටු තමාගේ පෙම්වතා බානු බවත් ඔහුව බන්ටි බලෙන් අල්ලාගෙන ඇති බවත් කියනවා.ඉන්පසු එයට කේන්ති යන බන්ටගේ මව ඇයට කෙන්තියෙන් බැනිමට යනවා.මේ අතර සිකුර අයියා සහ ඩාලිං අක්කා රෙහාන්ගේ නිවසට යාමට සුදානම් වෙනවා.උදැසන අවදිවන බන්ටිගෙන් ඇගේ දෙමව්පියන් සිදු වූ දේ විමසනවා.ඉන්පසු ඔවුන් අහන දේවල් වලට කේන්ති යන බන්ටි එතැනින් පිටව යනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *