සෑම සතියේ දින පහේම රාත්‍රි 9 සිරස ටීවී තුලින් විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය ඉතා හොද ප්‍රතිචාර මැද ගලාගෙන යනවා. මේ වෙද්දි මේ ටෙලි නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයන් දන්නවා කුරුලුට පරණ මතකය ඇවිත් තිබෙන බව.. ඉතින් ඇයට පරණ මතකය ලැබීමත් එක්ක ඇය මේ වෙද්දි ගොඩක් කලබල වෙලා සිටින්නේ.. ඒ ඇයව මෙලෙස මෙවැනි තැනක සිරකර ගෙන සිටින්නේ ඇයි දැයි කියාය.. මේ වෙලාවේ කුරුලුට පරණ මතක ඇවිත් තිබෙන නිසා ඇය එම නිවසේ සිටින කිසි අයෙක්ව දන්නෙ නැහැ.. ඔන්න මේ වෙලාවේ මහිමා කුස්සියට වී සිටින අතරතුර ඇයගේ අයියා වන නිර්වාන් ඇය ළඟට පැමිණ විහාර සමගින් ඔහුට නිදහසේ තනිව කතා කරන්නට අවශ්‍ය බව පවසමින් එයට ඉඩක් හදා දෙන්න කියා ඔහු මහීමාගෙන් ඉල්ලීම් කරනවා.. ඉතින් මේ වෙලාවේ මහීමා කල්පනා කරනවා ඇය කෙසේද නිර්වාන්ට විහාරව මුණ ගස්වන්න කියා.. ඉතින් මේ වෙලාවේ ඇය කෙසේ හෝ උත්සාහ කර ඒය සිදු කරන්නම් කියා පවසනවා..

ඔය අතරතුර යලි වතාවක් කුරුලුගෙ නැන්දා නිවස අතුගාමින් සිටියදී ඇය දකිනවා නාගයා කුරුළුගේ පින්තූරය මත සිට යලි වතාවක් කුරුළුගේ තාත්තගේ පින්තූරය ලඟට පැමිණෙනවා.. ඒය දැකීමත් සමගම ඇය මහ හඬින් කෑ ගසමින් රෙෂ්මාට කතා කර ඒ බව පවසනවා.. ඒ වෙලාවේ රෙෂ්මා යලි වතාවක්  අනුලාට බැන වදිමින් ඇයට හැම අවස්ථාවකම නාගයෙක් ගැන කියමින් බොරු දේවල් නොකියන්න කියා පවසනවා.. රෙෂ්මා කොයිම වෙලේකවක් ඇය කියන දේ ගැන විශ්වාස කෙරුවෙ නෑ.. මන්ද නාගයාව ඇයට කිසිම වෙලාවක නොපෙනෙනු නිසයි.. ඉතිං ආදිත්‍ය සහ අබිමන් කුරුලුට සිදු වූ දේ ගැන කතා කරමින් ඉන්න අතරතුර කුරුලු ජීවත් වෙනවා නම් ඇයි ඇය ඔවුන් ඉස්සරහට පැමිණෙන්නේ නැත්තෙ කියා කල්පනා කරනවා.. ඒ වෙලාවේ අභිමන් සිතනවා කුරුළුව කවුරුන් හෝ කෙනෙක් විසින් හංගාගෙන ඉන්නවා ඇති කියා.. ඉතින් මේ වෙලාවේ කුරුලු ගැන පොලිසිය සොයා බලනකන් සිටිය නොහැකි බව අභිමන් ආදිත්‍ය සමගින් පවසනවා…

ඉතින් යලි වතාවක් රෙෂ්මා නිවසේ නැති අතරේ නාගයා නිවස තුළට පැමිණෙනවා දකින අනුලා ඉතා බියට පත් වී නිවසේ සියලු දොර ජනෙල් වසමින් කාමරය තුළට පැමිණ පූජාට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා. එලෙස ඇය දුරකථන ඇමතුමක් ලබා දෙමින් කලබලයෙන් ඔවුන්ගේ නිවසේ නාගයෙක් සිටින බව පවසනවාත් සමගම පූජා බය වෙනවා.. ඒ වෙලාවේ එම නයා ඇය පසුපස පන්නන බවත් අනුලා පුජා සමඟින් පවසනවා. ඇය දවස් කීපයක්ම එම නාගයාව නිවස තුළ දැකපු බවත් පූජා සමගින් පවසනවා.. ඉතින් මේය ඇසීමත් සමගම පූජා තවත් බියට පත්වනවා. පසුවදා උදේ මහීමා ඇයගේ අයියට වූ පොරොන්දුව ඉෂ්ට කිරීමට විහාර හමුවීමට ඉස්කෝල මහත්තයාගේ නිවසට පැමිණෙනවා.. මේ වෙලාවේ මහිමා ඈයත් සමගින් කතා කරමින් ඉන්න අතරතුර හිතේ තියෙන ප්‍රශ්න අඩු වෙන්නත් එක්ක එළියට ගොස් කතා කරමු කියා ඇගෙන් ඉල්ලීම් කරනවා. ඒ වෙලාවෙත් කුරුලු එයට කැමති වෙනවා.. ඉන්පසු මහිමා ඉස්කෝලේ නෝනගෙන් එළියට යාමට අවසර ගන්නවා.. නමුත් ඇය එයට වැඩි කැමැත්තක් දැක්වුයේ නැහැ. මන්ද කුරුලුට සිදුවූ අනතුර නිසා ඇය බය වූවා ඇයව තනිව එළියට යවන්නට..

 

ඒ වෙලාවේ ඉස්කෝල මහත්තයාත් ගෙදර සිටියෙ නැහැ. ඔහු ඉස්කෝල නෝනට පවසා තිබෙන්නේ කිසිම හේතුවක් මත විහාරව එළියට නොයවන ලෙසයි.. ඉතින් කෙසේ හෝ මහීමාගේ දැඩි ඉල්ලීම මත ඉස්කෝලේ නෝනා ඔවුන් දෙදෙනාට එළියට යන්නට අවසර ලබා දෙනවා.. මේ අවස්ථාවේදී මහීමා විසින් කුරුලුට සිදු වූ දේ පිළිබඳව පූජා කනගාටුවෙන් සිටින බව ඇයත් සමගින් පවසනවාත් සමගම කුරුලු පුදුමයට පත්වනවා.. ඒ වෙලාවේ පූජා කෙසේද ඇයව හඳුනන්නේ කියා මහීමාගෙන් අසනවා.. ඒ වෙලාවේ පූජා හැම අවස්ථාවකම දුරකථන ඇමතුම් ලබාදී ඇය ගැන අසන බව මහිමා පවසනවා.. මේ වෙලාවේ මහීමා සහ කුරුලු කතා කරමින් ඉන්න තැනට නිර්වාන් පැමිණෙනවා. එලෙස ඔහු එතැනට පැමිණෙන්නේ ඔවුන් දෙදෙනා එතන සිටිනවා නොදන්නා ගානටයි.. නමුත් මහිමා තමයි ඔහුට මෙලෙස එතැනට එන්නෙ කියා පවසා තිබෙන්නේ.. මේ වෙලාවෙදි මහීමා විසින් නිර්වාන්ට සහ විහාරට කතා කරමින් ඉන්න කියා එතනින් පිට වෙනවා.. ඉතින් නිර්වාන් පහුගිය කාලය තුල සිදුවූ කරදර නිසා ඇයත් සමගින් තනිව කතා කිරීමටත් නොහැකි වූ බව විහාරා සමඟින් පවසනවා.. මේ වෙලාවේ විහාරා අකමැත්තෙන් වගේ ඔහු කියන දේවල් අසා ගෙන සිටිනවා.. විහාරාට දැනුනා ඔහු මෙලෙස කතා කරමින් එන්නෙ හිතේ කුමක් හෝ දෙයක් තියාගෙන බව.. ඒ නිසා ඇය ඔහුත් සමගින් කතා කළේ ඔහුව ගණන් නොගෙනයි.. ඉතින් මේ වෙලාවේ නිර්වාන් පොඩ්ඩ පොඩ්ඩ ඔහුගේ හිතේ තියෙන දේ ගැන කුරුලුට අඟවන්න උත්සහ කරනවා. නමුත් විහාරා ඒ කිසිවක් නොපෙනුණු ගානට ඔහුව ගණන් නොගෙන සිටිනවා.. ඔන්න ඔය වෙලාවේ නිර්වාන් සහ විහාර කතා කරමින් ඉන්නවා අහම්බෙන් වගේ ලොකු සර් දකිනවා.. ඉතිං ඉස්කෝල මහත්තයා නිර්වාන් සහ විහාරාම දකිනවා දුටු පසන් සහ මහීමා කලබල වී ඔවුන්ට කර කියා ගන්නට දෙයක් නැති වෙනවා.. නමුත් ඉස්කෝල මහත්තයා එය දැක්ක නොදැක්ක ගානට එතනින් පිටව යනවා. එලෙස ගොස් ඉස්කෝල නෝනට විහාරාව තනිව නිර්වාන් සමගින් යැව්වේ ඇයි දැයි අසමින් දොස් කියනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *