සෑම සතියේ දිනකම රාත්‍රී 9ට සිරස ටීවී තුලින් විකාශනය වන නීල පබළු ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද හොඳින් ගලාගෙන යනවා. ඉතිං ඔන්න මේ වෙද්දි කුරුලුගේ පරණ මතකය ඇවිල්ල තමයි තියන්නේ.. නමුත් කුරුලු සමඟින් ඉන්න ඉස්කෝල මහත්තයාවත්, ඉස්කෝල නොවනවත් ඇයව දන්න කිසිවෙකුත් දන්නේ නැහැ ඇයට පරණ මතකය යලි ඇවිත් තිබෙන බව.. කුරුළුත් ඇය විහාර නොව කුරුලු බව ඔවුන් සමඟින් තවමත් පැවසුවේ නැහැ. ඉතිං ඔන්න මේ වෙලාවේ කුරුලු එළියට වෙලා ඇය සිටින්නේ කොහෙද කියා ඇත්තටම ඇයව මෙලෙස තබාගෙන සිටින්නේ ඇයි දැයි කියා කල්පනා කරමින් සිටින අතරතුර දී ඉස්කෝල නෝනා ඇය ළඟට පැමිණ ඇයට කුමක් හෝ අසනීපයක් තිබේද කියා අසනවා. ඒ වෙලාවේ කිසිදු අසනීපයක් ඇයට නැති බව ඉස්කෝල නෝනා සමඟින් ඇය පවසනවා.. ඒ වෙලාවේ ඉස්කෝලේ නෝනා අහනවා ඇය කල්පනා කරන්නේ සිදු වූ දේ පිළිබඳවද කියා. ඒ වෙලාවේ ඇය ඒ ගැන කල්පනා කරන බව කියන විට ඒ ගැන කිසිවක් බයවෙන්න එපා කියා ඉස්කෝලේ නෝනා කුරුලු සමගින් පවසනවා. ඇය යළි වතාවක් කුරුළු වුණ ඇය සුදු මැණිකේ වූයේ කෙසේදැයි කල්පනා කරනවා.

ඉතිං ඔන්න මේ වෙලාවේ ඉස්කෝල මහත්තයාගේ ගෙදරට ඔහු දන්නා හඳුනන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පැමිණෙනවා.. මේ වෙලාවේ එම පොලිස් නිලධාරීන් දෙදෙනා දකින කුරුළු ඇයි ඔවුන් ඇයව සොයා පැමිණෙන්නේ කියා කල්පනා කරනවා.. ඉතින් මේ වෙලාවේ දේවක සමගින් ඉස්කෝල මහත්තයා සහ ඉස්කෝල නෝනා කතා කරන සියලු දේ කුරුලු හොරෙන් අසාගෙන සිටිනවා.. මේ වෙලාවේ දේවක විසින් විහිරාට කිසියම් හෝ සම්බන්ධයක් පාතාලයත් සමග ඇති බවට සැක කරනවා. ඒ වෙලාවේ ඉස්කෝල මහත්තයා නම් දේවක කිවූ දේට එකඟ වන්නට කැමති වූයේ නැහැ. ඉතින් ඔන්න මේ වෙලාවේ පූජාගෙ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් විසින් ඇගේ වාහනය කොත්මලේ සිට ඇගේ නිවස වෙත රැගෙන එනු ලබනවා.. ඉතින් මේ වෙලාවේ ඔහුගේ වාහනයේ පිටුපස සිට නාගයත් පූජාගෙ නිවසට පැමිණෙනවා.. නමුත් ඔහු දැක්කේ නැහැ ඔහු සමඟින් මේ නාගය පැමිණෙනවා.. ඉතින් මෙලෙස පූජාගේ නිවසට පැමිණෙන නාගයා ඇගේ කාමරේ වෙත ඇතුල් වෙනවා.. නමුත් ඇය දැක්කේ නැහැ එම නාගයා තමන්ගේ කාමරයට පැමිණෙනවා.. මේ වෙලාවේ වාහනය රැගෙන ආ අජිත් පූජා ළඟට පැමිණ ඇගේ සැප දුක විමසමින් සිදුවූ දේ සිතා ගත නොහැකි බව පවසනවා..

ආයෙමත් සැරයක් අභිමන් සීසීටීවී දර්ශන දෙස බලා සිටින වෙලාවේ ඔහු දකිනවා විජයරත්න සර් හෙවත් ඉස්කෝලෙ මහත්තයව. ඔහු ඔහුව නමින් නොදන්නවා වුණත් ඔහුට එක් දවසක දී රෝහල තුළ දී ඔහුව හමු වූවා අභිමන්ට මතකයට එනවා.. එදා දවසේ ඉස්කෝල මහත්තයා අත තිබූ සල්ලි එම රෝහලෙන් භාරගත් නොගත් නිසා ඒ වෙලාවේ අභිමන් ඔහුගේ අතේ තිබූ 5000 ඉස්කෝල මහත්තයට ලබා දෙනවා ඒ කුරුලුගේ treatment එකක් සඳහා. නමුත් ඔහු දැනගෙන සිටියේ නැහැ ඔහු මෙලෙස මුදල් ලබාදුන්නේ කුරුලු වෙනුවෙන් කියා.. ඉතින් මේ වෙලාවේ අභිමන් සිතනවා එදා දවසේ බෙහෙත් ගැනීමට පැමිණ සිටියේ කුරුලු ද කියා. ඉතිං මේ වෙලාවේ එය මතක් වුණ ගමන්ම ඔහු කුරුළුගේ කේස් එක ගැන බලන පොලිස් නිලධාරියාට කතා කළා.. ඒ වෙලාවේ සීසීටීවී දර්ශන තුළ කුරුළු ළඟින් සිටින පුද්ගලයව ඔහුට මුණ ගැසී තිබෙන බව පවසනවා.. ඒ වෙලාවේ ඔහුට එම පුද්ගලයාව රාගම රෝහලේ දී හමුවූ බව පොලිස් නිලධාරියා සමගින් පවසනවා.. ඒ වෙලාවෙම පොලිස් නිලධාරියා විසින් ඔහුට කලබල නොවී ඉන්න කියමින් ඔවුන් ඒ ගැන සොයා බලන්නම් කියා අභිමන්ට පවසනවා.

 

ඉතිං ඔන්න ඔය අතරේ පූජා ඉතා භයානක සිහිනයක් දකිනවා.. ඒ ඇය විහාර සමගින් ගඟකට වී කතා කරමින් ඉන්න අතරතුර දී එහි ඇති සුන්දරත්වය ගැන කතා කරමින් ඉන්න අතරතුර විහාරාගෙ මතකය නැති වූ එක හොඳයි කියා කුරුලු සමගින් පවසනවා.. ඉතින් මේ වෙලාවේ පූජා සමගින් හොඳින් කතා බහ කරමින් ඉන්න කුරුළු එක සැරයටම පූජාගේ බෙල්ලෙන් අල්ලා පිහියක් ඇගේ බෙල්ලට දිගුකරමින් විහාර යනු කවුද කියා අසමින් ඇය කුරුලු බව පූජා සමගින් පවසනවා. ඒ වෙලාවේ කිසිවක් කරගන්නට නොහැකි වුණ පූජා ඇයව අතාරින්න කියා කීවත් කුරුලු ඇයව අත්හැරියේ නැහැ. ඇය ඒ අවස්ථාවේ ඇගේ තාත්තා වන මලින්තව මැරූ හැටි මතකද කියා පූජාගෙන් අසනවා. ඒ වෙලාවේ ඇය විසින් එවු නාගයාගෙන් ඇය එක් වතාවක් බේරුනා නමුත් මේ අවස්ථාවේ ඇති කිසිසේත්ම ඇගෙන් බේරිය නොහැකි බව පූජාට පවසනවා.. ඒ වෙලාවේ ඉතාමත්ම බියට පත්වන පූජා ඇයව තල්ලු කර එතැනින් පිට වෙන්න යන අවස්ථාවේ ඇයව ගලක වැදි පෙරළෙනවා.. නමුත් ඇය ආපසු නැගිට කැලයක් මැදින් දිව විත් යන විට ඇගේ පසුපසින් නාගය පැමිණෙනවා.. ඉතිං මෙලෙස ඒ සිහිනය දැක ඇහැරෙන විට නාගයා සිය ඇඳ මත සිටිනවා දකිනවත් සමගම පූජා මහා හයියෙන් කෑ ගසනවා… ඒ වෙලාවේ එතැනට දිව එන පූජාගේ තාත්තාට ඇය විසින් නාගයෙක් සිටින බව පවසනවා. නමුත් ඔහු එතැනට පැමිණෙන විට එතන නාගයෙක් සිටියේ නැහැ.. ඉතින් මේ විදිහට නාගයාව පෙනෙන්නේ කුරුලුට වැරදි කරපු අයට පමණයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *