මේ දිනවල සතියේ දින පහේම රාත්‍රී 9.00 ට සිරස ටීවී තුලින් විකාශනය වන නීල පබලු ටෙලි නාට්‍යය ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ඉදිරියට ගලාගෙන යනවා. ඉතින් මේ වෙනකොට පූජා නයෙක් දෂ්ඨ කළ නිසා අසනීපෙන් තමයි සිටින්නේ. ඉතිං ඔන්න පූජාට සිදුවූ කරදරය ගැන කතා කරන්නට අභිමන් මාලන් ළඟට පැමිණි අවස්ථාවේ අභිමන් විසින් පූජා බැලීමට ජනනාත සමගින් ඔහු ගියාට ඔහුට ස්තූති කරනවා. ඒ වෙලාවෙ ඔහු ඒ ගනන් නොගෙන අභිමන්ට ඔහුගේ වැරදි ගැන කියමින් ඔහු පූජා බැලීමට කොත්මලේ ආවෙ නැති බව කියමින් චෝදනා කරා. ඉතින් ඔන්න මේ වෙලාවේ කවුරුන් හෝ කෙනකු කුරුලු සිටින කොත්මලේ ගමට පැමිණ ඩ්රෝනා කැමරා යොදා ගනිමින් ඇය සිටින නිවන දෙස විපරම් කර බලනවා. ඉතින් මෙය දුටු මහතුන් ඔහු ළඟට පැමිණ ඔහු මොනවාද ඕනේ කියා විමසනවා. ඉතිං ඒ වෙලාවෙ ඔහු විසින් වටපිටාවේ සුන්දරත්වය නරඹන බව මහතුන් සමගින් පැවසුවා. ඉතින් ඔහු මේ විදියට ඇත්තටම ඇවිත් ඉන්නේ කුරුළුට කරදර කරන්නට ද නැත්නම් කුරුලුව සොයා ගැනීමට පොලිසිය විසින් ඔහුව ඒව්වා ද කියා සිතා ගන්නට අමාරුයි. ඉතින් මේ වෙලාවේ එකපාරටම මහතුන්ගේ කටින් කියවුනා එම නිවස තුළ ගැහුණු ළමයෙක් නවතාගෙන සිටින බව.

 

ඉතින් ඔන්න කුරුලු මියගිය බව දැනගත් ආදිත්‍ය කලබලයෙන් අභිමන්ව සොයා ඔහුගේ කාර්යාලයට පැමිණෙනවා. එසේ පැමිණෙන ආදිත්‍යව දකින අභිමන් ඉතාමත් සතුටින් යුතුව ඔහුව පිළිගත්තත් ආදිත්‍ය නම් අභිමන් ගැන හිත හොඳින් නොවෙයි සිටින්නේ. මන්ද ඔහු සිතන්නේ කුරුළු මියගියාට ඔහු ඒ ගැන කිසිවක් සොයා බැලුවේ නැති බවයි. ඒ වෙලාවේ කුරුලු මිය ගියේ කෙසේද කුමක් නිසාද කියා ඔහු සොයා බැලුවේ නැති බව කියමින් ආදිත්‍ය අභිමන්ට චෝදනා කරනවා ඒ වෙලාවේ ඒ සියලු දේ ඉවසා ගෙන සිටි අභිමන් ඔහු කිසිම වැරැද්දක් නොකරපු බව ආදිත්‍යට පැවසුවා. ඒ වෙලාවේ අභිමන් කුරුලු මියයන අවස්ථාවේ දී ඔහු සිටිය නැති බවත් ඔහු කොරෝනා සෑදී අසනීප වී රෝහල් ගත කළ සිටි බවත් ආදිත්‍ය සමගින් පැවසුවා. ඒ වගේම ඔහු කුරුළුත් සමගින් සිටියා නම් මෙවැනි අනතුරක් සිදුවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අදිත්‍ය සමගින් පවසා සිටියා. ඒත් එක්කම අභිමන් තවත් දෙයක් කීවා. ඒ තමයි කුරුළු මිය ගිය නැති බව. ඒ වෙලාවේ ආදිත්‍ය පුදුමයෙන් අභිමන් දෙස බලමින් කුරුලු මියගිය නැත්නම් කුරුලු කොහෙද කියා අබිමන්ගෙන් විමසුවා. ඉතිං ඉන්පසු අබිමන් ඔහු ළඟ තිබුණු පොලිසිය විසින් ඔහුට එවනු ලැබූ සීසීටීවී දර්ශනයන් ආදිත්‍යට පෙන්වූවා. එය දැකීමත් සමගම ආදිත්‍යට අදහාගත නොහැකි වූවා. ඒ වෙලාවේ කුරුලු කොහෙද ඉන්නේ කියා ඔහු සොයන බව අභිමන් ආදිත්‍ය සමගින් පැවසුවා.

 

ඉතින් මේ ගැන දැනගත් ආදිත්‍ය එදිනම රාත්‍රියේ කුරුලුගෙ නැන්දා වන රේෂ්මා හමුවීමට නිවෙසට පැමිණියා. එසේ පැමිණ කුරුලු මිය ගිය නැති බවත් ඇය ජීවත් වන බවත් රේෂ්මත් සමගින් පවසා සිටියා. ඒ වෙලාවේ කිසිවක් හිතාගත නොහැකි රේෂ්මා එසේ සිදු වන්නේ කෙසේද කියා ආදිතගෙන් විමසුවා. ඉතිං ඉන්පසු ඔහු රේෂ්මටත් අභිමන් පෙන්වූ සීසීටීවී දර්ශන කිහිපයක් පෙන්වූවා. ඒ වෙලාවේ ඒ දැකීමත් සමගම රෙෂ්මාට හිතාගත නොහැකි වූවා. ඇයට කියා ගන්නට දෙයක් ද නොමැති වූවා. ඇය ගොඩක් සතුටු වූවා. ඒ වෙලාවේ ඒ ගැන සුභද්‍රාට කියන්නට යන විට ආදිත්‍ය ඇයව නැවැත්තුවා. ඒ වෙලාවේ මේ ගැන දැන්මම සුභාද්‍රට කිවහොත් ඇය ඉන්න තත්ත්වයත් එක්ක ඇය කලබල වෙයි කියා රේෂ්මාත් සමගින් පැවසුවා.

ඉතින් ඔන්න මේ වෙලාවේ කිසියම් පිරිසක් විසින් කුරුළුව පැහැර ගැනීම සඳහා සැලසුම් කරමින් තමයි සිටින්නේ. ඉතින් පහුගිය දවසක කොත්මලේට පැමිණ කුරුලු සිටින නිවස දෙසට ඩ්‍රෝන කැමරා යොදාගනිමින් ඈ සිටිනවා ද කියා සෙව්වේ මෙම පිරිස විසිනි. ඉතින් ඔහු එසේ ඉස්කෝලේ මහත්තයාගේ ගෙදරට පැමිණ යමක් පෙන්වමින් ඒ නිවසේ සවි කිරීමට නිවස තුළට ගොස් කුරුලු එම නිවසේ සිටිනවාද කියාත් දැන ගනු ලැබුවා. ඉන්පසුව තමයි මොහු මෙසේ පිරිසත් සමග ගුරුළුව පැහැර ගන්නට සැලසුම් කරන්නේ. ඉතිං මේ පැහැරගැනීම ගැන කිසිවක් පූජා දැනගෙන සිටියේ නැහැ. පූජාගේ ගෝලයෙක් වන ඇලෙක්ස් විසින් තමයි කුරුලුව මෙලෙස පැහැර ගැනීමට උත්සහ කරන්නේ. ඉතින් ඔන්න එදින රාත්‍රියේ යම්කිසි පිරිසක් මග එනවා මහතුන් දකිනවා. ඒත් සමගම ඔහු කල්පනා කරනවා ඒ කවුරුන්ද එන්නෙ කියා. ඔහු සිතනවා ඒ එන්නෙ හොරු කණ්ඩායමක් කියා. ඉතිං එය දකින මහතුන් රුක්න්මන්ට කතා කරගෙන ඉස්කෝලේ මහත්තයාගේ නිවස අසලට යනවා. ඉතිං ඔන්න මේ වෙලාවේ රුක්මන් සහ මහතුන් දකිනවා කුරුළුව එම පිරිස විසින් රැගෙන යනවා. ඒ වෙලාවේ ඔවුන් පසුපසින් ගොස් ඔවුන්ට පොලු පහරවල් එල්ල කරමින් කුරුළුව මහතුන් සහ රුක්මන් විසින් බේරා ගනු ලබනවා.

ඉතින් මේ අවස්ථාවේ කුරුළුව ඔසවාගෙන යන රුක්මන්ගේ අතින් එක සැරේටම කුරුළුව බිමට වැටෙනවා. ඒ වැටුණු අවස්ථාවේ කුරුලුගේ සිහිය නැතිවෙනවා. ඉතිං ඉන්පසු ඇයවත් ඔසවාගෙන යළිත් රුක්මන් ඉස්කෝලේ මහත්තයාගේ නිවසට යන විට ඔවුන් දකිනවා ඉස්කෝල මහත්තයා සහ ඉස්කෝල නෝනා සිහිය නැතිවී බිම වැටී සිටිනවා. ඉතිං ඒ දැකීමත් සමඟ කලබල වුණ මහතුන් සහ රුක්මන් වතුර ගසා ඔවුන්ට සිහිය ලබාගෙන ඉන් පසු සිදු වූ සියලු දේ ගැන විස්තර කරනවා. ඒ වෙලාවේ කුරුළුව පැහැරගැනීමට කණ්ඩායමක් පැමිණි බවත් ඒ අවස්ථාවේ ඔහු සහ මහතුන් විසින්කුරුළුව බේරා ගත් බවත් ඉස්කෝල මහත්තයා සමගින් පවසනවා. ඉතින් මේ වෙලාවේ තවමත් කුරුලු සිහිය නැතිව තමයි සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *