ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය මෙසේ ගලා යනවා.පන්සලේ දානේ හොරකම් කළ දරුවන් දෙදෙනා සමඟ පොඩි හාමුදුරුවන් රාළහාමි නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් අත තිබු පාර්සලයක් නිවසින් පිටට ආ කාන්තාවට දෙනවා.නමුත් ඇගේ කල්පනාව මදිබව පෙනෙනවා.පසුදින සරා පාරේ එන විට පන්සලේ ලොකු හාමුදුරුවන් මුණ ගැසෙනවා.ඉන්පසු සරා ඔවුන් අත තිබු වස බෝතලය හාමුදුරුවන් හට පෙන්වා සිදු වූ සියලු දේ පවසනවා.නමුත් ඔවුන් කියන දේ හාමුදුරුවන් පිළිගන්නේ නැහැ.පසු දින නැවතත් පොලිසිය ගමට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා සරාගේ වාඩියට ගොස් සිටිනවා.මේ අතර එතැනට කිරි පුතා පැමිණෙනවා.ඔහු සරා කියා සිතා කිරි පුතාට මාංචු දානවා.පාරේ එන සරා සහ යහළුවන් පොලිසිය රැගෙන එන කිරිපුතා දකිනවා.

එතැනට දිව යන සරා ඔහු සරා බවත් වැරිදි කෙනා අල්ලාගෙන සිටින බවත් පවසා ඔහු නිදහස් කරන ලෙස කියනවා.ඉන්පසු සරා හට මාංචු දමා රැගෙන යනවා.මේ අතර මෙතැනට මාලන් පැමිණෙනවා.ඉන්පසු ඔහු ඔහු තමාගේ කාර් එකේ සියලු දෙනාම දමාගෙන යනවා.ටික දුරක් පැමිණෙන මාලන් කාර් එක නැවතුන බව කියනවා.ඉන්පසු ඔහු පොලිසියේ දෙදෙනා හට කාර් එක තල්ලු කරන ලෙස පවසා එතැනින් පිටව යනවා.ඉන්පසු ටික වේලාවක් එතැන බලා සිට පොලිසිය කඩය අසලට එනවා.එතැනට එන සරා පාරේ රැගෙන එන විට එතැනින් පැන දුවනවා.සරා කවඩියා සහ යහළුවන් සිටින තැනට දිව විත් ඔවුන් සමඟ දිව යනවා.ඉන්පසු කැලෑවට යන ඔවුන් සරාගේ අත ඇති මාංචු ගලවා ගැනීමට කම්මලටයනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *