ස්වර්ණවාහිනි නාලිකාවේ මේ දින වල විකශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය සතියේ දින පහේම රාත්‍රි 9.30ට විකාශය වනවා. මේ දින වල සිදුවන්නේ කුමක්ද කියා අප සොයා බලමු.මන්ත්‍රිතුමා දිනක් තම අක්කා සහ අම්මා එක්කගෙන කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් එතැන සිටින විට ජානු කෑ ගසා රත්නේ පසු පස පන්නා යන්නේ ඔවුන්ටද පේන්නයි.නැති වී ඇති සංගීත භාණ්ඩ සොයන මාලන් කඩය අසලට එනවා.මන්ත්‍රිතුමා නිවසට ආ එකට කුකුළා මුදලාලි සහ සෝමේ රණ්ඩු වෙමින් සිටිනවා.කෝපයෙන් නිවසට පැමිණෙන මාලන් ජානු හට කතා කර භාණ්ඩ නැති වී ඇති බව පවසනවා.නිවසට ආ පිරිස ගිය පසු ඇයත් එන බව මාලන් පවසනවා.කවඩියා සුද්දා සහ සරා කසිප්පු පැකට් කරමින් සිටිනවා.ඉන්පසු එතැනට පැමිණෙන සිරිසේන ඔවුන්ගෙන් ඉල්ලා එතැනදි කසිප්පු බොනවා.එසේ බී තමාගේ බඩ රිදෙන බව පවසමින් සිරිසේන එතැනට කෑ ගසා පැමිණෙනවා.

එතැනට පැමිණෙන මාලන්ද උදව් වී ඔහු රෝහලට ගෙන යාමට හදනවා.ඉන්පසු සර්පිනාව වාදනය කරන ගජමෑන්ව ඔහු දකිනවා.භාණ්ඩ ටික රැගෙන මාස්ටර්ගේ නිවසට මාලන් පැමිණෙනවා.නිවසේ මාස්ටර් නොමැති නිසා ඔහු එනතුරු තමා සිටින බව මාස්ටර්ගේ බිරිඳට ඔහු පවසා නිවසේ සිටිනවා.කසිප්පු බෑග් ටිකත් රැගෙන යන සරාලව පාඨලි ගීතිකා සහ අංජලි හට මුණ ගැසෙනවා.ඔවුන් දැන ගන්නවා සරා අතැතිව ඇත්තේ කසිප්පු බව කෝප වන පාඨලි ඔවුන්ට බැන එතැනින් පිටව යනවා.සරාගේ අක්කා තම කසාද සහතිකය පිච්චීමට යනවා.එතැන සිටින සරාගේ මව එය වලක්වනවා.මාස්ටර් නිවසට ආ විට මාලන් ඔහු අත ඇති සංගීත භාණ්ඩ මාස්ටර් හට දෙනවා.කඩය අසලට පැමිණෙන සරා හට සිරිසේන හට සිදු වූ දේ පවසනවා.එය අසා පැමිණෙන සරා කවඩියා හා සුද්දා සමඟ තවත් අයට මේ දේ සිදුව ඇති බවත් එය සිදුව ඇත්තේ ඔවුන්ගේ කිසිප්පු බී අය බවත් පවසනවා.රාත්‍රියේ පාටි දමමින් සිටින කැකුළා සහ පිරිස සරා හට පාඩමක් ඉගැන්වූ බව පවසනවා.පසු දින සරාගේ වාඩියට පොලිසියෙන් එනු දකින කවඩියා දුවගෙන විත් සරාටද පවසා සියලු දෙනාම දිව ගොස් සැඟ වෙනවා.වාඩියට පැමිණෙන පොලිසිය වාඩිය පරික්ෂා කරනවා.ඉන්පසු එතැන තිබු කසිප්පු බෝතලයට දාගන්නවා.දිව යන සරා කවඩියා සහ සුද්දා හට පාඨලි මුණ ගැසෙනවා.ඉන්පසු සරා අත තිබු පිඨලිගේ මුදල් ඇය අතට දෙනවා.

ඉන්පසු එම මුදල් ඇහිද ගන්නා අංජලි මුදල් සරාට දුන්නේ ඇයද කියා අක්කාගෙන් විමසනවා.කසිප්පු බෝතල් දෙකක් රැගෙන එන පොලිසිය ඉදිරිපට සරා,කවඩියා සහ සුද්දා රණ්ඩුවක් වන අයුරු පෙන්වා පොලිසිය අත තැබු බෝතලය ඔවුන් රැගෙන යනවා.පාරේ පැමිණෙන සරා ඉදිරිපිටට කුකුළා මුදලාලි සහ කැකුළා පැමිණෙනවා.ඉන්පසු ඔවුන් සමඟ කතා බහක් ඇති වෙනවා.ඉන්පසු එතැනදි දියෝගබදු කසිප්පු වලට වහ දාපු එක ඔවුන්ටම සොයාගන්නා ලෙස පවසනවා.සරා සොයා සරාගේ නිවසට පැමිණෙන පොලිසිය සරාගැන ඔවුන් සමඟ කතා කරනවා.ඉන්පසු ඔවුන් නිවසට පරික්ෂා කරනවා.පන්සලෙන් දානේ හොරෙන් ගෙන යන දරුවන් දෙදෙනා රාළහාමි සහ මාලන් විසින් අල්ලා ගෙන ලොකු හාමුදුරුවන් වෙත ගෙන යනවා.ඉන්පුස ඔවුන් දෙදෙනාට කෑමට දී නිවසට ද ගෙන යන බව රාළහාමි හට පවසනවා.සිදුව ඇති දේ කුමක්ද කියා සරා සොයා ගිය පසු ඔවුන්ගේ කසිප්පු බැරල් එක අසලට යනවා ඉන්පසු ඔවුන්ට එතැන තිබු වස බෝතල් හමු වනවා.මෙය කුකුළා මුදලාලිගේ වැඩක් බවත් දියෝගබදු කියු කතාවද ඔවුන්ට මතක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *