මේ දින වල විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මේ දින වල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ගලා ගෙන යනවා.මේය ස්වර්ණවාහිනි නාලිකාවේ රාත්‍රි 9.30ට විකාශය වනවා.සරා කවඩියා සහ සුද්දා කඩය අසලට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් හට කිසියම් ව්‍යාපාරයක් පටන්ගන්න ලෙස කියනවා.මේ අතර සුරංග මාස්ටර්ගෙ නිවසට පැමිණෙනවා.තමා අතින් උන වැරැද්දට සමාව දෙන ලෙස කියනවා.නමුත් සරා ගැන මීට වඩා සොයා බලන ලෙස සුරංග පවසනවා.මේ අතර පන්සලට පැමිණෙන ලේඛම් මහතා සහ ග්‍රාමසේවක මහතා පැමිණ පන්සලේ කලායතනය කිරීමට තමන් අකමැති බව කියනවා.කුකුළා මුදලාලි සහ කැකුලා කෙසේ හෝ නැවත කසිප්පු පෙරන තැනට වැඩ සිද්ධ කල යුතු බව කතා කරනවා.කෙසේ හෝ ඔවුන්ට පාඩමක් උගන්වන ලෙස කියනවා.මේ අතර කවඩියා සහ සරා ගීතිකා සහ පාඨලි එනතුරු මඟ රැකගෙන සිටිනවා.ඉන්පසු සරා වෙත පාඨලි මුදල් දෙනවා.ඉන්පසු එයට අකමැති වන සරා එය නැවතඇයට දෙනවා.නමුත් ඒදේවල් නොගන්නා ලෙස සරා කියනාවා.ඉන්පසු හොඳ වැඩක් කරලා හොඳ මනුස්සයෙක් උන දවසට එය නැවත ඇයට දෙන ලෙස කියනවා.ඉන්පසු පාඨලි සහ ගීතිකා එතැනින් පිටව යනවා.

කඩය වෙත යන කවඩිය සහ සුද්දා නැවත කිරි පුතා ගැන කතා කරමින් සිටිනවා.ඉන්පසු සිදු වූ දේ පිලිබඳ මුදලාලි කතා නොකරන ලෙස කියනවා.මේ අතර කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙන මන්ත්‍රිතුමා කුකුළා මුදලාලි හට වැදගත් දෙයක් පැවසිමට ඇති බව කියනවා.නමුත් එය දේශපාලනය හා සම්බන්ධ දෙයක් නොවන බව ඔහු කියනවා.විස්තර අසන මුදලාලි හට මන්ත්‍රිතුමා තමා ජානු හට කැමති බව කියනවා.නමුත් එයට එකවර පිලිතුරු නොදෙන මුදලාලි එය බිරිඳගෙන් සහ ජානුගෙන් අසා බලන ලෙස පවසනවා.මේ අතර කුරුණෑග ගොස් පැමිණෙන සරාගේ අක්කා තම ස්වාමියා වැඩ කරන තැන නැති බවත් ඔහු වැඩ කරන තැන අය පුදුම වූ බවත් ඇය පවසා සිටියා.නිතර නිතර ඔහුගේ බිරිඳකියු ගැහැණු කෙනෙකු හෝටලය ආ බව ඔහුගේ මිතුරන් ඇයට පවසා සිටි බවත් ඇය පැවසුවා.වාඩියට වි කතා බස් කරමින් සිටින අතරතුර ඔවුන් පොළට ගොස් එළවළු විකිණිමට කතාබස් කරගන්නවා.ගමේ සිටින අයගෙන් එළවළු ලබා ගැනිමට උවමනා බව කියනවා.උදැසනම ගොස් එළවළු එකතු කිරිමට සුදානම් වෙනවා.උදැසන කොරටු වලට යන කවඩියා සහ සුද්දා හට කිසිවෙකු එළවළු දිමට අකමැති වෙනවා.මේ අතර කුකුළා මුදලාලි මන්ත්‍රිගේ යෝජනාව පිළිබඳ බිරිඳට කියනවා.නමුත් මෙයට බිරිඳ කැමති නැති බව පවසනවා.ඉන්පසු තමන් දෙදෙනා අකමැති බව නොකියා ජානු අකමැති බව පමණක් කියමු කියා පවසවා.මේ අතර පන්සලේ දානේ හොරකම් කිරීමට කුඩා දැරියක් සහ පිරිමි ළමයෙකු පැමිණෙනවා.ඔවුන් දානේ ටික බැගයකට දමාගෙන රැගෙනය යනවා.මේ අතර පසු දින ජානු වෙතපැමිණෙන රත්නේ මුදලාලි හා බිරිඳ අතර වුනු කතා බහ අසා සිටි බවත් එහිදි මන්ත්‍රිතුමා ජානුට කැමති බව පවසා ඇති බව කියනවා.ඉන්පසු එතැනට පැමිණෙන මුදලාලිගෙන් ජානු රත්නේ කියනකතාව ඇත්තද කියා විමසනවා.ඉන්පසු එය ඇත්තක්ද කියා විමසනවා.ඉන්පසු කවඩියා සහ සුද්දා තවත් අය සමඟ එළවළු ගැන කතා කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *