මේ දින වල රාත්‍රි 9.00ට විකාශය වන මුතු අහුර ටෙලි නාට්‍ය මේ ගෙවෙන්නේ අවසාන කොටස් කිහිපයයි.මේ දින වල ප්‍රේක්ෂක හදවත් පාරමින් ගලාගෙන යනවා.ඉතාම අසාද්‍ය තත්වයේ සිටින සොංගුල් හට සිහිය ඒවියි කියන බලාපොරොත්තුවෙන් යහළුවන් සියලු දෙනා බලාගෙන සිටිනවා.සති දෙකකට පසු සොංගුල් හට සිහිය එනවා.ඉන්පසු ඔවුන්ට ඇය හමුවීමට පුළුවන් බව කියනවා.මේ අතර ගුසේ සොංගුල් බැලිමට යනවා.සොංගුල් වෙත පැමිණෙන ගුසේ ඇයට ඔවුන්ගේ දරුවා පෙන්වනවා.එතැනින් එළියට එන ගුසේ සොංගුල් හට ෆැඩික් සමඟ කතා කිරීමට උවමනා බව කියනවා.ඉන්පසු ෆෙඩික් සොංගුල් සිටින තැනට යනවා.ඉන්පසු ඇයගෙන් සොංගුල් පොතක් සහ පෑනක් ඉල්ලා ගන්නවා.ඉන්පසු එතැනින් පිටතට එන ෆෙඩික් ගෙන් ඇයි කියා සියලු දෙනා විමසනවා.ඇය යහළුවන්ට හිරේ ගොස් කී දවස් එහි සිටිමට උවමනාද කියා විමසු බව ඇය කියනවා.නමුත් ඇය පැවසු දේ බොරුවක් බව දැනගත් අලි ඇගෙන් ඇත්ත විමසනවා.ඉන්පසු ෆෙඩික් ඇය අත තිබු කොලය ඔහුට පෙන්වනවා.ඉන්පසු සොංගුල් බැලිමට කදර්,සෙමරේ,මෙරාල් සහ එව්ලිල් පැමිණෙනවා.ඉන්පසු ඔවුන් ඉතාම සතුටු වෙනවා.සොංගුල් එකින් එක්කෙනා අමතා තමාගේ දුව හොඳින් බලා ගන්නා ලෙස කියනවා.ඉන්පසු ටික වේලාවකට පසු සොංගුල් ඇස් පියා ගන්නවා.

 

ඉන්පසු ඇයට සම්බන්ධකර ඇති මැෂින් සියලු දේ නතර වනවා.එතැනට පැමිණෙන ඩොක්ටර් ඔහු නැති වී ඇති බව කියනවා.සියලු දෙනාම හඩමින් සිටිනවා.සියලු දෙනාම තමන්ගේ අති මතකයන් මතක් කරමින් සොංගුල්ගේ අවසන් කටයුතු සිදු කරනවා.අවසන් කටයුතු සිදු කර පසුදින කදර් සිමරේ එව්ලිල් මෙරාල් සහ නසාන් මැඩම් පොලිසියට බාර වීමට පැමිණෙනවා.ඉන්පසු එතැනදි ෆෙඩික් හට සොංගුල් ලියා දුන් ලිපිය ඔවුන්ට දෙනවා.එහි ඇත්තේ යාවුස් සොංගුල් මැරු බවත් තම යහළුවන් එයට සම්බන්ධ නොමැති බවත්ය.නමුත් එය පොලිසියට නොදෙන ලෙස ෆෙඩික් හට කදර් පවසනවා.මෙහිදි ඔවුන් අවුරුදු 2කට හිරේ යාමට සිදු වෙනවා.අවුරුදු 2කට පසු සියලු දෙනා නිදහස් වී පැමිණෙනවා.ඉන්පසු ඔවුන් මුලින්ම සොංගුල්ගේ සොහොන වෙත යනවා.සියලු දෙනාටම අළුතින් ජීවිතය පටන් ගැනිමට උවමනා බව සියලු දෙනා වටහා ගන්නවා.ඉන්පසු මොවුන් සියලු දෙනා ගුසේගේ නිවසට යනවා.නමුත් ඔවුන් දකින ගුසේ හට ඉතාමත් කේන්ති යනවා.ඉන්පසු ඔවුන්ට සොංගුල්ගේ දුව බැලිමට උවමනා ලෙස කියනවා.නමුත් ඇය බැලිමට නොදෙන බව ගුසේ කියනවා.කිසිම දිනක ඔහුගේ දියණිය ඔවුන්ට නොපෙන්වන ලෙස කියනවා.ඔවුන් එදින පැනයාමට තිරණය නොකරේනම් තවමත් සොංගුල් ජීවතුන් අතර සිටිනවා පවසා ඔවුන්ට බැන දොරවසා ගන්නවා.

 

ඔවුන් දොර අරින ලෙස කෑ ගැසුවත් ඔහු දොර ඇරියේ නැහැ.එතැනට ගුසේ චූටි දුව පැමිණෙනවා.ඇය ඉතාමත් ලස්සන චූටි දුවෙකි.ඇගේ නමත් සොංගුල් ලෙස ඔවුන් තබා ඇත.ගුසේ වෙත පැමිණෙන චූටි සොංගුල් ගුසේ වඩා ගන්නවා.ඉන්පසු එතැනින් පිටවන ඔවුන් නෙරිමන් මැඩම්ගේ ඔවුන් සිටි නිවසට එනවා.ඉන්පසු ඔවුන් සියලු දෙනා අළුතින් ජීවිතය පටන් ගැනිමට තිරණය කරනවා.මෙරාල් සහ එව්ලිල් පිගන් සෝදන රස්සාවක් සොයාගන්නවා.ඉන්පසු සිම්රේ සහ කදර් පාරේ මාල වළලු විකුණනවා.ඇමතුමක් එන කදර් හට නසාන් මැඩම් කතා කර සොංගුල් එදින ඔවුන්ව බැලිමට සෙලින් මැඩම් එක්කගෙන එන බව කියනවා.ඉන් සතුටු වන කදර් මෙරාල් හට කතා කර සියලු දෙනාම ඇය බැලිමට යනවා.ඉන්පසු එතැනට සොංගුල් එක්කගෙන සෙලින් මැඩම් පැමිණෙනවා.සියලු දෙනාම ඇයව වඩාගෙන හුරතල් කරනවා.ගුසේ හට මෙය නොකියන ලෙස සෙලින් මැඩම් ඔවුන්ට කියනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *