මේ දින වල අවසාන කොටස් කිහිපය විකාශය වන මුතු අහුර ටෙලි නාට්‍ය කාගේත් සිත් කණගාටුකරමින් ගලාගෙන යනවා.දැරියන් ඔවුන් කල
වැරැද්දට දඩුවම් විදිමට ලැස්ති වෙමින් සිටිනවා.පසු දින හිරේට බාර වීමට සියලු දෙනා කතා එකට නිදා ගැනීමට සුදානම් වෙනවා.ඔවුන් සොංගුල් හට නවතින ලෙසත් පවසනවා.සියලු දෙනාම ඔවුන් කල දේවල් කියමින් සහ ඔවුන්ගේ මතක අළුත් කරමින් කතා බහ කරමින් සිටිනවා.පසු දින පොලිසියට බාර වීමට යන නසාන් මැඩම් හමු වීමට ඊදර් පැමිණෙනව.නමුත් ඔහු බලාපොරොත්තු නොවු විදිහට ඇය පොලිසියට බාර වීමට යනවා.ඉන්පසු ඊදර් ඇයව සිහි නැති කරවා තමාගේ නිවසට රැගෙන යනවා.පසුදින යහළුවන් ගෙනයාමට සොංගුල් ගුසේගෙන් කාර් එකේ යතුර ඉල්ලනවා.නමුත් එය නොදිමට ගුසේ සැරසෙනවා.ඉන්පසු දුක් වන සොංගුල් දෙස බලා ගුසේ යතුර දෙනවා.සියලු දෙනා නිවසින් එළියට ආ විට ටූනා එතැනට පැමිණෙනවා. ඔහු සිදු වූ දේට කදර්ගෙන් සමාව ගන්නවා.ඉන්පසු තමා සමාව දුන් බවත් තව අවුරුදු ගානකින් හමු වෙමු කියාත් කදර් ඔහුට කියනවා.මේ අතර මෙරට් තම පියාගේ කාර් එක රැගෙන මෙරාල් රැගෙන යාමට එනවා.නමුත් ඔහු සමඟ ඒම ඇය ප්‍රතික්ෂේප කරනවා.සියලු දෙනා පොලිසියට යමින් සිටිනවා.මේ අතර පොලිසියට යන පාරෙන් වෙනත් පාරකට හරවා සොංගුල් යනවා.

කුමක් කරන්නේද කියා අනෙක් අය විමසුවත් ඇය ඔවුන් රැගෙන යන බව කියනවා.ඉන්පසු ඉදිරියේදි හමුවෙන පොලිස් බාධකයක නොනවත්වා ධාවනය කරනවා.ඉන්පසු එයට බිය වන අය කැගසනවා.ඔවුන් පසු පස පොලිසිය පැමිණෙනවා.ඉන්පසු එයට බිය වන සොංගුල් හට ඇගේ වේගය පාලනය කරගන්න බැරුව යනවා.ඉන්පසු කන්දෙන් පහලට ඔවුන්ගේ කාර් එක වැටෙනවා.සියලු දෙනාම සිහි නැති වී එතැන සිටිනවා.ඉන්පසු සිම්රේ හට පමණක් එතැන සිහිය එනවා.ඉන්පසු ඇය ඉතාම අපහසුවෙන් ඇනෙක් අය ගැන විමසනවා.සියලු දෙන අසාධ්‍ය තත්වයෙන් සිටින බව ඔවුන්ට ප්‍රතිකාර සඳහා පැමිණි අය කියනවා.ඉන්පසු සියලු දෙනාමරෝහලට ගෙන යාමට ඔවුන් කටයුතු කරනවා.ඔවුන් රැගෙන යන අතරතුර සෙම්රේ ගුසේ හට සේරා හට අමතා ඔවුන්ට සිදු වූ දේ පවසනවා.කලබල වන ගුසේ ඉක්මනින් රෝහල වෙත දිව යනවා.මේ අතර ෆෙරිදා මැඩම්,ටොබ්රැක් සර්,මෙරට්,අලි සහ ගුසේ රෝහලට පැමිණ සිටිනවා.සිහි නැති කර සිටි නසාන් වෙත සේරා පැමිණෙනවා.ඉන්පසු ඊදර් ඇයට ආදරේ බව කියනවා.රෝහල් ගත කරන සියලු දෙනා ප්‍රතිකාර සඳහා යොදවනවා.ඉන් සිම්රේ හට පමණක් සිහිය එනවා.

ඉන්පසු ඇය වෙත පැමිණෙන සර්කන් ඇයට කෙසේද කියා විමසනවා.ඉන්පසු රෝහලට සේරා,නසාන් සහ ඊදර් පැමිණෙනවා.ඔවුන් අසලට දැරියන් පරික්ෂා කල ඩොක්ටර් පැමිණෙනවා.එහිදි එව්ලිල් ගේ පෙලහළු වල යකඩ කෑල්ලක් ඇණි තිබු බවත්,වෙලාවට ගෙනා නිසා බේරුණු
බවත්,මෙරාල්ගේ ඉල ඇටයක් කැඩි ඇති බවත් එය බරපතල තත්වයක් බවත් ගැහැණු ළමයෙකු නිසා එය තදින් බලපායි කියාත්,කදර්ගේ වම් කකුල දෙතුන් තැනකින් කැඩි ඇති බවත් ඇයට ටික කාලයක් යනතුරු ඇවිදිමට නොහැකි බවත්,සොංගුල්ගේ තත්වය අසාධ්‍ය බවත් ඇගේ බබා ගැනීමට සිදු වූ බවත් ඇය කියනවා.සොංගුල්ගේ බබා නොමේරු දරුවෙකු නිසා ප්‍රතිකාර වලට දැමු බවත් නමුත් දරුවා හොඳින් සිටින බවත් ඇය කියනවා.සොංගුල්ගේ තත්වය භයානක බව කියනවා.සියලු දෙනටම සිහිය එනවා.නමුත් සොංගුල් පමණක් තවම සිහිනැති වී සිටිනවා.සොංගුල් වෙත යන ගුසේ අඩමින් ඇය නැගිටින බවත් ඔවුන්ගේ දුව මෙලොවට ආ බවත් ඔහු කියනවා.දවස් ගනනක් ගත උවත් සොංගුල් නැගිට්ටේ නැහැ.සියලු දෙනාම නමුත් ඇය ගැන බලාපොරොත්තු අතහැර නොගෙන බලා සිටියා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *