සිරස ටීවී නාලිකාව ඔස්සේ සෑම සතියේ දින පහේම රාත්‍රි හතයි තිහට විකාශනය වන නිසා ටෙලිනාට්‍ය ගොඩක් දෙනාගේ ආදරේ හොඳ ප්‍රතිචාර මත ගලාගෙන යනවා.. ඉතිං මේ වෙද්දි සාප් විසින් පහුගිය කාලය තුල සිදුවූ සියලු දේ ගැන සමගින් පවසා හමාරයි.. ඉතිං ඒ වෙලාවේ ඒ කියන සියලු දෙවල් පිරල් විසින් හොරෙන් අසාගෙන තමයි සිටියේ. ඉතින් ඒ සියලු දේ දැන ගැනීමත් සමග කලකිරුණ පිරල් ඔහුගේ තාත්තගේ නිවසට යෑමට සූදානම් වනවා.. ඒ වෙලාවේ සප් විසින් ඇයව නැවැත්වීමට උත්සාහ කළත් එයින් පලක් වූයේ නැහැ.. මේ විදියට පිරල් යන බව දැනගත් බහාර් ඇගෙන් ඉල්ලීමක් කළා. ඒ ඇයව සහ ඇගේ දරුවන් දෙදෙනාවත් තනිකර නොයන ලෙසයි.. ඒ වෙලාවේ පිරල් යනවනම් ඇයව සහ ඇගේ දරුවන් දෙදෙනාවත් ඔවුන් සමඟින් රැගෙන යන්න කියා ඈ ඉල්ලීම් කළා.. නමුත් පිරල් ඒ දේට කැමති වූයේ නැහැ. ඉතිං ඉන්පසු පිරල්ගෙ තාත්තා පිරල්ව සහ දරු දෙදෙනාවත් රැගෙන එම නිවසින් පිට වූවා. පිරල් දරු දෙදෙන සමගින් එම නිවසින් ගිය එක පිළිබඳව සාප් සිටින්නේ දුකින්. ඔහු ඒ පිළිබඳව සිතමින් සිටින විට බහාර් ඔහු ළඟට පැමිණ මිසන් සහ දොරක් ඔහු මෙලෙස දුකින් සිටින නිසා අවුලින් සිටින බව පවසනවා..  ඒ නිසා ඔහුට මේ අවස්ථාවේ ශක්තිමත් වෙන්න කියා බහාර් ඉල්ලීමක් කරනවා.

සාප්ගේ නිවසින් ගිය පිරල්ව ඔහුගේ තාත්තා විසින් ඇයට ආරක්ෂා සහිතව නැවති සිටිමට හෝටලයක් සූදානම් කරනවා.. ඉතින් ඇය මෙලෙස පැමිණෙන හෝටල් කාමරය තුළ මේසීර්ගෙ ගෝලයෙකු විසින් රෙකෝඩරයක් සවිකර තිබෙනවා.. නමුත් ඒ පිළිබඳව පිරල්වත් ඇගෙ තාත්තවත් දැන සිටියේ නැහැ.. මේසීර් මේ ආකාරයෙන් එම රෙකෝඩරය සවි කරන්නේ සාප් පිළිබඳ ඔහු සිටින්නේ කොහෙද කියා දැනගැනීමට අවශ්‍ය නිසයි.. ඔය අතරේ එලිස්ගේ මරණයට අරිෆ්ගේ සහ ඔහුගේ පියාගේ සම්බන්ධයක් ඇති බව කියමින් පොලිසිය ඔහුගේ නිවසට පැමිණ ඔහුගෙ කඩය ඇතුළත පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසනවා. ඉන්පසු එහි තිබී පිස්තෝලයක් පොලිසියට සොයා ගැනීමට හැකි වෙනවා.. මේ වෙලාවේ අරිෆ් කිසි දෙයක් සිතා ගත නොහැකිවයි ඉන්නේ.. මන්ද ඔහු කිසිසේත්ම මේ මරණයට සම්බන්ධ නැති නිසයි.. ඔහුගේ කාමරය තුළට මෙවැනි පිස්තෝලයක් පැමිණියේ කෙසේද කියා ඔහුට සිතා ගත නොහැකි වුවා. ඉතින් මේ වෙලාවේ සෙයිඩා දකිනවා අරිෆ්ව සහ ඔහුගේ තාත්තාව පොලිසිය විසින් රැගෙන යනවා.. ඒ වෙලාවේ ඇය කලබලයෙන් ඔහුව මෙලෙස රැගෙන යන්නේ ඇයිදැයි ඇසුවත් ඒ පිළිබඳ කිසිවක් නොකියා ඔවුන් දෙදෙනාව රැගෙන ගියා.. මේ වෙලාවේ ගෙදර කෑම සෑදීමට අවශ්‍ය කරන බඩු ආදිය නොමැතිවීම සාප් නිසා තීරණය කරනවා ගෙදරට අවශ්‍ය කරන දෑ එළියෙන් රැගෙන එමට.. මෙලෙස සප් නිවසින් පිට වෙනවත් සමඟම මේසීර් සහ මෙසීර්ගේ ගෝලයන් සියලු දෙනා සාප් සිටින්නේ කොහෙද කියා සොයා ගෙන එන ගමන් තමයි සිටින්නේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *