සෑම සතියේ දින පහේම රාත්‍රී 7.30ට සිරස ටීවී තුලින් විකාශනය වන කිසා ටෙලිනාට්‍ය මේ වෙද්දි ගොඩක් දෙනාගේ ආදරය, ප්‍රතිචාර මත හොඳින් ගලාගෙන යනවා.. ඉතිං මේ වෙනකොට ඔන්න බහාර් ඇගේ දරුවන් දෙදෙනාත් සමග සාප් සිටින නිවසින් පැන යන්න තමයි සූදානම් වී සිටින්නේ.. ඉතින් මේ වෙලාවේ හැමෝම නිදි වෙලාවේ බහාර් දොරක් සහ මිසන් සමගින් ගෙදරින් එළියට යන්නට සූදානම් වෙද්දී ඇය අරිෆ්ට ඈ සිටින තැනට එන ලෙස කෙටි පණිවිඩයක්ද යවනවා.. ඉතිං ඔන්න අරිෆ් මේ වෙලාවේ එතනට පැමිණ ඔවුන් එනවද කියා බලමින් සිටිනවා.. ඒ වෙලාවේ ඔහු දකිනවා බහාර් දරුවන් දෙදෙනාත් සමඟ ඔහුගේ වාහනය තිබෙන දෙසට දිව එනවා. ඉතිං ඒ දිව එනවාත් සමගම එක සැරයටම සාප් බහාර් කියා කෑ ගසනවා.. ඒ වෙලාවේ ඔවුන් ඉතා බියට පත්වනවා ඔවුන්ට කරගන්නට දෙයක් නොමැතිව බලා සිටිනවා.. සාප් කෙසේ හෝ ඔවුන් යන මේ ගමන ඒ අවස්ථාවේ පැමිණ නැවැත්තුවා.. මේ වෙලාවේ සාප්ව දකින දොරුක් ඔහු ලඟට දිව යනවා ඒ වෙලාවේ බහාර්ට දොරුක්ව නවතා ගැනීමට නොහැකි වෙනවා.. ඉතින් මේ වෙලාවේ අරිෆ්ට සාප් බහාර් සහ දරු දෙදෙනා රැගෙන යාමට පැමිණි නිසා බැන වදිනවා. ඒ වෙලාවේ කේන්ති ගිය අරිෆ් ඔහු ළඟට පැමිණෙන විටම සාප්ගේ මුරකරුවන් අරිෆ් දෙසට තුවක්කුවක් දිගු කරනවා.. ඒ වෙලාවේ බහාර් මැදිහත් වී ඒය කෙසේ හෝ නවතා දමනවා.. ඉතින් මේ වෙලාවේ මිසන් සහ දොරුක්ව නිවසට රැගෙන යන්න කියා එම මුරකරුවන්ගෙන් සාප් ඉල්ලා සිටිනවා.. ඒ වෙලාවේ බහාර් විසින් ඔවුන්ට යෑමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියත් සාප් කිසිසේත්ම ඉඩ දුන්නේ නැහැ.. ඉතින් මේ වෙලාවේ මේ රණ්ඩුවට මැදිහත් වෙන අරිෆ්ට සප් පහර දෙනවා.. අරිෆූත් සාප්ට බැනවදිමින් ඔවුන් දෙදෙනා අතර රණ්ඩුවක් ඇති වනවා.. මේ වෙලාවේ බහාර්ටත් ඔවුන් දෙදෙනාගේ මේ රණ්ඩුව නැවැත්වීමට අපහසු වෙනවා.. මේ වෙලාවේ බහාර් අරිෆ්ට එතනින් යන ලෙස ඉල්ලා සිටිනවා..

 

ඉතිං ඔන්න පසුදා උදෑසන සාප් බහාර්ට ඈයත් සමගින් තනිව කතා කිරීමට අවශ්‍ය බව පවසනවා.. ඉතින් ඔන්න මේ වෙලාවේ පහුගිය කාලය තුළදී සිදුවූ සියල්ල ගැන සාප් බහාර් සමගින් පවසනවා. ඒ වෙලාවේ ඇයගේ නැගණිය වන සිරින් නිසා තමයි ඔහුට සියලුම කරදර වූයේ කියා බහාර් සමගින් පවසනවා ඒ වෙලාවේ සිරින් කියන්නේ ඇයගේ සහෝදරිය බව ඔහු නොදැන සිටි බවත් බහාර් සමගින් පවසනවා.. එදා දවසේ බොරු දේවල් පවසමින් ඔහු කරදර කල බව පවසමින් එතැන සිටි කට්ටිය දම්මවා ඔහුව නැවෙන් තල්ලු කර දැමු බවත් බහාර් සමගින් පවසනවා. ඉතින් මේ සියලු ඇත්ත ගැන දැනගත් බහාර් ඉතා කම්පා වුණා.. ඒ වෙලාවේ ඇගේ ජීවිතය දෙපාරක්ම පිරල් විසින් බේරා ගත් බවත් සාප් විසින් පැවසුවා.. ඒ වෙලාවේ සිරිල් විසින් ඔහුව නැවෙන් තල්ලු කර දැමූ බව දැනගත් බහාර්ට තව තවත් සිරින් ගැන වෛරයක් ඇති වූවා.. ඇයට මේ සියලු දේ දරාගැනීමට නොහැකි වූවා.. ඉතින් මේ සියලු ඇත්ත ගැන දැනගත් බහාර් සාප් ගැන ගොඩක් දුක් වූවා.. ඉතින් මේ වෙලාවේ දරුවන් සමගින් එළියට යනවා කියා ගිය පිරල් යලි වතාවක් හොරෙන්ම කාටවත් නොපෙනෙන්න නිවසට පැමිණියා.. එලෙස ඇය හොරෙන්ම නිවස තුළට පැමිණියේ සාප් සහ බහාර් මොනවා ගැනද කතා කරන්නේ කියා බැලීමටයි.. ඉතින් මේ වෙලාවේ සිහිය නැතුව සිටි ඔහුව බේරගත්තේ පිරල් කියා බහාර් සමගින් සාප් පවසනවා.. ඒ වෙලාවේ පිරල් විවාහ වී සිටි ඇගේ සැමියා ඔහුගේ අතින් මිය ගිය බවත් බහාර් සමගින් පවසනවා..

 

ඉතින් එලෙස ඔහුගේ අතින් පිරල්ගේ සැමියා මිය ගිය නිසයි ඔවුන් මෙලෙස හැංගි සිටියේ කියාත් බහාර් සමගින් සාප් පවසනවා.. ඉතින් මේ සියලු දේවල් හොරෙන් අහගෙන ඉන්න පිරල්ට, සාප් බහාර් සමග ඉන්නවා දැකීමත් සමගම ඇයට එය දරා ගැනීමට නොහැකි වූවා.. ඒ වෙලාවේ සාප් විසින් ඔහුටකිසිම දවසක පිරල් ගැන ආදරක් නොතිබුන බවක් සමගින් පැවසුවා. ඉතින් මේය ඇසීමත් සමග ඒ දරාගැනීමට නොහැකි වුන පිරල් යම්කිසි පෙති වර්ගයක් පානය කළා.. ඉතින් මේ සියලු දේවල් අසාගෙන සිටි පිරල් එක සැරයටම කෑගහන්න පටන් ගෙන ගෙදර තිබූ සියලු දේ පොලවෙ ගසමින් කෑගැසුවා.. ඒ වෙලාවේ ඇය මෙලෙස සිටියේ ඔවුන් මොනවද කතා කරන්නේ කියා බැලීමට බව සාප්ට පැවසුවා. මේ වෙලාවේ ඇය බහාර්ට ඇය නිසා ඇගෙ ජිවිතය විනාශ වු බව කියමින් චෝදනා කළා. ඒ වෙලාවේ ඇය විසින් සාප්ට වෛර කරන බවත් පවසමින් ඇය එතනින් පිට වුණා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *