හිරු ටීවි තුලින් සෑම සතියේ දිනකම රාත්‍රී අටයි තිහට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාර මත හොඳින් ගලාගෙන යනවා.. ඉතින් මේ වෙනකොට මේ ටෙලි නාට්‍යය නරඹන , මේ ටෙලි නාට්‍යයට ආදරය කරන සියලු දෙනාම දන්නවා තරුපතිට කිසියම් පිරිසක් විසින් පහර දීම නිසා අසනීපෙන් සිටින බව.. ඉතින් ඔන්න ඔය අතරේ ඊශා ළඟ ළඟම එන රයිසින් ස්ටාර් තරගයෙ ඊලග වටේ සඳහා මුහුණදීමට සූදානම් වෙමින් තමයි සිටින්නේ.. ඒ වෙලාවේ එතැනට ඒන නිලූ විසින් ඇය තරගය සඳහා පුහුණුවීම් කටයුතු කරන්නේ නැද්ද කියා විමසද්දී පුහුණුවීම් කර වැඩක් නැති බවත් තරගයෙන් ඉවත් වීමට සිදු වන බවත් නිලූ සමගින් ඊෂා පවසනවා. ඊෂා තරගය ගැන කලකිරීමෙන් තමයි සිටින්නේ. එයට හේතුව වන්නේ අගස්ති.. ඇය දන්නවා ඇය මෙම තරඟ වටේට ගියත් ඇයව කිසිසේත්ම අගස්ති සහ වින්ඩි ඉදිරි වටේ සඳහා තෝරා ගන්නේ නැති බව.. කොහොමහරි නිලූ විසින් ඇගේ හිත හදමින් ඇයව දිරිමත් කරමින් ඉදිරියට යෑම සඳහා ඇයව සූදානම් කරවනවා..

ඔන්න පහුවදා උදේ ඊෂා සහ සමාධි කොළඹ යෑමට සූදානම් වෙනවා. මේ වෙලාවේ සිය තාත්තාගේත් ආශිර්වාදය සමග ඊෂා ,සමාධි සමගින් ගෙදරින් පිටව යනවා.. මේ වෙලාවේ ඊෂා සහ සමාධි නිවසින් පිටවූ පසු නිලු සමගින් සීයා තාත්තා, අගස්ති විසින් ඊෂාට තරඟයේ ඉදිරි වටය සඳහා යෑමට ඉඩ නොදෙයි කියා කතා කරමින් සිටිනවා. ඒ නිසා ඔහු මේ වෙලාවේ ටිකක් බය වෙලා තමයි සිටින්නේ.. නමුත් නිලූ විසින් ඔහුගේ හිත හදමින් ඇය මේ තරගයෙන් ඉවත් වූවත් රටම ඇයව හඳුනාගෙන ඉවර බව පවසනවා.. ඔන්න දැන් ඊෂා සමාධිත් සමගින් ත්‍රීරෝද රථයකින් කොළඹට යමින් සිටියදී ත්‍රිරෝද රථය රියැදුරු විසින් ඔහුගේ නිවසේ සිටින සියලු දෙනාම ඊෂාට කැමති බව පවසනවා.. ඔහු එලෙස පවසමින් අගස්ති කුමක් කරයිද දන්නේ නෑ නේද කියා ඊෂාගෙන් අසනවා. ඒ වෙලාවේ ඇය විසින් අගස්තිට බැන වැදුණේ ඇයි දැයි කියා අසනවා.. ඒ වෙලාවේ ඊෂා එයට විශේෂ හේතුවක් නැති බව කියමින් එකපාරටම ත්‍රීරෝද රථය මගින් නවත්වන්න කියා බහිනවා. ඒ වෙලාවේදී ත්‍රිරෝද රථ රියදුරු විසින් ඊෂා සමගින් ඡායාරූපයක් ගැනීමට හැකිද කියා අසනවා.. එයට කැමති වු ඊෂා ඔහුත් සමගින් ඡායාරූපයක් ලබා ගන්නවා.. එසේ ලබා ගනිමින් ඇයට හොඳින් එදා දවස ගීතය ගායනා කරන්න කියා සුබ පතනවා..මේ වෙද්දි වින්ඩි සහ වජිරා තරඟයේ විනිශ්චය සඳහා සූදානම් වෙමින් සිටිනවා.. ඒ වෙද්දි අගස්ති එතැනට ඇවිත් හිටියෙ නැහැ.. දැන් වෙද්දි තරඟය සඳහා සියල්ල සූදානම් කරලයි තිබෙන්නේ.. මේ වෙලාවේ වින්ඩි හමුවීමට පැමිණෙන තේමිය එදා දවසේ හොඳට හිතා බලා තීරණයක් ගන්න කියා ඉල්ලීම් කරනවා..

දැන් වෙද්දි තරුපතිත් උඳුල් සහ ඔහුගේ යහළුවත් සමඟින් රූපවාහිනිය ඉදිරියේ හිඳගෙන ඊෂා තරඟයේ ගීත ගායනා කරනවා බලන්න සූදානම් වෙමින් තමයි සිටින්නේ.. ඒ වෙලාවේ දී උදුල් විසින් තරුපතිගෙන් ඊෂාට ඊලග වටේ සඳහා යාමට හැකි වේවිද කියා අසනවා. එතකොට තරුපති විසින් ඊෂා ගීතය හොඳින් ගායනා කරයි නමුත් ඇයට ඉදිරියට යෑම සඳහා මනාපයන් ලැබෙයිද කියා සිතාගත නොහැකි බව පවසනවා.. ඔන්න දැන් rising star තරග වටය ආරම්භ කරලයි තිබෙන්නේ.. ඉතින් තරගකරුවන් ඔවුන්ගේ දක්ෂතාවයන් වේදිකාව මත ඉදිරිපත් කරනු ලබනවා.. ඔය අතරෙදි ඊශා සමගින් තරගය සිටින ඇගේ තරහකාරිනියක් වන කව්‍යා වෙනත් කෙනෙක්ට වීඩියෝ කෝල් එකක් ලබා දෙමින් ඊෂාට ඇසෙන්නට අසපුව සිටින තරුපති ඇයගේ නියම තාත්තා බව පවසනවා.. ඒ වෙලාවේ ඒය දරා ගත නොහැකි වූ ඊෂා ඇගේ දුරකථනය උදුරා ගනිමින් තරුපතිට කිසිවක් නොකියන ලෙසත් ඇයට ඕනෑම දෙයක් කියන්නට කියාත් කේන්තියෙන් පවසනවා.. ඉතින් එදා දවසෙ තරගයේ දෙවැනි තරගකාරිනිය විදියට ඊෂා වේදිකාව මතට පැමිණෙනවාත් සමඟම ගිය වටවල වගේම සියලු දෙනාට පෙනෙන්නට ස්ක්‍රීන් එකක් මත ඇය පළමු දිනයේ පැමිණ අගස්තිට බැන වදින වීඩියෝව දමනවා.. ඉතිං ඊෂාට වේදිකා මත ඇගේ ගායනාව හොඳින් ඉදිරිපත් කර ගැනීමට හැකිවෙයිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *