සෑම සතියේ දිනකම රාත්‍රී 8.30ට හිරු නාලිකාව තුළින් විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ගොඩක් දෙනාගේ හොඳ ප්‍රතිචාර මැද ගලාගෙන යනවා.. ඉතින් මේ වෙද්දි වින්ඩි අගස්ති සමගින් තරහා වී ඔහුගේ ගෙදරින් ගිහින් තමයි සිටින්නේ.. ඉතින් මේ විදියට ඇය අගස්ති සමඟ තරහ වූයේ අගස්ති විසින් ඔවුන්ගේ විවාහය දිනෙන් දින කල් දැමීම නිසයි. ඉතින් ඔන්න මෙලෙස වින්ඩි අගස්ති සමගින් තරහ වී පැමිණියේ වජිරගේ ගෙදරටයි. එලෙස ඇගේ නිවසට පැමිණ අගස්තිත් සමඟ ඇය ප්‍රශ්නයක් ඇති කරගත් බව කියමින් ඇයට දවස් කිහිපයක් වජිරාගේ නිවසේ සිටීමට අවශ්‍ය බව පැවසුවා. ඉතින් ඉන්පසු වජිරා ඇයට ඇගේ නිවසේ දවස් කිහිපයක් සිටීමට ඉඩ දුන්නා.. ඇය අගස්ති සමගින් සිදුවූ රණ්ඩුව කුමක්ද කියා ඇසුවත් වින්ඩි ඒ ගැන කිසිවක් වජිරා සමගින් නොකියා එය මඟ හරිමින් සිටියා..

 

ඉතිං ඔන්න ඔය අතරෙ උඳුල් සහ උදුල්ගේ යහළුවා ඊෂා සමඟින් එළියට වී කතා කරමින් ඉන්න අතරතුර දී ඊෂා දකිනවා තරුපති විසින් පහර දුන් පුද්ගලයන් දෙදෙනාව.. ඒ වෙලාවේ ඔවුන් දකිනවා ඊෂා ඔවුන් දැකපු බව ඒත් සමගම ඉක්මනින් ඔවුන් එතැනින් පිට වෙනවාත් සමගම උදුල් උදුල්ගේ යහළුවන් සමගින් ඔවුන් පසුපස යනවා.. නමුත් ඔවුන් ඒ පසුපස ගියත් උදුල්ට ඔවුන්ව අල්ලා ගැනීමට නොහැකි වනවා.. ඉතිං ඉන්පසු යළි වතාවක් ඊෂා සිටින තැනට උඳුල් සහ උදුන්ගේ යහළුවා පැමිණෙනවා. ඒ වෙලාවේ කේන්ති ගිය ඊෂා උදුල්ට බැන වැදුනා.. ඒ ඔවුන් පසුපස ගිය නිසයි. ඉතිං ඒ වෙලාවේ ඊෂා ඔවුන් දෙදෙනාත් සමගින් තරහ වී එතනින් පිට වෙනවා.. ඉතිං ඒත් සමගම උදුල් ඇය පසුපස දුව යනවා.. එසේ ගොස් ඔහු ඊෂාගෙන් සමාව ඉල්ලා සිටිනවා.. ඒ වෙලාවේ යලි වතාවක් ඔහු එසේ නොකරන බවට ඊෂාට පොරොන්දු වෙනවා..
ඉතින් ඔන්න පසුදින උදෑසනම ඊසා සහ උඳුල් පන්සලට පැමිණ මල් පූජා කරමින් තරුපතිට ඉක්මනින් සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.. ඒ වෙලාවේ ඊෂා විසින් සෑම දිනයකම තරුපතිට හොඳටම සුව වෙනකන් පන්සල් යා යුතු බව පවසනවා.. ඉතින් ඔන්න ඉන්පසු උඳුල් ඊෂා ගෙදර ඇරලවන්න එනවා.. එසේ පැමිණෙන ගමන් ඔවුන් දෙදෙනා කල්පනා කරනවා තරුපතිට මෙවැනි දෙයක් සිදු කරන්න ඇත්තෙ කවුරුන්ද කියා.. ඒ වෙලාවේ උඳුල් විසින් මේ දේ සිදු කර ඇත්තේ කවුරුන් හෝ කෙනෙක් හොඳින් සැලසුම්කර බව ඒ ඊෂා සමගින් පවසනවා..

 

ඒ වෙලාවේ එක සැරේටම ඊෂා තරුපතිට මෙවැනි දෙයක් කළේ අගස්ති විය හැකි නේද කියා උදුල්ගෙන් අසනවා.. ඒ වෙලාවේ ඊෂා විසින් එදා දවසේ රෑ ඇයත් සමගින් කතා කළ දේවල් වලින් සහ ඇයත් එක්ක තිබුන තරහට මෙවැනි දෙයක් ඔහු කරන්නට ඇති කියා සැක කලා.. ඉතින් ඇත්තටම මේ අගස්ති විසින් සිදු කලාද කියන එක තවමත් හිතාගන්නට බැහැ.. ඉතිං ඔන්න උඳුල් ඇයව ගෙදරින් ඇරලවා යනවාත් සමගම එතැනට නිලූ පැමිණියා. ඒ වෙලාවේ ඇය ඊෂා කොහෙද ගියේ කියා අසනවිට තරුපතිගේ පන්තියට ගිය බව පැවසුවා.. ඒ වෙලාවේ නිලූ විසින් ඇගෙන් තරුපති ඇයව පන්තියෙන් ඉවත් කළා නේද කියා ඇසුවා.. ඒ වෙලාවේ ඊෂා විසින් ඔහු ඇයව පන්තියෙන් ඉවත් කළාට පස්සේ ආය වතාවක් ඇයව පන්තියට නොගත් බව පැවසුවා.. ඒ වෙලාවේ නිලූ අමුතු දෙයක් පැවසුවා.. ඒ තමයි තරුපති තමන්ගෙ දුවට වුවත් නීතිය නීතියම තමයි කියා.. ඒ වෙලාවේ ඊෂා පුදුමයෙන් තමන්ගේ දූ කියන්නේ ඇයි කියා නිලූගෙන් ඇසුවා.. ඉතිං ඒ වෙලාවේ නිලූ විසින් ඔහු ඇයට සලකන්නෙ තමන්ගෙන්ම දුවෙක්ට වගේ බව කියමින් එම ප්‍රශ්නය මග හැරියා.. ඉතින් ඇත්තටම අගස්ති තරුපතිත් අතර තිබෙන ප්‍රශ්නය කුමක්ද කියා තවමත් සිතා ගන්නට බැහැ..

ඔන්න වින්ඩි සහ වජිරා කතා කරමින් ඉන්න අතරතුර දී වජිරා එක සැරයටම අගස්ති කතා කළාද කියා ඇසුවා..ඒ වෙලාවේ වින්ඩි විසින් ඇයට කතා නොකරපු බව පැවසුවා.. ඉතින් මේ වෙලාවෙදිවත් වින්ඩි සිදුවූයේ කුමක්ද කියා වජිරා සමගින් පැවසූයේ නැහැ.. ඉතින් ඇය මෙලෙස බලා සිටින්නේ අගස්ති කොයිම හෝ වෙලාවක ඇයට කතා කර ඇය ඔහුගේ නිවසට ගෙන්වා ගන්නකන්.. ඉතිං ඔන්න මේ වෙලාවෙදි වින්ඩිට තේමියගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ වෙලාවේ ඇය විසින් ඇය සිටින්නේ වජිරාගේ ගෙදර බව පවසනවා. ඒ වෙලාවේ තේමිය විසින් ඔවුන් දෙදෙනා අතර ප්‍රශ්නයක් ඇති වූවාද කියා අසන විට ඇය විසින් එසේ කිසි දෙයක් නොවූ බව පැවැසුවා.. නමුත් තේමිය දන්නවා ඔවුන් දෙදෙනා අතර කිසියම් හෝ ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බව.. ඉතින් මේ වෙලාවේ ඔහු ඒය වාසියටගෙන අගස්ති තරහයි නම් ඇයටත් ඒ විදියට ඉන්න කියා ඔහු අකමැති දේවල් ඇයට කරන්න කියා ඇයව පොළඹවනවා.. ඒ වෙලාවේ ඊළඟ දිනයේ competition එක තිබෙන බව ඇයට මතකද කියා අසනවා.. ඒ වෙලාවේ ඊෂා එදින ගායනා කරන බව ඇයත් සමගින් පවසනවා.. ඒ වෙලාවෙදි තේමිය කියන්නේ අගස්තිට හොඳ පාඩමක් උගන්වන්න නම් ඇය අනිවාර්යෙන්ම ඊෂාට ඇගේ කැමැත්ත පළ කරමින් ඇයව ඉදිරියට ගෙන යන්න කියා.. ඉතිං වින්ඩි මොනවගේ දෙයක් කරයිද?අගස්තිගේන් පළිගන්නට ඇය එලෙස ඊෂාව තරගයෙන් ඉදිරියට යවයිද..

 

ඉතිං ඔන්න පසුදා උදෑසනම උඳුල් ඊෂාගේ නිවසට පැමිණ ඈයත් සමගින් කතා බහ කරමින් ඇයට සුබ පතමින් හොඳින් ගීතය ගායනා කරන්න කියා පවසනවා.. ඒ වෙලාවෙ ඔහු ඇයට එලෙස පැමිණ සුබ පතමින් ඇයව දිරිගැන් වුවාට ගොඩක් සතුටු බව උදුල් සමගින් පැවසුවා.. ඉතිං ඔන්න අගස්ති මේ වෙලාවේ ඔහුගේ කාමරයට වී තනිව කල්පනා කරමින් සිටිනවා. ඉතිං අගස්ති මෙලෙස කවුරුන් ගැන කල්පනා කරනවා ඇතිද.. ඉතිං මේ විදියට අගස්ති මද වේලාවක් කල්පනා කරමින් ඇවිදමින් සිට වින්ඩිට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා.. ඉතින් ඔන්න මේ වෙලාවේ වින්ඩියි වජිරා සමග කතා කරමින් ඉන්නවා.. ඉතිං ඒ වෙලාවේ යලි වතාවක් වජිරා විසින් සිදු වූයේ කුමක් ද කියා අසන විට වින්ඩි ඇත්තම ඇයට පවසනවා. ඒ වෙලාවේ අගස්ති යළිත් ඔවුන්ගේ විවාහය කල් දැමීමට අවශ්‍ය බව කියූ නිසා ඇය මෙලෙස අගස්තිව දමා ආ බව ඇයත් සමගින් පැවසුවා.. ඉතිං ඔන්න ඔය වෙලාවෙදිම අගස්ති ඇයට දුරකථන ඇමතුම ලබා ගන්නවා.. ඉතින් අගස්ති එලෙසම දුරකථන ඇමතුමක් ලබා දී ඇය හොඳින් ඉන්නවා ද කියා අසනවා.  ඒ වෙලාවෙ ඔහු සමාව ඉල්ලා ඇයට යළිත් ගෙදර එන ලෙස පැවසුවා..

 

ඒ වෙලාවේ ඇය විසින් ඇයට ඇය ගැන බලා ගැනීමට හැකි බව පවසනවා. ඉතින් ඔන්න මේ වෙලාවේ අගස්ති ඇයගෙන් තේමිය කතා කළාද කියා විමසමින් ඔහුට ඔවුන් අතර තිබෙන ප්‍රශ්නය ගැන නොකියා ඉන්න කියා වින්ඩිට පවසනවා.. එලෙස ඔහු පවසන්නේ එසේ වුවහොත් තේමිය විසින් ඇයගේ මනාපය වෙනස් කරන්නට හදයි කියායි. ඉතින් මේ වෙලාවේ වින්ඩි විසින් ඇයගේ මනාපය ඇයට අවශ්‍ය විදියට හොඳින් හිතා බලා ලබාදෙන බව අගස්තිට පවසනවා.. ඉතින් මේ විදිහට සමහරක් විට අගස්ති වින්ඩිට කතා කරන්න ඇත්තේ ඊෂාව තරගයෙන් ඉදිරියට ගෙන යන්නට එපා කියන්නට විය හැකියි.. මොකද ඇයගේ මනාපය ලැබූණොත් අනිවාර්යෙන්ම ඊෂා තරගයෙන් ඉදිරියට යන නිසයි.. ඔන්න ඔයා අතරේ සමාධි සහ ඊෂා නිලු සමගින් තරුපතිගෙ සුවදුක් බලන්න ඔහුගේ නිවසට පැමිණෙනවා.. ඉතින් මෙලෙස පැමිණ සමාධි ඔහුට තවම ඔහු අසනීපයෙන් සිටි නිසා වැඩිය මහන්සි වෙන්න එපා කියා ඔහුගෙන් ඉල්ලීම් කරනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *