මේ දිනවල රාත්‍රී 8.30ට හිරු නාලිකාව තුළින් විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ගොඩක් දෙනා අතර ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා. ඉතින් ඔන්න ඊෂා ඇගේ කාමරේට වී සිටින අතරතුරදී ඇයට විශාල්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඉතින් ඒ දකිනවත් සමගම ඊෂා අකමැත්තෙන් වාගේ දුරකථන ඇමතුමට පිළිතුරු දෙනවා. ඒ වෙලාවෙ විශාල් ඇගෙන් ඇගේ සැප දුක් විමසමින් එදා දවසේ දී ප්‍රශ්නයක් නැතිව ඇය ගෙදර ආවා නේද කියා විමසනවා. ඒ වෙලාවේ ඇය ඔවුන් හොඳින් කිසි කරදරයක් නැතිව ගෙදර ආ බව විශාල් සමගින් පැවසුවා. ඉතින් ඔන්න ඔය අතරේ දිගින් දිගටම  කතා කරමින් ඉන්න අවස්ථාවේ විශාල්ගෙ දුරකථන ඇමතුම විසන්ධි කරන්න අවශ්‍ය නිසා ඇය ඇගේ අම්මා කතා කරන බව කියමින් විශාල්ගෙ දුරකථන ඇමතුම විසන්ධි කරනවා..

 

ඉතින් ඔන්න උදුල් පහුවදා උදේ ඔහුගේ යාලුවත් සමගින් යලි වතාවක් තරුපති බැලීමට රෝහලට යනවා ඒ අවස්ථාවේ තරුපති  විසින් උදුල්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඔහු නැති දවස් ටික ඔහු වෙනුවට පන්තියට පැමිණෙන දරුවන්ට උගන්වන ලෙසයි. ඒ වෙලාවේ එයට එක ලෙසම කැමති වී ඉන් පසුව දා සිට ඔහු පන්තියට පැමිණෙන ළමයින්ට උගන්වමින් සිටිනවා. ඒ අතරතුර ඊෂාත් පන්තියට පැමිණෙනවා. ඇය දකිනවා උදුල් ළමුන්ට උගන්වන ආකාරය ඒය ඇය එය එළිය සිට බලා සිටිනවා. ඉතින් ඉන්පසු උදුල් දකිනවා ඊෂා එළියට වී ඔහු දෙස බලා සිටිනවා. ඉන්පසු ඔහු එළියට ගොස් ඊෂාටත් පන්තියට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වෙලාවේ ඔහු හොඳින් ළමයින්ට උගන්වන බව ඊෂා උඳුල් සමගින් පවසනවා.

 

ඉතින් ඔන්න ඔය අතරේ පසුවදා විශාල් rising star ඊළඟ තරගය වටේ සඳහා වේදිකාවේ ගීත ගායනා කරනවා. ඉතින් එදා දවසේදීත් ඔහු ඉතාමත් හොඳින් සියලුදෙනාගේම හිත් ඇදගන්නා විදියට ඔහුගේ ගායනය ඉතා විශිෂ්ට ලෙස වේදිකාව තුළ ඉදිරිපත් කළා. විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාර ඔහුට වෙනදා වගේම ලැබුණා. ඒ වෙලාවේ අනිත් අයටත් වඩා අගස්තිගෙන් ඔහුට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ විශාල් තමයි ඔහු හිතන හැටියට රයිසින් ස්ටාර් වෙන්නේ කියා. ඉතින් ඔන්න මේ වෙලාවේ ඊෂා ළඟට පැමිණෙන ඇයගේ සීයා තාත්තා තරගය ගැන විවිධ දේවල් අසමින් විශාල් ගැනත් ඇගෙන් ඇහුවා. ඒ වෙලාවේ රෙහානා දිනුවත් විශාල් දිනුවත් ඈයට  කිසිම ප්‍රශ්නයක් නැති බව ඊෂා සීයා තාත්තා සමගින් පවසනවා. ඒ වෙලාවේ සීයා තාත්තා විශාල්  කියන්නේ ඇගේ හොඳම යහළුවෙක් ද කියා ඊෂාගෙන් විමසුවා. ඒ වෙලාවේ ඇයට ඔහු උපදෙසක් දුන්නා. ඒ තරගයට ගොස් ඒ වැඩේ පමණක් කරගෙන එන්න කියා. වෙන කිසිම දෙයක් තියා ගන්නට එපා කියා ඔහු ඇගෙන් ඉල්ලා සිටියා.  ඔන්න ඉතිං මේ වෙද්දි තරුපති උදුල් සහ උදුල්ගේ යහළුවත්  සමගින් රෝහලෙන් පිටවී ගෙදර එනවා. එය දකින තරුපති ගේ පුංචි සුරතලා වන කොකෝ දිවවිත් ඔහු ළඟට පැමිණෙනවා. එ සුරතලාටත් එ  සතුට දරා ගැනීමට නොහැකි වෙනවා.

 

ඉතින් ඔන්න අගස්ති සහ වින්ඩි මේ වෙලාවේ විවේකය ගත කරමින් සිටින අතරතුර rising star තරගාවලිය ගැන කතා කරමින් සිටිනවා. ඉතිං ඒත් එක්කම වින්ඩි අගස්තිගෙන්  තරුපතිට සිදු වූ දේ ගැන ඔහු කිසි දෙයක් සෙව්වේ නැද්ද කියා අසනවා. ඒ වෙලාවේ එක ලෙසම අගස්ති ඔහු මොකටද තරුපති ගැන සොයන්නේ කියා වින්ඩිගෙන්  ඇසුවා. ඒ වෙලාවෙ ඔහු ඇයට යළි වතාවක් ඔහු ගැන කිසි දෙයක් අසන්නට එපා  කියා ඉල්ලීම් කරමින් ඔහුගේ පරණ දේවල් ගැන නැවත නැවත අසන්නට එපා කියා වින්ඩිට පැවසුවා. ඉතින් ඔන්න මේ වෙලාවේ තරුපති ගෙදරට පැමිණ උදුල් සහ උදුල්ගේ යහළුවා  සමගින් කතා බහ කරමින් සිටිනවා. ඒ වෙලාවේ ඔවුන් කල්පනා කරනවා මෙවැනි දෙයක් ඔහුට සිදු කරන්න ඇත්තේ කවුරුන්ද කියා. ඉතිං ඇත්තටම තරුපතිට මේ වගේ දෙයක් කරන්න ඇත්තේ අගස්ති ද?

 

ඉතිං ඔන්න පසුදින වින්ඩි අගස්ති  සමගින් ඔවුන්ගේ විවාහය ගැන කතා කරමින් ඉන්න අතරතුර ඇයගේ wedding dress එක බැලීම සඳහා හවසට ඇයත් සමගින් ඒමට හැකි ද කියා අගස්තිගෙන් වින්ඩි විමසනවා. ඒ වෙලාවේ ඔහුට එදා දවසේ වැඩක් තිබෙන බැවින් ඇයත් සමගින් යාමට ඒමට නොහැකි බව පවසනවා. ඉන්පසු වින්ඩි  ඔහුට එන්නට බැරි උනාට කමක් නැති බවත් ඇය තනිව ගොස් measurement එක ලබාදී එන්නම් කියා පවසනවා. නමුත් ෆිටෝන් එක දිනයට ඔහු අනිවාර්යෙන්ම ඇයත් සමඟින් යාමට පැමිණිය යුතු බව වින්ඩි අගස්තිට පවසනවා. ඉතින් ඒත් සමගම අගස්ති ඔහුට කියන්නට යමක් තිබෙන බව පවසනවා. ඒ වෙලාවේ අගස්ති විවාහය ඔවුන්ට කල් දැමීමට සිදුවන බව වින්ඩිට පවසනවා. ඒ වෙලාවෙ ඔහු තවමත් විවාහයට ලෑස්ති නැති බවත් වින්ඩිට සමගින් පවසා සිටිනවා. ඒ වෙලාවේ ඔහුව වරදවා තේරුම් ගන්නට එපා කියත් අගස්ති වින්ඩිගෙන් ඉල්ලීම් කරනවා. ඉතිංඑය දරාගැනීමට නොහැකි වුන වින්ඩි ඇයට සියලු දේ තේරෙන බව පවසමින් ඔහුට ස්තුති කරමින් නැවත වතාවක් ඇය කිසිසේත්ම ඔහුගේ ජීවිතයට පැමිණෙන නැති බව පවසමින් ඇය ඇගේ සියලු බඩු බාහිර ආදියද රැගෙන අගස්තිගේ ගෙදරින් යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *