සෑම සතියේ දිනකම රාත්‍රී අටයි තිහට හිරු ටීවී තුලින් විකාශනය වන දිවි තුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාර මත හොඳින් ගලාගෙන යනවා.. ඉතින් මේ වෙද්දි rising star වේදිකාව මත ඊෂා ඇගේ ගායනාව ඉදිරිපත් කිරීමට වේදිකාවට පැමිණයි සිටින්නේ. ඇය ඒ වේදිකාවට පැමිණෙනවත් සමගම තමයි ඇය පළමු දවසේ පැමිණ අගස්තිට බැන බදින වීඩියෝව සියලු දෙනා ඉදිරියේ පෙනෙන්නට දැමුවේ.. ඉතිං ඒ වෙලාවේ ඒය දැකීමත් සමගම ඊෂා හඩමින් ඒ දෙස බලමින් විනාඩි කිහිපයක් වේදිකාව මත ඇගේ ගායනාව ඉදිරිපත් නොකර සිටියා.. ඒ වෙලාවේ අගස්ති ඇයට සිනාසෙමින් ගීතය ගායනා කරනවාද කියා ඇයව ලැජ්ජාවට පත්කරමින් ඇසුවා.. නමුත් ඇය හිත ශක්තිමත් කරගෙන වේදිකා මත පිය ගුණ ගැන කියවෙන ගීතයක් ඉතාමත් හැඟීම්බර ලෙස සියළු දෙනාවම හඬවමින් ගායනා කරා.. ඒ වෙලාවේ නිලූ සහ ඊෂාගෙ සීයා තාත්තාත් ඉතාමත් සංවේදී වෙමින් ඇගේ ඒ ගායනාව රස වින්දා.

ඉතිං අය ඇගේ ගායනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වේදිකාව මතට පැමිණ නිවේදකයා වින්ඩිගෙන් ඇගේ ගායනා පිළිබඳ අදහස් විමසුවා. ඒ අවස්ථවේ ඇය විසින් ඉදිරිපත් කල ඇගේ ගායනව ඉතාමත් සංවේදී බවත් ඒ සංවේදීව දැනුන බවත් පැවසුවා.. නමුත් කෙසේ වුවත් ඇගේ ගායනව මේ තරග වටය සඳහා මදි බව පවසමින් ඊෂාව ඉදිරි වටය සඳහා යෑවීමට අකමැති බව පැවසුවා.. ඉන්පසු අගස්තිගෙන් ඔහුගේ අදහස් ගැන අසද්දී ඔහු විසින් ඇගේ ගායනාව කිසිසේත් හොඳ මට්ටමක නොතිබුණ බවත් ඇය හොඳින් ගායනාව ඉදිරිපත් නොකළ බවත් පැවසුවා.. ඔහු ඇගේ ගීතය තුළ වැරදි රාශියක් තිබූ බව පැවසුවා.. ඉතිං මේ විදියට ආගස්තිත් ඇයව ප්‍රතික්ෂේප කලා. මේ වෙලාවේ වජිරා ඔවුන් දෙදෙනාත් සමඟම තරහින් සිටියේ.. මන්ද ඇගේ මතය වූයේ ඊසා ඇගේ ගායනාව ඉතාමත් හැඟීම්බර ලෙස වේදිකාව තුළ හොඳින්ම ඉදිරිපත් කළ බවයි. විනිශ්ච මණ්ඩලය තුළ ඉනන් තිදෙනාගෙන් අවම වශයෙන් දෙදෙනෙක්ගේ වත් මනාපයන් තරගකරුවෙක්ට තිබිය යුතුයි ඉදිරි වටේ සඳහා යාමට.. දැන් වෙද්දි විනිශ්ච මණ්ඩලය තිදෙනාගෙන් දෙදෙනෙක්ගෙම මනාපය ඊෂාට හිමි වූයේ නැහැ.. නමුත් වජිරා ඔවුන් දෙපළත් සමඟ දිගින් දිගටම වාද කරමින් ඇගේ ගායනය විශිෂ්ට ගායනයක් බව පැවසුවා. ඒ වෙලාවේ ඇය දැඩි ලෙස තීරණය කර ඇය ඉදිරියටම යා යුතු බව කියමින් අගස්තිගේ මේසය මත තිබූ golden buzzer ක්‍රියාත්මක කෙරුවා.. එමගින් ඇයට ඉදිරි වටය සඳහා යෑමට හැකියාව ලැබුණා..

ඉතින් තවමත් වින්ඩි සිටින්නේ වජිරාගේ නිවසේයි. මේ වෙලාවේ වජිරා ඇයට ඇය එදා දවසේ අන්තිම මොහොතේදී කෙසේ හෝ ඊෂාව තරඟයෙන් ඉවත් කරන්නට නේද හැදුවේ කියා අසනවා.. ඒ වෙලාවේ වින්ඩි විසින් ඇයට ඊෂාගේ ගායනය ඒතරම් දැනුනේ නැති බව වජිරා සමගින් පැවසුවා. එලෙස ඇය ඊෂාගේ අඩුපාඩුකම් තිබෙන බව වජිරා සමගින් පැවසුවා.. ඒ වෙලාවේ වින්ඩි අගස්තිව යාලු කරගන්න ඇය මෙලෙස කරපු බව වජිරා පැවසුවා. ඉතින් මේ විදිහට වජිරා සමගින් වින්ඩි කතා කරමින් ඉන්න අතරතුර අගස්ති වින්ඩිට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා. ඒ වෙලාවෙ ඔහු විසින් ඇයට ලෑස්ති වී සිටින්න කියමින් ඔහු ඇයව රැගෙන යන්නට එන බව පවසනවා. ඒ අවස්ථාවේ වින්ඩි එයට අකමැති බව පෙන්නුවත් ඇය කැමති වූවා අගස්ති එලෙස ඇය රැගෙන යන්නට පැමිණෙනවාට. ඉතිං ඉන්පසු දුරකථනය විසන්ධි කරනවාත් සමඟම වින්ඩි වජිරාට ඇයව රැගෙන යෑමට අගස්ති එන බව පවසනවා. ඉතින් ඉන්පසු වින්ඩි හරිම සතුටින් ලෑස්තිවෙලා අගස්ති එන මඟ බලා සිටිනවා.. ඉතිං මෙලෙස යන්න සූදානම් වෙමින් ඉන්න අතරතුර වින්ඩි වජිරාට ඇය වෙනුවෙන් කරපු සියල්ලටම ස්තුති කරමින් නිවසින් පිට වුණා. ඉතිං ඒත් සමගම අගස්ති මගට පැමිණ වින්ඩි එන මග බලා සිටිනවා.. ඉතිං ඉන්පසු ඇය වාහනයට නැග වාඩි වූ පසු අගස්ති වින්ඩි දෙස බලමින් සිනාසුනා. එලෙස සිනාසෙමින් ඇයට කිසිදිනක ඔහුත් සමගින් තරහ විය සිටීමට නොහැකි බව ඔහු දන්නා බව පවසනවා. ඒ වෙලාවේ අගස්ති ඇයගෙන් සමාව ගනිමින් නැවත වතාවක් ඔහුගෙන් ඒවැනි වරදක් සිදු නොවන බවට වින්ඩිට පොරොන්දු වනවා.

ඔන්න ඔය අතරේ නිලූ සමගින් ඊෂා තරගයේ විස්තර කතා කරමින් ඉන්න අතරතුර කාව්‍යා වෙනත් කෙනෙක්ට වීඩියෝ කෝල් එකක් ලබා ගනිමින් ඇය වේදිකාවට යන්නට පෙර ඇය ගැනත් සමාධි ගැනත් තරුපති ගැනත් නරක නරක දේවල් කියූ බව හඩමින් පැවසුවා. ඒ වෙලාවේ තරුපති ඊෂාට මෙතරම් උදව් කරන්නේ ඇය ඔහුගේ දුවෙක් නිසා කියූ බව ඊෂා නිලූ සමගින් පැවසුවා. ඒ වෙලාවේ කේන්ති ගිය නිලූ කාව්‍යා කියන්නේ පුදුම කෙනෙක් බව පැවසුවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *