සතියේ සෑම දිනකම රාත්‍රී නාමයට දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ඉතාමත් හොඳ ප්‍රතිචාර මත ගලාගෙන යනවා. ඉතින් මේ වෙද්දි ආක්ෂා සහ අනුහස් කම්පැනියෙ ඇතිවී තිබෙන ප්‍රශ්න ගැන හිතමින් ඒවා ගැන කතා කරමින් ඒවා විසඳා ගැනීමට උත්සාහ කරමින් තමයි සිටින්නේ. ඔවුන්ට තවමත් මේ සියලු දේ පිටුපස සිටින්නේ මේනක කියන දේ ඔප්පු කර ගැනීමට නොහැකිවයි සිටින්නේ. ඒ ඔවුන්ට හරියාකාරයෙන් සාක්ෂි හමු නොවූ නිසයි. නමුත් කොහොමහරි අනුහස්ට සහ ආක්ෂාට අවශ්‍ය වන්නේ කම්පැනියේ තියන සියලු ප්‍රශ්න විසඳා මේනක ඒවට සම්බන්ධ නම් එය සාක්ෂි ඇතිව ඔප්පු කිරීමටයි.

ඔයා අතරෙදි ආනන්දව හමුවීමට පැමිණෙන උදේනිට ආනන්ද විසින් අනුහස් ගැන ඔයිට වඩා සොයා බැලිය යුතු බව පවසනවා. ඔහු ඇයට එලෙස බැන වදින්නේ එදා දවසේ අනුහස් සහ ආක්ෂා තනිව මහ රැ පාරේ යමින් ඉන්න අතරතුර දී අශෝක ගෝලයන් සමග පැමිණ ඔවුනට අනතුරක් කිරීමට සූදානම් වූ නිසයි. ඉතින් මේ වෙලාවේ ආනන්ද විසින් අනුහස් සමගින් කතා කිරීමට අවශ්‍ය බව උදේනි සමගින් පවසනවා.. ඉතින් ඉන් පසු අනුහස්ට උදේනි විසින් දුරකථන ඇමතුමක් ලබාදී ආනන්දගේ ගෙදරට පැමිණෙන්න කියා පවසනවා. මේ වෙලාවේ ආනන්ද බලා සිටින්නේ අනුහස් එනකනුයි. මොකද එදා දවසේ අනුහස් කරපු වරදට ඔහුට දඩුවම් දෙන්න බලාගෙන තමයි ආනන්ද මෙලෙස ඔහු එන මග බලා සිටින්නේ. ඉන්පස්සෙ අනුහස් පැමිණෙනවාත් සමඟම ආනන්ද ඔහුව අල්ලගන්නයි සිටියේ කියා පවසමින් රෑ තිස්සේ එලෙස තැන් තැන්වල රස්තියාදු ගහන්නේ ඇයි දැයි ඇසුවා.. ඒ වෙලාවේ අනුහස් ඔහු ප්‍රශ්න ගොඩක සිටින බව ආනන්දට පැවසුවා. ඉතින් මේ වෙලාවේ කොම්පැනියේ ඇතිවී තිබෙන ප්‍රශ්න සියල්ල ගැන ඔහු ආනන්ද සමගින් පැවසුවා. ඉතිං ඒ ගැන ඇසූ ආනන්දගේ කේන්තිය නැති වී ඔහු ගැන අනුකම්පාවක් ඇති වූවා. ඉතින් මේ වෙලාවේ ආනන්ද විසින් ඔහුට කලබල නොවන්න කියමින් සියලු ප්‍රශ්න ටික කලබල නොවී විසඳගන්න කියමින් අවවාද කරනවා.

මලින්තත්,රදීශ් පවනි සමගින් ලිහිණිගේ බෝඩිමට වී කතා කරමින් ඉන්න අතරතුර දී මිලාන්ගෙන් රදීශ්ට දුරකථන ඇමතුමක් ලැබෙනවා. එලෙස ඔහු රදීශ්ට කතා කර පහුගිය දිනක රදීශ්ට පහරදුන් මැරයාව ඔහු දුටු බව පවසනවා. ඉතින් ඒය දැන ගැනීමත් සමගම රදීශ් ඔහු ඉන්න තැනට යාමට සූදානම් වෙද්දී ලිහිණි ඔවුනුත් ඔහු සමගින් එතැනට යාමට පැමිණෙන බව පවසනවා.. ඉතින් ඉන් පසු සියලු දෙනාම එම මැරයා සිටින තැන සොයා යනවා.

One Reply to “රදීෂ්ට පහරදුන් මැරයා සොයා ගැනීමට හැකිවෙයිද?”

Leave a Reply to dukaa Cancel reply

Your email address will not be published. Required fields are marked *