දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මත ගලාගෙන යනවා.. ඉතින් ඔන්න මේ වෙද්දි අනුහස්ගෙ කතාව ඇහුව ආක්ෂාට උවමනා වෙනවා බසයේ නැග ගෙදර යෑමට.. ඉතින් ඒ නිසා අනුහස් සහ ආක්ෂා ඔවුන්ගේ වාහනය මග නතර කර දමා බසයෙන් ගෙදර එමින් තමයි සිටින්නේ.. ඒ අතරතුර අනුහස්ගෙ පර්ස් එක වාහනය තුළ දමා ඒම නිසා ඔවුන්ට බසේදී ටිකට් ගැනීමට නොහැකි වූවා. ඉතින් ඉන්පසු එහි සිටින කොන්දොස්තරවරයා විසින් ඔවුන්ට මගින් බහින්න කියූ නිසා ඔවුන් බසෙන් බැස යළි වතාවක් පාරේ ඇවිදිමින් ගියා.. ඒ වෙලාවේ ආක්ෂාට තවත් දුර පයින් යාමට නොහැකි වූ නිසා අනුහස් සහ ආක්ෂා වාහනයක් නතර කරගැනීමට උත්සාහ කලත් එක් වාහනයක්වත් නතර කලේ නැහැ.. ඔන්න ඔය අතරෙදි අනුහස්ගෙ මාමා වන ආනන්ද ගරාජයේ සිටින කට්ටියක් සමගින් වාහනයෙන් පැමිණෙනවා අනුහස් දකිනවා.

ඉතින් මේ වෙලාවේ මේනකට ඔහුගේ ගෝලයෙක් වන අශෝකගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ වෙලාවෙ ඔහු කතා කර අනුහස් සහ ආක්ෂා එතැන සිටින බවත් ඔවුන් දෙදෙනාව ඉවරයක් කරන්නද කියා අසනවා.. ඒ වෙලාවේ මේනක විසින් ඔහුට එය තනිව කර ගැනීමට හැකිද කියා අසද්දී ඔහු ඒ කළ හැකි බව පවසනවා.. ඉතිං ඔන්න ඔය වෙලාවෙ අනුහස් මා සහ අක්ෂා ළඟට පැමිණි ආනන්ද දකිනවා අශෝක ඇතුළු පිරිසක් ඔවුන් ඉදිරියට පැමිණෙනවා. ඉතින් මේ වෙලාවේ පොලුත් රැගෙන එන පිරිසට පහර දෙන්නට ආනන්ද ඔහුගේ ගරාජයේ සිටින පුද්ගලයන් සමඟින් ඉදිරියට යනවාත් සමගම අනුහසුත් ඔවුන් අතරට පැමිණ ඔවුන්ට පහර දෙන්නට ඉදිරියට යද්දී ඔවුන් ආනන්දව දකිනවත් සමගම බයේ දිව යනවා..

ඉතින් ඔන්න ඔය අතරේ රදීශ් ලිහිණිට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා.. එලෙස කතා කර රදීශ් විසින් ඔහුගේ නංගි කතාකල බවත් ඔවුන් විස්තර කතා කරමින් ඉන්න අතරතුර ඔහුට ආදරය කරන්න ගැහැණු ළමයෙක් සිටින බව ඔහුගේ කටින් කියවුන බව නංගි සමගින් පවසනවා.. ඒ වෙලාවේ එය ගණන් නොගන්න ලිහිණි ඒ කවුද කියා ඔහුගෙන් අසනවා. ඒ වෙලාවේ ඒ පවනි බව රදීශ් පවසනවාත් සමගම ලිහිණි , පවනිත් ඔහුට කැමතිද කියා අසනවා.. ඉතින් අනුහස්ට තේ එකක් අරගෙන එන උදේනි ඔහු තේ ඒක බොනවා ආදරෙන් බලා සිටිනවා.. ඇය එලෙස බලාගෙන සිටිනවා දකින අනුහස් ඇය එලෙස බලන්නෙ ඇයි දැයි විමසනවා.. ඒ වෙලාවේ ඇය පොඩ්ඩක් ඔහූ දෙස බලා සිටියදී ඇයි කියා අසනවා නමුත් ආක්ෂා පැය ගානක් ඔහු දෙස බලා සිටියාට ඔහුට කිසි අවුලක් නැති බව උදේනි විහිළුවෙන් වගේ පවසනවා.. ඒ වෙලාවේ ඔහුට ඇයට වඩා ආක්ෂාව වටින්නේ බව පවසනවා.. ඉතින් මේ වෙලාවේ අවුලෙන් වාගේ ඉන්න අනුහස් ඔහු සිටින්නේ ලොකු ප්‍රශ්න ගොඩක බව උදේනි සමගින් පවසනවා.. මේ විදියට අනුහස් කම්පැනියේ ඇති සියලු ප්‍රශ්න ගැන උදේනි සමගින් පවසනවා.. ඉතින් මේ වෙද්දි අනුහස් ගොඩක් කලකිරීමෙන් තමයි සිටින්නේ..

ඉතින් රදීශ් නංගිට වූ පොරොන්දුව මත ලිහිණිගේ බෝඩිමට පැමිණෙනවා ඇය සමගින් ඡායාරූපයක් ගැනීමට. මේ වෙලාවේ ලිහිණි එළියට වී මග බලමින් සිටින්නේ රදීෂ් පැමිණෙනවාද කියා බලමිනි. ඒ වෙලාවෙ ඔහු පැමිණෙනවා දකිනවත් සමගම ලිහිණි බෝඩිම ඇතුලට යනවා.. මෙහෙම පැමිණෙන රදීශ් ඇයත් සමගින් ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය බව පවසනවා.. ඒ වෙලාවේ මුල් වතාවෙ නම් ඇය ඊට අකමැති බව පවසනවා. ඉන්පසු ඔහු යන්න හදනවත් සමගම ලිහිණි ඔහුට ඡායාරූපයක් ගමු කියා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *