සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද හොඳින් ගලාගෙන යනවා.. ඉතින් මේ දවස් වල නම් රදීශ් සහ ලිහිණිගේ ආදර කතාව ගැන තමයි ගොඩක් දෙනා කතා කරන්නේ.. ඉතින් ගොඩක් අයට තිබෙන කුතුහලයක් තමයි ලිහිණි රදීශ්ට ආදරේ කරයිද කියන එක. ඉතිං ඔන්න මේ වෙද්දි අවන්තත් කාලෙකට පස්සේ ආයෙමත් දෙවැනි ඉනිමට ඇවිත් තමයි තියෙන්නේ.. නමුත් දෙව්මි නම් තවමත් රූගත කිරීම් ආරම්භ කරපු වගක් නම් පෙනෙන්නට නැහැ..

ඉතින් ඔන්න මේ වෙලාවේ අවන්ත ඩිලාන් සමගින් ඔවුන්ගේ කම්පැනියට සිදු වූ විනාසේ පිළිබඳව කතා කරමින් ඉන්නවා.. ඒ අතරතුර මේනක මේ දේට පොඩි හෝ සම්බන්ධයක් ඇති බවට අවන්ත සැක පළ කරනවා.. ඉතින් මේ වෙලාවේ අවන්ත විසින් ඔහුගේ සහෝදරයෙක්ට හෝ ඔහු ආදරේ කරන කාට හෝ මේනක විසින් කරදරයක් සිදු කරන්නට ආවොත් ඔහු එය ඉවසන්නේ නැති බවත් ඩිලාන් සමගින් පවසනවා.. ඔන්න ඉතින් මේ වෙලාවේ අනුහස් සමගින් මලින්ත ලිහිණිගෙ බෝඩිමට පැමිණෙනවා. ඒ වෙලාවේ බෝඩිමේ ලිහිණි සමගින් ආක්ෂාත්, පවනිත්, රදීශ් සිටියා.. ඉතින් ඔන්න මේ වෙලාවේ කට්ටියම කතා කරමින් ඉන්න අතරතුර අනුහස් ලිහිණිගේ බෝඩිම ඇතුලට යනවා.. එසේ ගොස් රදීෂ් ලිහිණිට දුන් මල් කළඹත් රැගෙන එය හංගාගෙන පැමිණ අනුහස් ලිහිණිට මල් කළඹ දෙමින් ඔහුගේ හිතේ ඇය ගැන යමක් කියන්න තිබෙන බව පවසනවා.. ඉතින් මේ වෙලාවේ හැමෝම ගොඩක් පුදුමයෙන් බලා සිටිනවා. ආක්ෂාත් කුමක්ද වෙන්නේ කියා බලා සිටිනවා. ඔවුන් කිසිවෙක් දන්නේ නැහැ අනුහස් මෙහෙම කරන්නේ රඟපෑමකට බව.. ඒ වෙලාවේ රදීශ් කලබල වී මල් කළඹ ඔහු ගෙනාව බව කියනවාත් සමගම ලිහිණිත් එම මල් කළඹ ඇයගේ බව පවසනවා.. මේ වෙලාවේ සියලුදෙනාම ඔවුන්ට විහිළු කරමින් සිනාසෙනවා..

 

මේ වෙලාවේ කට්ටියම කෑම කන්න එළියට යන ගමන් තමයි සිටින්නේ.. ඉතිං ලිහිණිගේ හිතේ රදීෂ් ගැන පොඩි හෝ කැමැත්තක් තිබෙන බව නම් දැන් ඇය පෙන්වනවා.. ඉතින් ඔන්න මේ වෙලාවේ අනුහස් සහ ආක්ෂා වෙනම මේසෙකට ගොස් කෑම කමින් සිටිනවා. ඉතින් ඒ වෙලාවේ අනුහස් විසින් ආක්ෂාට කෑම කවන විදිය දකින රදීශ් ලිහිණිටත් කවන්න සූදානම් වෙද්දී ඇය ඉවත බලා ගන්නවා.. ඒ වෙලාවේ ඇය මල් කළඹ තබාගත්තේ ඔහුට තිබෙන කැමැත්තට නොවන බවත් මල් වලට ඇති කැමැත්තට බවත් ඔහු සමගින් පවසනවා.. ඉතිං ඔන්න ඉන්පසු ආක්ෂා සහ අනුහස් ගෙදර එමින් සිටින අතරතුරේ ලිහිණි සහ රදීශ් ගැන කතා කරමින් යනවා.. ඉතින් එලෙස කතා කරමින් යන අතරතුර එක සැරේටම ආක්ෂා විසින් අනුහස්ගෙන් ඔවුන් දුප්පත් වෙයිද කියා අසනවා.. ඒ වෙලාවේ අනුහස් විසින් ඔහු දුප්පත් ව සිටි කාලයේ සිදු වූ විශේෂ සිදුවීම් ගැන ආක්ෂා සමගින් පවසනවා..ඒය ඇසූ ආක්ෂාටත් දුප්පත් වීමට කැමැත්තක් ඇතිවෙනවා.. ඉතිං ඉන්පසු ආක්ෂාට ඇති වුන කැමැත්ත පරිදි ඔවුන් වාහනය මග දමා බසයෙන් යනවා..

One Reply to “අනුහස් ලිහිණිට මල් කළඹ දෙමින් ඔහුගේ හිතේ ඇති දේ පවසයි”

  1. මෙලො රහක් නැති කතාවක්. ඔහේ අද්ද අද්ද යනවා.

Leave a Reply to විපරමා Cancel reply

Your email address will not be published. Required fields are marked *