සෑම සතියේ දින පහේම රාත්‍රී 8.30ට දෙරණ නාළිකාව තුළින් විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ඉතාමත් හොඳ ප්‍රතිචාර මැද ගලාගෙන යනවා.. ඉතින් ඔන්න මේ වෙලාවේ අනුහස් සහ ආක්ෂා පන්සලට යනවා.. එසේ ගොස් පහන් පත්තු කරමින් සිටින අතරතුර ආක්ෂා ඇයට ඇගේ සිතට ලොකු සැනසීමක් දැනෙන බව පවසනවා. ඒ වෙලාවේ අනුහස් විසින් ඇයව කොහොමත් ඔහු විසින් තාත්තගේ සොහොනට එක්කන් යාමටයි සිටියේ කියා ආක්ෂා සමගින් පවසනවා.. ඒ වෙලාවේ ආක්ෂා තාත්තා ඔවුන් වෙනුවෙන් කොච්චර නම් කැපකිරීම් කළ ඇද්ද කියා සිතනවා..

ඉතින් ඔන්න ඔය අතරේ රදීශ් මල් කළඹක් ද අතැතිව ඔහු කෙසේ හෝ මල්කළඹ ලිහිණිට දී ඔහුගේ හිතේ තිබෙන ආදරය ගැන පවසනවා කියා සිතනවා.. ඉතිං ඔන්න රදිෂ් මේ වෙලාවේ මල් කළඹත් රැගෙන ඉතාම සතුටින් ඒ දෙස බලමින් ලිහිණිගේ බෝඩිමට යමින් තමයි සිටින්නේ.. ඉතිං ඔන්න මේ වෙලාවේ මාලින්තත් තවත් ලිහිණිගේ යහළුවන් දෙදෙනෙකුත් බෝඩිමට පැමිණ තමයි සිටින්නේ.. ඉතිං ඒ බව නොදැන තමයි රදීෂ් මෙලෙස ලිහිණිව හමුවීමට පැමිණෙන්නේ. ඉතින් මේ වෙලාවේ මල් කලඹ ද රැගෙන එන රදීෂ් දකිනවා ලිහිණිගේ යහළුවන් සියලු දෙනා බෝඩිමට ඇවිත් සිටිනවා.. ඉතින් ඒය දැකීමත් සමඟම මල් කළඹ ඒ අසල තිබුණු ගලක් අසලින් හංගා තබා බෝඩිමට ඔහු යනවා.. ඒත් සමගම ලිහිණි දකිනවා ඔහු මොනවා හෝ දෙයක් එතනින් තබනවා.. ඉතින් මේ වෙලාවේ රදීෂ් බොරු දේවල් කියවමින් කෙසේ හෝ මලින්ත සහ යහළුවන් දෙදෙනාව බෝඩිමෙන් එලවා ගන්නට හදනවා.. ඒ වෙලාවේ රදීෂ්ට මලින්ත විසින් ඔවුන් තිදෙනාව ඔහුගේ වාහනයෙන් මගට දමා එන්න කියා පවසනවා.. නමුත් රදීෂ් ඒයට කැමති වන්නේ නැහැ.. ඉතින් ඒ වෙලාවේ බලෙන්ම වගේ මලින්ත ඔහුව රැගෙන යනවා..

 

ඉතින් ඔන්න මේ වෙලාවේ තනිවම ගෙදර ට වී සිටින අනුහස්ට ආක්ෂාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා.. ඉතින් මෙලෙස කතා කර අශේන් ඇයව බැලීමට දෙපාරක්ම රෝහලට පැමිණි බවත් එ අවස්ථාවේදී ඔහුගේ අක්කත් රෝහලට පැමිණි බවත් ඔහු ඔහුගේ අක්කාව ඇයට හඳුන්වා දුන් බවත් පවසනවා.. ඒ වෙලාවේ අශේන්ගේ අක්කාව සොයා ගතහොත් ඔවුන්ට ප්‍රශ්න ටික විසඳා ගැනීමට හැකිවන බව අනුහස් සමගින් පවසනවා.. ඉතින් මේ වෙලාවේ අශේන්ගේ අක්කාව ඔවුන්ට සොයා ගැනීමට හැකිවෙයිද? ඉතින් ඔන්න ඒත් සමගම අනුහස් ආක්ෂාට ඔහුගේ ගෙදර ඇවිත් යන්න එන්න කියා පවසනවා.. ඒ වෙලාවේ ආක්ෂා ඇය වැඩක බව පවසනවාත් සමගම අනුහස් ඔහුගේ අම්මා වන උදේනි ඇයට එන්නට කිවූ බව පවසනවා. ඔහු එසේ බොරුවක් කියන්නේ අක්ෂාව ගෙදරට ගෙන්වා ගැනීමටයි.. ඉතිං ඉන්පසු ආක්ෂා ඊට කැමැති වනවා..

ඉතිං ඔන්න මේ වෙලාවේ ලිහිණි වත්තට පැමිණ රදීෂ් හැංගුවෙ මොනවාදැයි බලනවා.. ඒ වෙලාවේ ඇය දකිනවා එතැන මල් කලඹක් තිබෙනවා.. ඉන්පසු ඇය එය රැගෙන ගොස් කාමරයේ මෙසේ මත තබනවා.. ඉතින් ඔන්න කලබලෙන් වගේ රදීෂ් ලිහිණිගේ බෝඩිමට පැමිණ ඔහු තබා ගිය මල්කළඹ සොයනවා ඒ වෙලාවෙ ඔහු කල්පනා කරනවා මල් කළඹට මොකද වූයේ කියා. මේ වෙලාවේ නොදන්නා වගේ ලිහිණි එතැනට පැමිණ ඔහු මොනවද සොයන්නේ කියා අසනවා. ඒ වෙලාවෙ ඔහු මුකුත් හෙව්වේ නැති බව පවසනවා. ඉතිං ඔන්න රදීෂ් යළි නිවසට පැමිණ මල් කළඹට කුමක් වූයේද කියා සිතනවා.. ඒ වෙලාවේ එතැනට පැමිණෙන ඔහුගේ පියා වන ඩිලන් කුමක්ද සිදුවූයේ කියා විමසනවා.. ඒ වෙලාවේ රදීෂ් මුකුත් සිදු වූයේ නැති බව පවසනවා.. ඉතින් මේ වෙලාවේ ඩිලානුත් දැනගෙන සිටියේ ඔහු මෙලෙස ලස්සනට ඇඳ පැළඳගෙන මල් කළඹත් රැගෙන ගියේ ලිහිණිව හමුවීමට බව.. ඒ වෙලාවේ අදාල කෙනාට දී ගන්නට නොහැකි වුව ද කියා විමසද්දී රදීෂ් කේන්තියෙන් මල් කලඹ නැති වූ බව පවසනවා.. ඉතින් මේ වෙලාවේ ඩිලාන් විසින් ඔහු ඉදිරියේ දී ලිහිණිගේ හිත දිනාගැනීමට කළ යුතු දේවල් ගැන කියාදෙනවා..  ඉතින් ඔන්න අනුහස් කුස්සියට වී ඉන්න අතරතුර දී ආක්ෂා ගෙදරට පැමිණෙනවා.. ඉතින් ඔන්න මේ වෙලාවේ අක්ෂා කතා කරමින් ඉන්න අතරතුර අම්මා කොහෙද කියා අසනවා. ඒ වෙලාවේ අම්මා  අමීෂාගේ ගෙදර ගිය බව ආක්ෂා සමගින් පැවසුවා.. ඉතිං ඔන්න මේ වෙලාවේ අනුහස් ආක්ෂාට රස කෑම වේලක් හදලා දෙන්න තමයි යන්නේ.. ඉතිං ඔන්න අනුහස් කෑම හදමින් ඉන්න අතරතුරදී ආක්ෂාත් ඔහුට උදව් කරමින් කෑම සාදනවා.

 

ඉතින් ඔන්න යලි වතාවක් බෝඩිමට පැමිණෙන මලින්ත සහ ඔහුගේ යහළුවන් දෙදෙනාත් සමඟින් ලිහිණි කතා කරමින් ඉන්න අතරතුර දී ඇය දකිනවා රදීෂ් යළිත් බෝඩිමට පැමිණෙනවා.. ඉතින් ඔන්න මේ වෙලාවේ ඔවුන් රෑට මොනවද කන්නෙ කියා කල්පනා කරමින් ඉන්නවා.. ඒ වෙලාවේ ලිහිණි ඇය චීස් කොත්තු කන්නට කැමැති බව පවසනවා.. ඒ වෙලාවේ ඒය ඇසෙනවත් සමගම රදීෂ් කිසිවක් නොකියා යන්නට ගියා.. ඒ වෙලාවේ ලිහිණි ඔහුගෙන් කොහෙද යන්න කියා ඇහුවම ඔහු විසින් කෑම රැගෙන එන්නම් කියා පවසා යනවා.. ඉතින් ඔන්න මේ වෙලාවේ රදීෂ් කෑම කඩයක් ළඟට පැමිණ ඉතාමත් සතුටින් චිකන් කොත්තු දෙකක් සහ චීස් කොත්තුවක් ඔහුට දාලා දෙන ලෙස ඉල්ලා සිටියා.. ඒ වෙලාවේ ඒ සාදන පුද්ගලයා විසින් ඔහු තමයි වාසනාවන්ත කියා පවසමින් කඩේ තිබෙන අන්තිම චීස් කොත්තුව ඔහුට දෙන්නෙ කියා පවසනවා.. ඉතින් රදීශ් කෑම වල සල්ලි ලබාදෙමින් කෑම අරගෙන යන්න සූදානම් වනවාත් සමගම එතැනට කිසියම් පිරිසක් පැමිණෙනවා. ඒ වෙලාවේ කෑම හදන කෙනා විසින් අවසාන චීස් කොත්තුව රදීෂ්ට දුන් බව පවසනවා. ඒ වෙලාවේ චීස් කොත්තුව ඔහුට දෙන ලෙස එම පුද්ගලයා පවසනවාත් සමගම කේන්ති ගිය රදීෂ් චීස් කොත්තු ඔහුගේ බවත් එය ඔහුට දෙන ලෙසත් පවසනවා.. ඒ වෙලාවේ ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී එම පුද්ගලයා විසින් රදීෂ්ට කම්මූල් පහරක් එල්ල කරනු ලබනවා.. ඒ වෙලාවේ රදීෂ් නිකන් සිටියේ නැහැ.. ඔහුත් එතැන සිටින සියලු දෙනාට පහර දෙමින් චීස් කොත්තුව ඔහුගේ අතට ගන්නවා.. ඉතින් මේ වෙලාවේ එතන ලොකු රණ්ඩුවක් ඇතිවනවා.. සියලු දෙනා එකතු වී රදීෂ්ට පහර දෙනවා.. ඉතින් පහරකෑමට ලක් වුන රදීෂ් වාහනයට ගොඩ වී එතනින් ඉක්මනින් පිට වෙනවා..

One Reply to “කිසියම් පිරිසක් පැමිණ රදීෂ්ට පහරදෙයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *