සතියේ දින පහේම රාත්‍රී 8.30 ට දෙරණ නාලිකාව තුළ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය කාගෙත් ආදරය , හොද ප්‍රතිචාර මැද ගලාගෙන යනවා. ඉතින් මේ වෙනකොට රදීෂ් ඔහුගේ ආදරේ ගැන ලිහිණිට කියාගන්න බැරුව තමයි සිටින්නේ. රදීෂ් ඇයට ආදරේ බව විවිධ දේවල් මගින් ඉඟි කළත් ඒ ගැන ලිහිණි දන්නේ නැති ගානට තමයි සිටින්නේ. මොකද ඇයට තවමත් රදීෂ් ගැන හිතේ ආදරයක් ඇතිවෙලා නැති නිසයි. ඇය තවමත් අනුහස් ගැන තමයි සිතන්නේ. ඉතිං ඔන්න රදීෂ් වෙනදා වගෙම ලිහිණි හම්බවෙන්න ළිහිණිගේ බෝඩිමට පැමිණෙනවා. ඒ වෙලාවේ ඔහුට ඇයව හැම වෙලාවෙම මතක් වෙන බව ඈයත් සමගින් පවසනවා. එය වෙලාවේ ලිහිණි ටිකක් සැරෙන් වගේ ඔවුන් දෙදෙනා හොදම යහලුවන් විතරක් බව රදීෂ්ට පවසනවා. ඉතිං ඒ වෙලාවේ අනුහස් රදීෂ්ගේ හිතේ තියෙන සියලු දේම ඇය සමගින් කියූ බව ලිහිණි රදීෂ්ට පැවසුවා. ඉතින් ඒත් සමගම රදීෂ් ඇයගෙන් ප්‍රශ්නයක් විමසුවා. ඒ ඇය කාට හෝ ආදරය කරනවාද යන්නයි. ඒ වෙලාවේ ඇය කල්පනා කරමින් හිඳ ඔව් කියා සිටනවා.ඉතිං ඒ වෙලාවේ ඒ කාටද කියා රදීෂ් විමසුවත් ඒ ගැන කිසිවක් ලිහිණි ඔහුට පවසන්නේ නැහැ.

 

ඉතින් ඔන්න මේ වෙලාවේ මේනක සැලසුම් කරනවා ඔවුන්ගේ කොම්පැනියෙන් යවන්න තිබෙන containers ටික විනාශ කර දමන්නට. ඉතිං ඔන්න එදා දවසේ දී ආක්ෂා අනුහස් ඔෆිස් එකට වී එම containers ටික යවනකන් මග බලා සිටිනවා. ඒසේ බලා සිටින්නේ එක වතාවකදී වගේ මේ වතාවෙදිත් ඔවුන්ගේ කන්ටේනරය lost වෙයි කියන බය නිසාවෙනි. ඉතිං ඔන්න මේ වෙලාවෙදි ආක්ෂාට අශේන් ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ ඔවුන්ගේ containers වල ප්‍රශ්නයක් තිබෙන බව පවසනවා. ඒ වෙලාවේ කලබල වුණු ආක්ෂා එතන වෙන සියලුම විස්තර ගැන ඇයට පවසන්න කියාඅශේන්ට ඉල්ලීම් කරනවා. ඉතින් ඔන්න මේ වෙලාවේ මේනක තුවක්කුවක්ද අතැතිව ගොස් ඔහුගේ බොස් වන දෙශාන්ට වෙඩි තබා පැමිණ එතන ඇති සියලුම පෙට්ටි වලට ගිනි තබා විනාශ කරනවා. ඉතින් මේ විදියට මේනක මේ සියලු දේ විනාශ කරනු ලබන්නේ ඔහුට අනුහස්, සමඟත් ඔහුගේ පවුලේ අය සහ ආක්ෂා එක්කත් තිබෙන තරහ නිසාවෙනි.

ඉතින් ඔන්න පසුදා උදෑසන මේනක කිසිවක් නොදන්නවා වාගේ ඩිලාන් ලඟට කලබලයෙන් පැමිණ සිදු වූ සියල්ල ගැන පවසනවා. ඒ වෙලාවේ මේ සියලු දෙයටම වගකිව යුත්තේ ආක්ෂා බව පවසමින් මේනක ආක්ෂාට බැන වදිනවා. ඒ වෙලාවේ එතනට එන අනුහස් දකිනවා මේනක ආක්ෂාට බැන වදින අයුරු. ආක්ෂා කිසිදෙයක් හිතා ගත නොහැකිව මේනක කියන සියලු දේ අසා සිටිනවා. ඒ වෙලාවේ කිසිවක් නොදන්න අනුහස් මේනකට පහර දෙන්න උත්සාහ කරද්දී මේනක විසින් අක්ෂා නිසා සියලු දේ විනාශ වූ බව අනුහස්ට පවසනවා. ඉතින් මේ වෙලාවේ හඬමින් සිටින ආක්ෂා ලඟට පැමිණෙන අනුහස් ඇගේ හිත හදන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ ආක්ෂා පවසන්නේ ඇය නිසා මේ සියලු දේ සිදු වූ බවයි. ඒ වෙලාවේ ආක්ෂා අනුහස්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඉතින් මේ වෙලාවේ අනුහස් ගොඩක් උත්සහ කරනවා ආක්ෂාගේ හිත හදන්න.

 

ඉතින් ඔන්න රදීෂ් නිවසට වී අවුලින් වගේ ඉන්න අවස්ථාවේදී ඔහුගේ තාත්තා වන ඩිලාන් එතැනට පැමිණ ඔහු සිටින්නේ අවුලකින් ද කියා අසනවා. ඒ වෙලාවේ ඔහුට මොනාහරි අසනීපයක්ද කියා අසනවා. ඒ වෙලාවේ කේන්තියෙන් වගේ රදීෂ් ඔහුට අසනීපයක් නැති බව පවසනවා. ඩිලාන් ඔහුට තිබෙන ප්‍රශ්න කුමක්ද කියා කිහිපසැරයක් විමසුවත් ඔහු එයට පිළිතුරක් ලබා දුන්නේ නැහැ. ඒ වෙලාවේ රදීෂ් ඔහුට ලංකාවේ සිටි ඇති බවත් ඔහු පිටරට යළිත් යනවා කියා පවසනවා. ඔන්න මේ වෙලාවේ අනුහස් ආක්ෂා වත් රැගෙන සොහොනකට පැමිණෙනවා. එසේ පැමිණෙන ගමන් ආක්ෂා එම සොහොන ඔහුගේ තාත්තා ගෙද කියා විමසද්දී ඇයට සොහොන ලඟට ගොස් තිබෙන්නේ කාගේ සොහොනද කියා බලන්න කියනවා. ඒ වෙලාවේ ඇය දැක්කා ඒ තිබෙන්නේ ඇයගේ තාත්තාගෙ සොහොන බව. ඒ වෙලාවේ සංවේදී වුණ ආක්ෂා එතනම හඩමින් බිම ඇදවැටෙනවා. ඒ වෙලාවේ ඇය කවදාවත් ඒතනට පැමිණ තිබුණේ නැති බව අනුහස් සමගින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *