මේ දින වල ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යකි.පොලිසියට ගොස් පැමිණෙන ඇන්ඩ්‍රියා නැවත පොලිසියට නොයන බව තම මවට කියනවා.ඉන්පසු මිනිසුන් ඉතාලියට යවන බව දැනගත් බවත් ඔවුන්ගේ බයිසිකලයක කුඩු තිබු බවත් මවට කියනවා.මේ අතර නිසලි කිසියම් පුද්ගයෙක් හට හෝටලයෙන් ගත් ලියකියවිලි කීපයක් ගෙනැවිත් දෙනවා.මේ අතර ප්‍රියන්වදා කොළඹ ඒමට සුදානම් වෙනවා.චන්දන වෙත පැමිණෙන ඇන්ඩ්‍රියා චන්දන වෙනස් වී ඇති බව කියනවා.ඉන්පසු එය ඇත්තක් බවත් චන්දන කිසියම් කෙනෙකුට හසු වී ඇති බව කියනවා.චන්දන තවමත් කොළඹ ගැන නොදන්නා බව ඇන්ඩ්‍රියා ඔහුට අනතුරු අඟවනවා.ආශා මිස්ගේ නිවසට පැමිණෙන චන්දන ඇය සමඟ ඉදිරියේදි සිදු විය යුතු දේ ගැන කතා කරනවා.ආශා සමඟ නිවසින් පිටතට යන විට සුදු අදින ලෙස ඇය චන්දනට කියනවා.මේ අතර නිසලි කාටත් රහසේම හෝටලය පුරා ඇවිදිනවා.ඉන්පසු පොලිසියට ඇමතුමක් ගන්න ඇය රසික සර් ඉන්නවාද කියා විමසනවා.ඉන්පසු ඇය හෝටලයේ ඇති සියලු විස්තර ඇය පොලිසියේ අයෙක් වෙත කියනවා.

මේ අතර සුලලිත සහ ටිකිරා මුදලාලිගේ නිවසට එනවා.ඉන්පසු නිවසට එන ගාමිණි දකින සුලලිත හට කේන්ති යනවා.ඉන්පසු සුලලිත චන්දන වෙත ඇමතුමක් ගෙන මේ විස්තරය කියනවා.ටිකිරා සමඟ කතා කරන ගාමිණි මුදලාලි නොමැති නිසා එතැනින් පිටවයනවා.මේ අතර චන්දන සහ ආශා මිස් පැමිණෙන විට එම වාහනයට සපුමල්ගේ ගොලයන් පැණ හැප්පු බව කියනවා.ඉන්පසු ඔවුන් රෝහලයට ගෙන යාමට ආශා ඔවුන් කාර් එකට දමා ගන්නවා.ඉන්පසු ටික දුරක් යන විට ඔවුන්ගේ ලේ සෝදා ගැනීමට කාර් එකෙන් බිමට ඔවුන් බහිනවා.ඉන්පසු නැවත ඔවුන් කාර් එකට නගිනවා.ඉන්පසු ටික දුරක් යන විට ඔවුන් අත තිබු බෙල්ට් එකෙන් චන්දනගේ ගෙල සිර කර වාහනය නවත්වන ලෙසකියනවා.ඉන්පසු ආශා මිස් ඇය ළඟ ඇති තුවක්කුව දික්කර ඔවුන්ව බිය වද්දනවා.මේ අතර නිසලි හෝටලයේ ඇති ලියකියවිලි පරික්ෂා කරනවා.මේ අතර ප්‍රියන්වදා කොළඹ ඒමට පිටත් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *