ITN නාලිකාවේ මේ දින වල ඉතා ජනප්‍රිය කතාවක් වන කොළඹ ඉතාලිය ප්‍රේක්ෂක ආදරය මත ගලාගෙන යනවා.ප්‍රියන්වදාගේ නිවසට පැමිණෙන සඳා තමා ගැන කාශ්‍යප කිසියම් කැමැත්තක් ඇතිබව පවසනවා.නමුත් එක පාර කැමති නොවන බවත් ප්‍රියන්වදා ඇයට පවසනවා මේ අතර චන්දනගේ බයිසිකලය රැගෙන කෑම ඩිලිවරි කිරීමට රාහුල් පිට වෙනවා.ඉන්පසු කෝපයෙන් පැමිණෙන චන්දන සුලලිත වෙත පැමිණ රාහුල් හට බැන වදිනවා.ඉන්පසු පාරේ සිටින පොලිසිය රාහුල් ලුහු බඳිනවා.නිවසේ ලියකියවිලි තෝරමින් සිටින මුදලාලි තම බිරිඳ දැක ඔහු අත තිබු ලිය කියවිලි හංඟනවා.එයට සැක සිතන බිරිඳ ඒ මොනවාද කියා අසනවා.මේ අතර රාහුල් පසු පස පැමිණෙන පොලිසිය හෝටලයට ආ විට බයිසිකලය සහ රාහුල් පරික්ෂා කරනවා.ඉන්පසු එතැනට පැමිණෙන මුදලාලිවද පොලිසිය රැගෙන යනවා.මේ අතර බිය වන ඇන්ඩ්‍රියා මවට ඇමතුමක් ලබා දෙනවා.ඉන්පසු දෙදෙනාම කලබල වෙනවා.මේ අතර හෝටලයට පැමිණෙන චන්දන හා සුලලිත විස්තරය දැනගන්නවා.ඉන්පසු සුලලිතට කතා කර ඇන්ඩ්‍රියා පොලිසියට යාමට පිටත් වෙනවා.ඉන්පසු සුලලිතට ඇමතුමක් දෙන චන්දන මේ ගමන නොයන ලෙස කියනවා.ඉන්පසු තමන් නඩුකරුවෙකු අමතන බවත් පවසා යමු ලෙස ඇන්ඩ්‍රියා පවසනවා.මේ අතර මුදලාලිගේ නිවසට පැමිණෙන ටිකිරා විස්තරය නෝනා හට කියනවා.

ඉන්පසු මුදලාලි මිනිසුන් බෝට්ටුවෙන් ඉතාලි යවන බව ටිකිරාට කියනවා.පොලිසියට ගොස් සුලලිත හෝටලයට පැමිණෙනවා.ඉන්පසු උණු වතුර බෝතලයක් තුල කුඩු දමා ඇති බව චන්දනට පවසනවා.ඉන්පසු එය ආශා මිස්ගේ වැඩක් කියා සිදු වූ සියල්ල සුලලිතට කියනවා.ඉන්පසු සුලලිත සහ චන්දන ආශා මිස් සොයා යනවා.ඉන්පසු නිවසට යන විටත් එහි ගැහැණු ළමුන් දෙදෙනෙකු නටමින් සිටිනවා දකිනවා.ඉන්පසු ඔවුන් චන්දන හා සුලලිතට ආශා මිස් සල්ලි දෙන්න කියා පවසා ඔවුන්ට මුදල් ලබා දෙනවා.ඉන්පසු ගැහැණු ළමුන් දෙදෙනා ඔවුන්ට බීමට දෙනවා.ඉන්පසු දෙදෙනාම හොඳටම බොනවා.ඉන්පසු එතැනට පැමිණෙන ආශා මිස් ඇය හා සම්බන්ධ වෙන ලෙස කියනවා.මේ අතර හොඳටම බී නිවසට පැමිණෙන චන්දන හා සුලලිත පසු දින ඔවුන්ගේ ගමේ යන ලෙස කියනවා.ඉන්පසු සුලලිත අත තිබු සල්ලි සියල්ල ටිකිරාට දි ගමේ යන බව කියනවා.මේ අතර ඇන්ඩ්‍රියා අළුතින් වැඩට පිරිස් ගැනීමට සුදානම් වෙනවා.මේ අතර අළුතින් වැඩට ගැහැණු ළමයෙකු පැමිණෙනවා.ඇය නිසලි නම් වෙනවා.ඉන්පසු ඇයව වැඩට ගන්නවා.සුලලිතගේ කීමට ටිකිරා ගමට එනවා.ඉන්පසු සුලලිත දුන් සල්ලි සියල්ල තාත්තාට දෙනවා.

ආශා හමු වීමට එන චන්දන ඇය හා සම්බන්ධ වීමට කැමති බව කියනවා.ඉන්පසු ආශා මිස් සමඟ ගොස් ඔවුන් සම්බන්ධ වන තැන් ගැන දැනගන්නවා.මේ අතර රසික සිටින පොලිසිය වෙත සපුමල්ගේ මරණය ගැන සොයමින් සිටිනවා.ඉන්පසු ඔවුන් ලඟ ඇති පින්තුර බලමින් සිටන රසික සුලලිතගේ රුව දකිනවා.ප්‍රියන්වදා රසික වෙතඇමතුමක් ගන්නවා.ඉන්පසු චන්දන ඉතාලි ගොස් නැති බව පවසනවා.ප්‍රියන්වදා ළඟට පැමිණෙන අම්මා හට ඇය කොළඹ ගොස් රස්සාවක් කිරිමට කැමති බව කියනවා.ඉන්පසු ඇයට කැමති තීරණයක් ගන්නා ලෙස අම්මා කියනවා.පසුදින චන්දන පෙර වගේම උණු වතුර බොතලය රැගෙන ලොතරැයි කුඩුව වෙත යනවා.මේ අතර සුලලිත ටිකිරාගෙන් මුදලාලි ඇත්තටම කල දේ විමසවා.ඉන්පසු එය නිසලි අසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *