ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය සතියේ දින පහෙම රාත්‍රි 9.00ට විකාශය වනවා.මේ දින වල සිසුවියන් තරඟය සඳහා සුදානම් වෙනවා.ඉන්පසු යමුනු ටීච තවත් එක් අයෙක් කණ්ඩායම අඩු බව පවසනවා.පුර්ණසහ චලො පාරේ එනවිට එතැනට සාරංග පැමිණෙනවා.ඉන්පසු චලෝ අත ඇති වටුකුරුළු කූඩුව රැගෙන යනවා.චලෝගේ නිවසට චින් පැමිණෙනවා.සුද්දිගෙන් ඇය පුර්ණ නිවසට ආවාද කියා විමසනවා.පුර්ණ ගිය බව කී විට චින් දුක් වී එතැනින් පිටව යනවා.පසුදින සුද්දි පුර්ණගේ නිවසට පැමිණෙනවා.පූර්ණගේ පියාගෙන් සහ මවගෙන් ඇය මේ නිවසේ නවතින්නද කියා විමසනවා.පුර්ණගේ මවගේ සාරියක් ගෙන ගසක ගැට ගසා සුද්දි සෙල්ලම් කරමින් සිටිනවා.එතැනට පැමිණෙන පුර්ණගේ මව ඇය බනිනවා.

පුර්ණ අසලට පැමිණෙන සීතා ටීච පුර්ණගෙන් ප්‍රධාන ශිෂ්‍ය නායක වීමට කැමතිද කියා විමසනවා.එයට සුදුසුනම් ඔහු එය භාරගන්නා බව සීතා ටීචට කියනවා.ඉන්පසු ඇය ඔහුට පාසලේ ඉගෙනීම් කටයුතු වලට පාපන්දු ක්‍රීඩාව කරදරයක් බව පවසා ලියුමක් ලියා දෙන ලෙස කියනවා.නමුත් පුර්ණ එයට අකමැති වෙනවා.සාරංග හට පුර්ණගේ පියා මුණ ගැසෙනවා.සාරංග පුර්ණගේ පියා හට තම පුතාට අවවාද දෙන බව පවසනවා.නිශ්ශංක සර් චලෝගේ නිවසට පැමි‍ණෙනවා.ඉන්පසු චලෝ එහි නොසිටි බැවින් තරඟය ගැන විස්තර පතක් සුද්දි අතට දෙනවා.සර් ගිය විට ඇය එය විසික් කර සෙල්ලම් කරනවා.පුර්ණ පාරේ එන විට සාරංග මුණ ගැසෙනවා.ඉන්පසු ඔහු චලෝ සාරංගගේ බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *