මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය මේ ආකාරයට ගලාගෙන යනවා.කබලේ මුදලාලිගේ පුතා පොල් රැස් කරගෙන කඩයට දැමීමට යනවා.ඔහු හට කිසිදු අවඩැක් සිදු නොකරන බව කබලේ මුදලාලි පවසා එතැනින් පිට වනවා.යමුනා ටීචගේ පත්වීම ලැබුනු පාසලටද ඇය පාපන්දු උගන්වමින් සිටිනවා.පසුදින හංසි හා දැරියන් හමු වන යමුනා ටීච සාරංග සහ කබලේ මුදලාලිගේ කරදර ගැන කතා කරමින් සිටිනවා.උදෑසන සෙල්ලම් කරමින් සිටි පිරිම ළමුන් දැක සාරංග එතැනට එනවා.ඉන්පසු එතැනදි වන බහින් බස් වීමකින් පසු සාරංග වෙත ජුවා කනේ පහරක් දෙනවා.චලෝ සහ පුර්ණ කතා බහ කරමින් සිටිනවා.

ඉන්පසු තමා හැප්පු කෙනා හොයාගත යුතු බව චලෝ කියනවා.ඉන්පසු තමාගේ සෑම දිනම ඔළුව රිදෙන බවත් පවසනවා.ඉන්පසු ඇයට අමාරුයි කියු විට පුර්ණ ඔහු ළඟ අම්මා දුන් උණු වතුර බෝතලයෙන් වතුරගෙන චලෝගේ ඔළුව තෙමනවා.තනිව පාරේ ගමන් කරමින් සිටින චලෝ වෙත පැමිණෙන සාරංග ඇයට ආදරේ බව පවසනවා.ඉන්පසු චලෝ හට ඇය හැප්පුවේ ඔහු ද කියා මතක් වෙනවා.පුර්ණගේ පියා කොළඹ යාමට සුදානම් වෙනවා.ඉන්පසු ඔහු පුර්ණගේ අම්මා හට පුර්ණද කොළඹ රැගෙන යා යුතු බව පවසනවා.පුර්ණ සහ චලෝ කතා බස් කරමින් සිටිනවා.ඉන්පසු චලෝ තරඟයට බිය බව පුර්ණට කියනවා.මේ අතර සාරංග කොළඹ යාමට අකමැති බව පවසවා.ඉන්පසු ඔහුට නොයන ලෙස කබලේ මුදලාලි පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *