මේ වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශ චලො ටෙලි නාට්‍ය සතියේ දින පහේම රාත්‍රි 9.00ට විකාශය වනවා.නිශ්ශංක සර් සහ පුර්ණ අළුතින් ළමුන් පිට්ටනියට දාන අයුරු කතා කරමින් සිටිනවා.මේ අතර චින් සුද්දි හට සළඹයෙක් රැගෙන එනවා.සමනළයෙක් වන තුරු බලාගන්නා ලෙස කියනවා.මේ අතර පුර්ණගේ මව සහ පියා නිවසේ රණ්ඩු වෙනවා.පුර්ණගේ පියා ඔහුගේ මව හට නිවසින් යන ලෙස පවසා ඇගේ ඇඳුම් එළියට විසික් කරනවා.ඇය කලින් වැරැද්දක් කල බවත් එය නැවත නොකරන බවත් ඔහුට පවසනවා.ඉන්පසු පුර්ණගේ පියා තමා කොළඹ රස්සාවක් සොයාගන්නා ලෙස පවසා නිවසින් පිට වෙනවා.මේ අතර හංසි සිටින තැනට බුල්ටෝ පැමිණෙනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා ඔවුන්ගේ දේ කතාබහ කරමින් සිටිනවා.බුල්ටෝ හට තරඟය බැලිමට එන ලෙස කියනවා.යමුනා ටීච පාරේ එන විට සේම් සරා මුණ ගැහෙනවා.ඉන්පසු ඔහු ඇගෙන් බස් එක නැතිද කියා අසනවා.ඉන්පසු යමුනා ටීච එතැනින් යාමට හදනා විට ඔහුට ඇගෙන් උදව්වක් උවමනා බව කියනවා.ඉන්පසු දේවල් ටිකක් කබලේ මුදලාලිට කියු බවත් එය නැවත තමාට කියවා නොගන්නා බව පවසා යමුනා ටීච එතැනින් පිටවයනවා.ගැහැණු ළමුන් සඳහා පිරිමි ළමුන් වෙලේ සෙල්ලම් කිරිමට තැනක් හදනවා.ඉන්පසු එතැනට එන යමුනා ටීච සහ නිශ්ශංක සර් ද ඔවුන් සමඟ වෙලේ සෙල්ලම් කරනවා.

පිපි ගහකට නැග ගැහැණු ළමුන් හට පේර කඩා දෙමින් සිටිනවා.ඉන්පසු ඔහු එක් වරම ගසෙන් බිමට වැටෙනවා.සියලු දෙනා එතැනට දිව එනවා.ඉන්පසු ඔහු වේදනාවෙන් කෑ ගසනවා.ඔහු කලින් සැත්කමක් කල තැන බිම වැදි ඇති බව යහළුවන්ට කියනවා.සිදු වූ සිදු වීම චීනු වමට කියන බව කියනවා.ඉන්පසු ඔහු එසේ නොකරන බව ඇයට කියනවා.එසේ උවහොත් නැවත ඔහුට පාසල් ඒමට නොදෙන බව ඔහු යහළුවන් හට කියනවා.යමුනා ටීච නිශ්ශංක සර් කතා බහ කරමින් සිටිනවා.යමුනා ටීච චලෝගේ නිවසට ගොස් ආ බවත් චලෝ අසනිප බැවින් ඇයව නැවත සෙල්ලම් කිරිමට එවීමට නොහැකි බව චලොගේ වම පැවසු බවයි.චීනු සහ තඩි රබර් වත්තට ගොස් ඔට්ටපාලු එකතු කරමින් යනවා.ඔවුන් එය කරන්නේ ගැහැණු ළමුන් හට බෝල සාදා දීමටයි.මේ අතර හංසි හමු වී කතා කරන යමුනා ටීච හංසි හට අවවාද කරනවා.නමුත් ඒ අවවාද කරන්නේ ඇයි දැයි හංසි යමුනා ටීචගෙන් අසනවා.ඉන්පසු තමන් ආදරය කළ යුතු බවත් නමුත් එය තේරුම් ගෙන තරඟයට වැඩි අවදානය දෙන ලෙසත් යමුනා ටීච ඇයට පවසනවා.සියලු දෙනා තරඟයට ඉතාමත් උනන්දුවෙන් පුහුණුවීම් කටයුතු සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *