සතියේ දින වල විකාශය වන චලෝ ටෙලි නාට්‍ය මේ දින වල ස්වර්ණවාහිනියේ විකාශය ජනප්‍රිය ටෙලි නාට්‍යකි.කතාවේ චරිත දෙකක් වන බුල්ටෝ සහ හංසි ඔවුන්ගේ අනාගතය ගැන කතා කරමින් සිටිනවා.කිසියම් හෝ ක්‍රමයකින් තරඟ ජයගත යුතු බවත් විභාගය පාස් වියයුතු බවත් හංසි පවසනවා.මේ අතර බුල්ටෝ හමුදාවට යාමට කැමති බව හංසි හට පවසනවා.නමුත් හංසි එයට අකමැති බව ඇය ඔහුට හඟවනවා.මේ අතර
පාරේ දිවයන චලෝගේ නංගි නවතා කබලේ මුදලාලි ඇය සමඟ කතා කරනවා.ඉන්පසු අම්මා වතු වල වැඩට ගියාද කියා ඇගෙන් විමසනවා.ඉන්පසු තමාගේ රබර් කට්ටිය බලා ගැනීමට අම්මාට කියන ලෙස ඇයට කබලේ මුදලාලි පවසනවා.නමුත් ඒවා ඇයට වැඩක් නැති බව ඇය පවසනවා.ඉන් පසු එසේ මුරන්ඩු නොවෙන ලෙස මුදලාලි ඇයට කියනවා.මේ අතර පාසලේ හංසිට සහ බුල්ටෝ හට විවිධ දේ ලියා පාසලේ කොලයක් අලවා තිබි එය යහළුවන් කියවමින් සිටිනවා.එතැනට පැමිණෙන බුල්ටෝ එය ලිවුවේ කවුද කියා විමසනවා.ඉන්පසු එතැනට පැමිණෙන තවත් එක ළමයෙකු හංසි පංතියට වී අඩන බව පවසනවා.ඉක්මනින් බුල්ටෝ එතැනින් පිටව යනවා.

මේ අතර චලෝ තරහ වී සිටිමට හේතුව විමසිමට පුර්ණ චලොගේ නිවසට පැමිණෙනවා.යමුනා ටීච සහ නිශ්ශංක සර් අළුතින් ගත් ළමුන් ගැන කතා කරමින් සිටිනවා.මේ අතර චලෝගේ නංගි තනියම තාත්තා ගැන මතක් කරමින් අඩමින් සිටිනවා.මේ අතර යමුනා ටීච අළුතින් පොත් පුස්තකාලයට රැගෙන එනවා.ළමුන් සියලු දෙනා ආසාවෙන් යමුනා ටීච ගෙනා පොත් කියවමින් සිටිනවා.මේ අතර සේම් සරා හට කබලේ මුදලාලි බැන වදිනවා.නිර්මලාගේ දියණිය වන චලෝ හට කරදර නොකරන ලෙස පවසා ඔහුට ගහනවා.මේ අතර සුද්දි පාසලෙන් පැන ඇවිත් චීනු සමඟ කතා කරමින් සිටිනවා.ඉන්පසු චීනු සමඟ දං කඩන්න යාමට සුදානම් වෙනවා.මෙතැනට පැමිණෙන සුද්දිගේ අම්මා චින්ගේ අසල තිබු සුද්දිගේ සපත්තු දෙක දකිනවා.ඉන්පසු ඇයට බනිමින් එක්කගෙන යනවා.උදැසන රැස්වීමේදි රබර් සෙරෙප්පු දා ඇති සියලු දෙනට නවතින බවත් ඒ අය සමඟ චලෝ ද නතර වෙනවා.ඉන්පසු චලො හට විදුහල්පතිතුමා බැන වදිනවා.පාසල් නොයන චිනු බැලිමට යමුනා ටීච පැමිණෙනවා.ඉන්පසු ඇගෙන් කකුල ගැන විස්තර අහනවා.මේ අතර කෑම කමින් සිටින චීනු ටීච හට කෑම කවනවා.මේ අතර පසුදින යමුනා ටීච දරුවන්ට පුහුණු වීම් වලට යනවා.මේ අතර හංසි හමු වන යමුනා ටීචගේ අමුත්තක් ඇති බව හංසි පවසනවා.මේ අතර ටීචට ඇති ප්‍රශ්න ඔවුන්ට පවසන ලෙස පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *