මේ දින වල සතියේ දින පහේම දෙරණ නාලිකාවේ විකාශය වූ මුතු අහු ටෙලි නාට්‍ය අවසන් දින කීපය අවසන් කොටස් කීපය නිමාකර අවසන් වූවා.සියලු දෙනාගෙම ආදරය දිනාගත් මෙම කතාව සියල්ලන්ගෙම සිත් කම්පාකරමින් නිමා වූවා.අවසන් කොටස් කීපය මෙසේ ගලාගෙන ගියා.ගුසේ කිසිදු අයෙකුට සොංගුල් බැලීමට දෙන්නේ නෑ.එයට සියලු දෙනා දුකින් පසු තැවෙමින් කල්පනා කරමින් සිටිනවා.මේ අතර යහළුවන් පාරේ මාල වලලු විකිණීමට සුදානම් වෙනවා.මේ අතර මෙරාල් පාරේ සිංදු කියනවා.ඇගේ ගීතය අසා සිටින එහි ප්‍රසිද්ධ සමාජ ශාලාවක අයිතිකුරු ඇයට එයට පැමිණ සිංදු කියන ලෙස කියනවා.මේ අතර නෙරිමන් මැඩම් දැරියන් හමු වීමට එනවා.ඇය පිරිමි අයෙකු සමඟ විවාහ වූ බවත් ඔහු සමඟ ඇය යන බවත් පවසා ඇය හට දැරියන් හට උදව් කිරීමට නොහැකි වූ බැවින් නෙරිමන් මැඩම් හට ඇති ගොඩනැගිල්ල දැරියන් හට දෙනවා.ඉන්පසු එහි ඔවුන් සොංගුල්ගේ නමින් අනාථ නිවාසයක් සාදා කුඩා දරුවන් රැකබලාගන්නවා..ඒ ආකාරයට වසර පහකට පසු සියලු දෙනාම පැමිණ සිටින්නේ එව්ලිල්ගේ විවාහ උත්සවයටයි.මෙහිදි විවාහ උත්සවයේ වැඩ කටයුතු කරමින් සිටන තැනට මෙරට් පැමිණෙනවා.

ඒ වන විටත් ඔහු වෙනත් අයෙකු සමඟ විවාහ වී සිටිනවා.මේ අතර මෙරාල් වෙත පැමිණෙන මෙරට් ඔහුට සමාවන බවත් තිබු යහළුකම නැති වී නොමැති බවත් පවසනවා.කදර් සෙම්රේ මෙරාල් සහ එව්ලිල් උත්සවය සඳහා ඇඳ සිටින්නේ සෙම්රේ නිර්මාණය කළ ඇඳුම් බව පවසනවා.එතැනට පැමිණෙන සර්කන් සෙම්රේ ඉතා ලස්සන බව පවසනවා.මේ අතර එතැනට පැමිණෙන එව්ලිල් දෙස සියලු දෙනාම බලනවා.ඇය ඉතාමත් ලස්සා මනමාලියක් ලෙස හැඩවී පැමිණියා.මේ අතර ගුසේ සොංගුල් සහ ගුසේගේ අම්මා කෑම ගනිමින් සිටිනවා.ඉන්පසු එතැනදි ගුසේගේ අම්මා විවාහ උත්සවයට යනවාද කියා විමසනවා.ඉන්පසු ඔහු එහි නොයන බව කියනවා.ඉන්පසු ගුසේ එදින කිරීමට ඇති වැඩ නිවසේ සිට කරන බව පවසා සොංගුල් සමඟ ගුසේ නිවසේ නතර වෙනවා.මේ අතර සොංගුල් ගුසේගේ පරිගණකය තුල තිබි සොංගුල්ගේ වීඩියෝ එකක් සොයාගන්නවා.එය සොංගුල් මියයාමට පෙර ගුසේ හා යහළුවන් හට තැබු වීඩියෝවක්.එහි සොංගුල් ඇය මිය ගියහොත් වෙනත් විවාහයක් සිදු කරගන්නා බවත්,දුව ගැන සිතන්න කියාත් පවසනවා.ගුසේ එය බලා හඩා වැටෙනවා.මේ අතර එව්ලිල් සහ පිරිස විවාහය ගිවිස ගැනීම සඳහා අලි එනතුරු බලා සිටිනවා.ඉන්පසු සර්කන් විවාහ රෙජිස්ටාර්ගෙන් තවත් එක් දෙවැනි මනමාලයෙක් නැති බව පවසා ඔහුගේ කාලය නාස්ති කරනවා.

මේ අතර අලි දුවගෙන එතැනට පැමිණෙනවා.මේ අතර මටත් දෙවැනි මනමාලයෙක් වීමට උවමනා බව කියමින් ගුසේ සහ සොංගුල් පැමිණෙනවා.මෙය දකින සියලු දෙන ඉතාම සතුටින් බලා සිටිනවා.ඉන්පසු අලිගේ සහ එව්ලිල්ගේ විවාහ සිදු වනවා.ඉන්අනතුරුව ගුසේ සියලු දෙනාටම පෙන්වීමට දෙයක් ඇති බව පවසා සොංගුල් තබා ඇති වීඩියෝ එක පෙන්වනවා.එහිදි ඇය සියලු දෙනාටම තමාගේ දුව බලාගන්න කියා පවසනවා.එය බලන සියලු දෙනා හඩා වැටෙනවා.ඉන්පසු එතැනට පැමිණෙන නසාන් මැඩම් ඔවුන් එතැනින් ගෙන යනවා.ඉන්පසු සියලු දෙනා ප්‍රිතියෙන් නටනවා.මේ අතර මෙටින් සහ බුස්රා පෙන්වනවා.ගුසේ මෙටින් ගැන අසන විට ටොප්රැක් සර් මෙටින් පංතියේ පළවෙනි බවත් බුස්රා වෛද්‍යවරියක් වීමට ඉගෙන ගන්නා බව පවසනවා.මේ අතර ඩෙෆ්නේ බොහෝ වෙනස් වී ඇත්තේ ඇගේ පෙම්වතා නිසායි.පසුව කදර් සෙම්රේ මෙරාල් සහ එව්ලිල් කතා බහ කරමින් සිටිනවා.මේ අතර ඔවුන් සොංගුල් වද මතක් කරනවා…ජීවිතේ සතුටින් ප්‍රශ්න වලට මුහුණ දියයුතු බව ඇය පවසනවා.අනතුරුව කතාව අවසන එව්ලිල් මෙරාල් කදර් සහ සෙම්රේ පුංචි සොංගුල් සමඟ සතුටින් සිටින අයුරු පෙන්වනවා.ඇයව ඉතාමත් ආදරෙන් ඔවුන් බලාගන්නවා.මේ අතර මිය ගිය සොංගුල් ඈතට වී තමන්ගේ දුව සහ යහළුවන් දෙන බලා සිටිමින් සිනා සෙනවා.ඉතාමත් ලස්සන මෙම මුතු අහුර ටෙලි නාට්‍ය අවසන මෙසේ සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *