මේ දින වල ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.බෝඩිමට පැමිණෙන චන්දන අජිත් සහ කුමාර කළ දේ සුලලිත බව පවසනවා.මේ අතර කුමාර සහ අජිත් පෙර පිරිදිම වාහන වලට පැනිමට සුදානම් වනවා.චන්දන ගැන ඔවුන් කතා වෙමින් සිටිනවා.සඳා කොළඹ ගොස් රැකියාවක් කිරීමට සුලලිතගේ පියාගෙන් අවසර ඉල්ලවා.ඉන්පසු ඔහු ඇගේ දෙමව්පියන්ගෙන් අසන ලෙස පවසනවා.මේ අතර ප්‍රියන්වදා කොළඹට පැමිණෙනවා.ඉන්පසු ඇයව ගැනීම සඳහා රසික පැමිණෙනවා.චන්දන සුලලිත ආශා මිස්ගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ආශා මිස් ඔවුන්ට නැවතිමට ගෙයක් සහ කාර් දෙකක් අරන් දීමට සුදානම් වෙනවා.ඔවුන් අතර සල්ලි තියා නොගන්නා බවත් අළුතින් බැංකු පොත් දෙකක් අරඹා දෙන බව කියනවා.

රසික ප්‍රියන්වදා බෝඩිමට ගෙන යනවා.මේ අතර සුලලිත හෝටලයට එනතුරු ඇන්ඩ්‍රියා බලා සිට ඔහු ප්‍රමාදවීමට හේතුව විමසනවා.මේ අතර ප්‍රියන්වදා රූපලාවන්‍යාගාරයේ සම්මුඛ පරික්ෂණයකට යනවා.මේ අතර ඇයව එහි වැඩ සඳහා තෝරාගන්නවා.ඉන්පසු ඇයව වෙනස් විදිහට අන්දවා ඇගේ නමද වෙනස් කරනවා.මේ අතර නිසලි හා ඇන්ඩ්‍රියා කතා බහ කරමින් සිටිනවා.ඉන්පසු එදින ඇනවුම් සෑහෙන ප්‍රමාණයක් ආ බවත් එය නිසලි හට එය සැක බවත් පවසනවා.මේ අතර හෝටලය වෙත පැමිණෙන මිනිසුන් දෙදෙනෙක් ඔවුන්ගේ කෑම හොඳ නෑ පවසා ඇන්ඩ්‍රියා හට ගැසීමට යනවා.ඉන්පසු කෝපවන සුලලිත ඔවුන්ව පන්නා ගන්නවා.ආශා මිස්ගේ නිවසට පැමිණෙන චන්දන හට ආශා මිස් ඇයට මිස් නොකියන බව කියනවා.ආශා චන්දන හට වාහනයක යතුරක් ලබා දෙනවා.නැවත හෝටලයට පිරිස ගැනීමට ඇන්ඩ්‍රියා මුහුණු පොතේ දැන්වීමක් පලකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *