සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වනවා.ඉතාමත් ජනප්‍රිය මෙය සෑම දෙනාගේම සිත් දිනා ගෙන අවසන්.ජූඩ් හට මුදල් ලබා දි සත්‍යාගේ පියා මුහුදු යවා බඩු වගයක් රැගෙන එන ලෙස කියනවා.පසු දින ශිවා තම යහළුවෙක් වන බන්ටිගේ සැලෝන් එකට ශිවා පැමිණ මුහුණට පේෂල් එකක් දමනවා.එතැනට පැමිනෙන බාබු ඔහුට විහිළු කරනවා.ශිවාගේ පියා හමු වීමට කැතරින් පැමිණෙනවා.ඉන්පසු ඇය තමා බැලීමට මනමාලයෙක් එන බව පවසා ඇය ඔහුට කැමති නැති බවත් ඇය කැමති ශිවා හට යැයි පවසනවා.පසුදින බාබු තමාගේ දෙමාපියන්ගේ කරවල කඩයට පැමිණෙනවා.ඇයට මෙහි වැඩ කරන ලෙස ඔවුන් පැවසුවත් ඔහු එය කිරීමට අකමැති වනවා.බාබු සහ ශිවා කැතරින් හමුවීමට යනවා.ඉන්පසු ඇයට ඇති ප්‍රශ්ණය කුමක්ද කියා විමසනවා.ඉන්පසු ඇය සිදු වූ දේ පවසනවා.ඔවුන් පොඩි කාලේ සිට එකට හැදුනු අය බවත් ඔවුන් හැමදාම යාළුවන් බව කියනවා.මේ අතර එතැනට සත්‍යා අම්මා සමඟ පැමිණෙනවා.ශිවා හා කැතරින් බෝට්ටුවක් උඩට වී සිටින අයුරු සත්‍යා දකිනවා.ටික වේලාවක් ඒ දෙස බලා සිටින සත්‍යා කේන්තියෙන් අම්මාගේ අත මිරිකමින් සිටිනවා.ශිවා වැළඳගනිමින් සිටින කැතරින් දැක සත්‍යා එතැනින් දිව යනවා.නිවසට පැමිණෙන සත්‍යා සිදු වූ දේ ගැන කල්පනා කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *