මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන වලවෙට්ටුවා ටෙලිනාට්‍ය චමින්ද ගුණතිලක මහතාගේ නිෂ්පාදනයෙන් සහ අළුත්වීදියගේ රනිල් කුලසිංහ මහතාගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූවකි.මෙහි ප්‍රධාන චරිතය ලෙස ටීනා රංගනයෙන් දායක වෙයි.ඇය ගමේ රස්තියාදු ගසන ස්වරූපයෙන් ගැහුණු දරුවෙකු වූ ගති ගුණ සහ ක්‍රියාවෙන් පිරිමි දරුවෙක් මෙන් හැසිරෙන චරිතයකි.ගමේ කොල්ලන් හා එක්ව කබඩි ක්‍රීඩාවේ යෙදිමින් මොවුන් සිටී.ඇයගේ නම වෙල්මා නම් විය.මෙහි එන ප්‍රධාන චරිතය ආදි කුකුළන් ඇති කරන ගමේ සිටින තරුණයෙකි.ඇය මෙම වෙල්මා වෙත බෙහෙවින් ආදරය කරන තරුණයෙකි නමුත් ඔහුගේ යහළුවන් ඔහුට බැන වදී.ගමේ චන්ඩියෙක් මෙන් සිටින සොල්දර ගෙදර රතු මහත්තයා කුකුළන්ගේ ඔට්ටු අල්ලමින් ජීවත් වෙන අයෙකි.දිනක් වෙල්මා සහ ඇයගේ යහළුන් ආදිගේ කුකුළෙක් ඔවුන් සිටි ස්ථානයට ආ විට අල්ලා ගනී.ඉන්පසු නිවසට පැමිණෙන ආදි කුකුලා සොයයි.වෙල්මා තම මවගෙන් තමාත් කුකුළ්පොර ගහන්ද කියා අසා සිටී..අම්මා සහ වෙල්මා නිවසට පැමිණෙන විට ඇයගේ නංගී නිවසට වී වැලපෙමින් තම පියා බැන වැදුනු බව පවසයි.රතු මහත්තයාගේ නිවසට පැමිණෙන ආදි ඔහු අල්ලාගත් රතු මහත්තයාගේ කුකුළා දීමට පැමිණිබවත් බවසයි.එම කුකුළා තමන්ට උවමනා නොමැති බවත් ආදිට රැගෙන යන බවත් පවසයි තමන්ගේ කුකුළෙක් නැති වූ බව ආදි පවසයි එහිදි රතු මහත්තයා තමන්ගේ කුකුළන්ව පෙන්වා තමන් ගාව නොමැති බව පවසයි.මේ අතර කබඩි ක්‍රීඩාවේ යෙදෙන තැනට පැමිණෙන ආදි එතන සිටි අයට ද තමාගෙකුකුළෙක් නැති වූ බව පවසයි.ඉන් පසු කුකුළා සොයාදුන්නොත් කීයක් දෙනවාදැයි විමසයි.ආදි කුකුළා සොයාදුන්නොත් රුපියල් 10000ක් දෙනබව පවසයි.ඉන්පසු මුලින් මුදලක් ඉල්ලාගෙන පසුව ඉතිරි මුදල දෙන බව පවසයි.රතු මහත්තයාගේ බිරිඳ පුෂ්පා තමන් විවාහ වී අවුරුදු 10ක් ගත වුවද තවමත් දරුවන් නොමැති බව පවසයි එහිදි රතු මහත්තයා ඇයට බැනවදි.වෙල්මා සහ යහළුවන් කුකුළා රැගෙනවිත් ආදි වෙත දෙයි.ඉන්පසු ඉතිරි මුදල ආදි ඔවුන්ට දෙයි.ඉන්පසු ඔවුන් ඒ මුදල් වලින් අයිස්ක්‍රීම් කයි.ආදි වෙල්මාගේ නිවසට පැමිණෙයි ඉන්පසු ඇයගේ මවගෙන් තමන්ගෙ දුවට කැමති බවත් ඇයට පවසයි.ඉන්පසු ඇය තමන්ගේ දුවව හැදුවේ ඔහු වගේ අයට නොදීමට බවත් පවසා ඔහුව පන්නාගනී.ඉන්පසු කවදා හෝ දවසක වෙල්මාව රැගෙන යන බව පවසයි.ඉන්පසු කේන්තියෙන් පැමිණෙන ආදි යාළුවා සමඟ මේ බව පවසයි.ඉන්පසු ඔහුගේ යාළුවා වෙල්මාව අතඅරින ලෙස පවසයි.නමුත් එසේ කිරීමට නොමැති බවත් ඇයව කෙසේ හෝ කැමති කරවා ගන්නා බවත් පවසයි.මේ අතර වෙල්මාගේ මව උදෑසන කාර් රථයකට ගොඩ වෙයි ඒ පුද්ගලයාට ඇය තමන්ගෙ දරුවන් දෙදෙනාට ලැඡ්ඡාවක් නොකරන බව පවසයි මෙම පුද්ගලයා කවුරුන්දැයි අප තවමත් නොදනී.මේ අතර වෙල්මා ආදිගේ යාළුවෙකුගේ බයිසිකලයේ නැග ගමේ එහෙ මෙහෙ යන බව ආදිගේ යාළුවා වන ගාමා පැමිණ ආදිට පවසයි එයින් කෝප වන ආදි ඔවුන් සොයා යයි
ජගාගේ බයිසිකලේ නැග ගිය වෙල්මා සොයා ආදි ගාමා සමඟ ඔවුන් සිටි තැනට එයි.ඒ අතර කෝප වෙන වෙල්මා ජගාට කතා කර ඉතැනින් පිටව යාමට කතා කරයි මේ අතර කිසිදු දෙයක් නොදන්නා ජගා අතැතිව තිබු අන්නාසි ගෙඩිය ආදිගේ දෙසට දික් කරයි.ඉන් පසු වෙල්මා මෙතනින් යමු ලෙස ජගාට ආමන්ත්‍රණය කරයි.වෙල්මා කැටුව බයිසිකලයේ යන ජයා පසු පස ආදිගේ බයිසිකයට රැගෙන පැමිණෙන ගාමා කොහෙද යන්නේ විමසයි.අපි යන තැන් උඹට වැඩක් නැති ලෙස වෙල්මා පවසා එතැනින් පිටවෙයි.මේ අතර සිදු වූ සිදුවීමට උරන වී ඇති ආදි කබඩි ක්‍රීඩාවේ යෙදි සිටි ගැහැණු ළමුන්ගේ කණ්ඩායමේ සිටි සියල්ලෝටම පහර දෙයි එතැනට වෙල්මා සහ ජගා පැමිණෙන විට ආදි සහ ගාමා එතැනින් ඉවත්ව යයි.එතැනින් ඉවත්ව යන ආදි ගල් තලාවක වාඩි වී සිටියදි එතැනට පැමිණෙන්නෙ වෙල්මාගේ පියාය.ඔහු වෙල්මාගේ පියා උවද ඔහු පවසන්නේ වෙල්මා තමන්ගේ දරුවෙක් නොවන බවයි.වෙල්මා ජගා සමඟ බයිසිකලයේ ගිය බව ආදි පවසද්දි ඔහු පවසා සිටියේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක රවුම් ගහන්නේ නැතුව කෙල්ලො එක්ක රවුම් ගහන්නද කියා ආදිටත් අවමනානම් ඇයව එක්කයන් යන ලෙසයි.වෙල්මාගේ පියා නොවුනත් මොහුගේ ඒ කතාවෙන් ඔප්පුවෙන්නේ වෙල්මාගෙන් ඔහුට කිසිම වැඩක් නැති බවයි.මේ අතර එක් පසෙකින් වෙල්මාගෙ අම්මා සහ නංගියි.නංගි පාඩම් කරමින් සිටින තැනට පැමිණෙන අම්මාගෙන් තමන් කොළඹ ඉස්කෝලෙකට දානවාදැයි මවගෙන් විමසයි.ඒ අවස්ථාවෙ අසරණ වෙන මව කියා සිටින්නේ අපි වගේ අයට කොළඹ ඉස්කෝලෙකට යන්න අමාරුයි කියාය.වෙල්මාගේ මව වෙනත් පුරුෂයන් සමඟ හාදකම් පැවැත්වූවත් කිසිදා දරුවන්ට ඒ බව හැඟ වූයේ නැත ඇය මේ අයුරුන් හැසිරෙන්නේ තමන්ගේ අඟහිඟකම් නිසාවෙනි.ඇයට උවමනා කරන්නේ තමන්ගේ දරුවන් හට හොඳට ඉගැන්වීමට.තමන්ගේ දැන් එකම බලාපොරොත්තුව බාල දියණියයි ඇයට හොඳින් ඉගැන්වීමට ඇය සිහින දකී.දරු සෙනෙහස උතුරාගිය මවකගේ චරිතයට පණ පෙවීමට ඇය ඉතාමත් දක්ෂ වී තිබේ.මේ අතර ජගා එන මග රැකවලලා සිටින ආදි සහ ගාමා ඔහු එන මගට විත් ජගාට හොඳටම පහර දී වෙල්මා නැවත් තම බයිසිකලයේ දමාගෙන නොයන ලෙස පවසයි.වෙල්මා සහ යහළුවන් වෙනදා මෙන් කෑමට මොනවා හෝ සොයාගන්න කතා වෙමින් සිටි ඒ අතර රතු මහත්තයාගෙ වත්තේ කෙසෙල් කැන් ඇතිබව දැනගත් ඔවුන් වත්තට පැන කෙසෙල් කැන් දෙකක් කපාගනී.මේ අතර ආදිගේ නිවසට පැමිණෙන ජගා තමන්ට සිදු වූ දේ ආදිගේ වමට පවසයි.තමන් ග්‍රාමසේවක මැතිණියගේ පුතා බවත් ඔහුගේ ඉවසීමේ සීමාවක් ඇති බව ඔහු පවසා එතැනින් පිටව යයි.ආදි නිවසට පැමිණෙන තෙක් බලා සිටි ආදිගේ මව ආදි හාදකම් පවත්වන්නේ කා සමඟදැයි ආදිගෙන් සිදු වූ දෙය විමසයි.තමන්ගේ දැන් හාදකමක් නොමැති බවත් එය ඇති වුවහොත් නවත්වන්නට බැරි බව ආදි පවසයි.ගමේ වෙන කෙල්ලෙක් හිටියේම නැතිද බවත් වෙල්මා කියන්නෙ ගස් බඩ ගාන එකියක් බවත් ඇය පවසයි ඒ තුලින්මට ඇයගේ අකමැත්තද ඇය පවසා එතැනින් පිට වෙයි.ආදිගේ මව පවසන දේ ඇත්තක්ය වෙල්මා යනු ගමේ සිටින අනිත් කෙල්ලන් මෙන් නොව ඇය ස්වරූපයෙන් කෙල්ලෙක් උවද ඇය කරන්නේ කොල්ලෙකුගේ වැඩයි.ගමේ ඒමේ අත ඇවිදිමින් ගස්ගෙඩි කඩමින් ඇය කාලය ගෙවයි. රතු මහත්තයාගේ බිරිඳ පුෂ්පා ඉතාමත් තරුණ රූමත් කාන්තාවකි.ඇය මේතරම් වයස රතු මහත්තයාගේ අසලකින්වත් තැබිය නොහැකි තරම් රූප ස්වභාවයක් හිමි ඇය කුමන හේතුවක් මත මොහු විවාහ කරගත්තේද යන්න කුතුහලයකි.දිනක් ඇය තමන් දෙදෙනාට දරුවෙකු ලැබීමට ඇතිබව රතු මහත්තයාට පවසයි.පසුදින වෙදමහතා මුණ ගැසීමට යාමට පුෂ්පා රතු

මහත්තයාට කතා කරයි.එය ආසා සිටි රතු මහත්තයා තමන්ට ඇය සමඟ යාමට නොහැකි බවත් රතු මහත්තයාගේ සේවකයෙක් වන පූටා සමඟ යන බවත් පවසයි.එය අසා සිටි පුෂ්පා කනස්සල්ලෙන් යුතුව බලා සිටි.ආදිගේ පියා මේ අතර මවගෙන් මුදල් හොරෙන් රැගෙන යාමට සුදානම් වෙයි.ඒ ඇය එකතු කරමින් සිටි මුදල්ය.මේ බව දැනගත් ආදිගේ මව ඔහුගෙන් මුදල් ගැන විමසද්දි තමන් නොගත් බව පවසයි කෝප වන ආදිගේ මව ඔහුගේ කලිසමේ සාක්කුවල අත දමමින් සොයයි ඒ අනුව ඔහුගේ සාක්කුවේ තිබී ඇයගේ මුදල් ලැබෙයි.මෙහිදි ආදිගේ පියා ගැන කිව යුතුමයි.ඔහු ඉංග්‍රීසි වචන පාවිච්චි කරමින් කතා කරන,තමන්ගේ පම්පොරිය ලෝකෙට පෙන්වන,තමන්ට කිසිවක් නැති උවත් තියෙන්නාසේ ජීවත් වන පුද්ගලයෙකි.සල්ලි වලට ඉතාමත් කෑදර පුද්ගලයෙකි නමුත් ඔහු පෙන්වන්නේ සල්ලි තමන්ට උවමනාම නැති දේ කියාය.මේ අතර වෙද මහතා මුණ ගැසීමට ගිය පුෂ්පා හට වෙදමහතා පවසා ඇත්තේ තමන් ගැබිණියක වී නොමැති බවත් ඇය අසීනීපෙන් බවත්ය.එය අසා රතු මහත්තයා සිනාසී පවසන්නේ ඒ ගෑණිට පිස්සු කියාය.ඔහු ඇයගේ දුක දන්නේ නැත ඔහුට අවශ්‍ය සල්ලි පමණි ඒ සිදු වූ දේ ගානකට නොගත් මහත්තයා පවසන්නේ තමන්ගෙ වත්තේ කෙසෙල් කැන් දෙකක් නැති වී ඇත කියායි.ආදි ජගාට කල දේට දුක් වෙයි ජගා කවදාවත් එසේ නොකරන බව සියල්ලොම දනි.මේ අතර ආදි සහ ගාමා අතර කතා බහේදි ආදි ගාමාට පවසන්නේ තමා වෙල්මාට ආදරේබවයි.වෙල්මා හට ආදි සැබවින්ම ආදරෙයි ඇය ආදිට කෙසේ සැලකුවත් ආදිගේ හිතේ තියෙන ආදරේ අඩුවක් නොවන බව ඔහුගේ ක්‍රියාවෙන්ම ඔප්පුවෙයි.මේ අතර රතු මහත්තයාගේ වත්තේ නැති වූ කෙසෙල් කැන් සොයා ගිය ඔහුගේ ගොලයන් හට වෙල්මා සහ යහළුවන් පවසන්නේ තමන් ඒ හොරු දන්නා බවයි.ඒ අනුව සල්ලි දුන්නොත් නම කියන බව ඔවුන් පවසයි.රතු මහත්තයාගේ නිවසට පැමිණෙන ඔවුන් පවසා සිටින්නෙ කෙසෙල් කැන් කැපුවේ ආදි සහ ගාමා කියායි.ඒ බව දැනගත් රතු මහත්තයා ආදිගේ මව ගෙන්වා ඇයට තම දරුවා හරියට හදා ගන්නා ලෙස පවසයි.ආදි නිවාසට ආ විගස මේ බව කියමින් ආදිගේ මව ඔහුට බැන වදි.කෝප වූ ආදි ගාමා සමඟ රතු මහතාගේ නිවසට යයි.තමා එසේ නොකරපු බවත් පවසා රතු මහත්තයට බැන වැදි පිටව යයි.එයට කෝප වන රතු මහත්තයා ඔහුට පාඩමක් ඉගැන්වීමට තීරණය කරයි.මේ අතර රතු මහත්තයාට ධර්මේ නැමැති අයෙක් කතා කරයි රතු මහත්තයා ඔහුට ආදිගේ විස්තරය පවසා ඔහුට පාඩමක් උගන්වන ලෙස පවසයි. මේ අතර කිහිපදෙනෙක් සමඟ පැමිණෙන ධර්මේ ආදි සොයා යයි.ආදි සහ ගාමා වෙත පැමිණෙන ධර්මේ ඔවුන්ට හොඳටම පහරදෙයි ඒ දෙසට පැමිණෙන වෙල්මා සහ යහළුවන් ඔවුන්ව ඉක්මනින් රෝහලට ගෙන යයි.ආදිගේ හිසට වැදි පහරින් ඔහුට සිහි නැති වෙයි.ආදිගේ නිවසට පැමිණෙන වෙල්මා සහ යහළුවන් ආදිගේ මවට මේ බව පවසයි.එය ඇසූ ඇය රතු මහත්තයාගේ නිවසට ගොස් ඔහුට මේ බව පවසයි.ඔහු මේ දේ නොකල බවත් එය කල කෙනා සොයා දෙන බවත් ඔහු පවසයි.මේ සිදු වෙච්ච සිදු වීම වෙල්මා සහ යහළුවන් කතා කරමින් සිටි කවදාවත් නැති ලෙසකින් වෙල්මා ඉතාමත් දුකින් බලාගත්ත අත බලාගෙන සිටි.ඇය ආදිට කේන්තියෙන් කෑ ගැසුවද ඇය ආදිගැන හිතන බව අපට වැටහේ.නැතිනම් මේ තරම් ශක්තිමත්ව සිටි වෙල්මා මේ විදිහට දුකින් සිටීමට කිසිදු හේතුවක් නැත.යහළුවන් ගෙවල් වලට ගියද ඇය එතැනට වී කල්පනා කරමින් සිටින්නේද ආදිගේ මතකයයි.වෙල්මාට ඔහු ආදරෙයි කියා පැවසූ දෙයද ඇයගේ සිහියට නැගේ.රෑ බෝවෙන තුරුම බලා සිටින වෙල්මා ගේ අම්මා වෙල්මා ලේ තැවරුනු ඇඳුමින් පැමිණෙන වෙල්මා දැක බිය වී කවුරුන් හෝ මේ දේ කලාද කියා ඇය විමසයි.එවිට අම්මාටද බැන ඇය සිදු වූ දෙය පවසයි.කිසි දිනක වෙල්මා මෙසේ කිසි දිනක දුකින් සිටිනු ඇය දැක නොමැත.ඇයටත් හැගෙන්නේ වෙල්මාගේ හිතේ ආදි ගැන ඇත්තේ ආදරයක් කියාය.මේ අතර වෙල්මාගේ අම්මා යන එන තැන් සෙවීමට ඇය යන එන මග රැකවලලා සිටින්නේ වෙල්මාගේ පියාය.වෙල්මාගේ අම්මා වෙනදාමෙන් පැමිණ කාර් රථයට ගොඩ වෙන අයුරු ඔහු දකි.මේ අතර කටඋත්තරයක් ගැනීමට පැමිණෙන පොලිස්කාරයා හට ආදිගේ අම්මා පවසන්නේ මේ සිදුවීම වෙල්මා කල දෙයක් බවත් වෙල්මාට ගමේ හැමතැනම කොල්ලන් සිටින බවත්ය.මේ අතර අදිව බලා නිවසට පැමිණෙන පියා හැඩූ කඳුලින් කියා සිටින්නෙ දරුවාට අමාරු බවයි.නමුත් ඔහුගේ මේ කපටිකම නිසා අපට එය විශ්වාස කලා නොහැක ඔහුට උවමනා වන්නේ කෙසේ හෝ කාගෙන් හෝ මුදල් කඩා ගැනීමටය.මේ අතර වෙල්මාගේ නිවසට පැමිණෙන පොලිස්කාරයා ඇයගෙන් ප්‍රශ්ණ කරයි.එසේ පැමිණ පසු දින පොලිසියට පැමිණෙන බව පවසයි.මේ අතර ආදිගේ සහ වෙල්මාගේ යහළුවන් පැමිණ පන්සල් යාමට තීරණය කරයි.නමුත් වෙල්මා ඔවුන් සමඟ පන්සල් යාමට නොපැමිණෙයි.නමුත් ඇය තව ගමනක් යන්න ඇති බව යහළුවන්ට පවසයි.යහළුවන් ඇසුවත් ඇය යන තැන ඔවුන්ට නොපවසයි.නමුත් ඇය යන්නේ ආදි සහ ගාමා හට බාරයක් වීමටයි.මේ තරම් ආදරයක් වෙල්මාගේ හිතේ ආදි ගැන තිබීමත් අපට පුදුම සහගත දෙයකි.ඇය මේ තරම් කණස්සල්ලකින් සිටීම ඇගේ යහළුවන්ටද කුතුහලයකි.රෝහල්ගතව සිටින ආදි සහ ගාමා හට ඉදිරියේදී කුමක් සිදුවෙයිද,ආදි ගේ දෙමව්පියන් පවසන පරිදි ඔහු අසාධ්‍ය තත්වයකින් සිටිද,ඔහු රෝහලෙන් ආ විගස වෙල්මා ඔහුට ආදරය පවසයිද,මේ සියලු දේ ප්‍රෙක්ෂක අපෙගේ සිත් වල ඇති කුතුහලයකි.

පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *