සතියේ දින පහේම රාත්‍රි 7.30ට විකාශය වන වලවේට්වුවා ටෙලි නාට්‍ය කාගේත් සිත් දිනාගත් ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වේ.ආදි හා ගාමා අතර මේ දින වල යම් හිත් අමානාප කමක් ඇති වී ඇත්තේ වෙල්මා නිසාවෙනි.සුදානම් කරගත් ආකාරයට ආදි සහ රතු මහත්තයා අතර කුකුළ් සංදර්ශනයක් පැවැත්වීමට සුදානම් වී තිබුනි.එයට රතු මහත්තයා සහ ආදි තම තමන්ගේ කුකුළන් සමඟ සංදර්ශනය පැවැත්වීමට සුදානම් වෙයි.ආදිගේ ඔට්ටුව ලක්ෂ 20ක් බව පවසනවා.ආදි සහ ගාමා තම කුකුළන් දමා පොරය පටන් ගන්නවා.මේ අතර වෙල්මා ආදිගේ බයිසිකලයේ ගම වටේ ගනවා.මේ අතර කුකුල් සංදර්ශනයේදි ආදිගේ කුකුලා ගාමාගේ කුකුලාට පරාද වෙනවා.මේ අතර සියලු දෙනා ගිය තැනට වෙල්මා පැමිණ යමු ලෙස කියනවා.ඉන්පසු දෙදෙනාම එතැනින් යනවා.සිදු වූ දේ වෙල්මා ආදිගෙන් විමසනවා.තාත්තාගෙන් ලක්ෂ දෙකක් ඉල්ලා ගත් බවත් තමාට වැඩි පුරම දුක එය බව කියනවා.තමා කෙසේ හෝ සල්ලි හොයා දෙන ලෙස වෙල්මා ආදිට පවසනවා.

සිදු වූ දේට කනස්සල්ලෙන් සිටින ආදි වෙත යහළුවන් පැමිණෙනවා.ඉන්පසු ගාමා සමඟ ඇති තරහ අමතක කර යාළු වෙමු ලෙස කියනවා.නමුත් එයට ආදි අකමැති බව කියනවා.වෙල්මාගේ යහළුන් සිටින තැනට එන ආදි වෙල්මා කොහෙද කියා විමසනවා.මේ අතර චූනා ගාමා සොයා පැමිණෙනවා.ඉන්පසු ඔහුද ගාමා සමඟ එකතු වී ආදි ගැන කතා කරනවා.කබඩි සෙල්ලම් කරන තැනට වෙල්මා පැමිණෙනවා.ඉන්පසු එතැනට පැමිණෙන ඇය ආදි කුකුල් තරඟයෙන් පැරදි ඇති බව කියනවා.කෙසේ හෝ ආදිගේ සල්ලි සොයා දිය යුතු බව කියනවා.රාත්‍රි 9ට රේල් පාර ගාවට ඇවිත් සිටින ලෙස සියලු දෙනාටම වෙල්මා කියනවා.මේ අතර ධර්මේ රතු මහත්තයා අමතනවා.තමන් වෙන්කර ඇති බව ධර්මේ කියනවා.ඉන්පසු ගාමා එහෙ සිටින බවත් කියනවා.ඉන්පසු ගාමාව රතු මහත්තයා තියාගෙන ඉන්නේ ආදරයකට නොවෙන බව කියනවා.මේ අතර වෙල්මා රාත්‍රියේ නිවසින් පිට වී යනවා.ඉන්පසු වෙල්මා ගිය බව වෙල්මාගේ නංගි අම්මාට කියනවා.මේ අතර ආදිගෙන් තාත්තා මුදල් ගැන විමසනවා.මුදල් නැති වූබව ආදි පියාට කියනවා.රෑ බෝ වූ විට සියලු දෙනා රේල්පාර වෙත එනවා.ඉන්පසු සියලු දෙනා රතු මහත්තයාගෙ නිවසට එනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *