මේ දින වල ටීච අම්මා ටෙලි නාට්‍ය ඉතාමත් ප්‍රෙක්ෂක ආදරයද දිනා ගනිමින් ඉදිරියට ගලාගෙන යනවා.සයොනාරා ටීචගේ නිවසට පැමිණෙන ඇගේ පියාගේ යහළුවා හට සයොනාරා ටීචගේ පියා දුව දරුවන්ට ක්‍රිකට් උගන්වන බව කියනවා.ඉන්පසු ඔහු ලංකාවේ සිටින කාලයේ ඇයට උදව් කිරීමට කැමති වෙනවා.මේ අතර දැහැමි,හිමිදිරි සහ අක්කා ද සරුංගලයක් උඩ අරිමින් ඉන්නවා.ඉනපසු එතැනට හිමිදිරිගේ මව සහ පියා පැමිණෙනවා එතැන සිටින සියලු දෙනාටම හිමිදිරිගේ මව බත්ගුලි සාදා ඔවුන්ට දෙනවා.මේ අතර ශක්ති සහම කමල් බිත්තර රැගෙන විත් උපුල් සර් හට ගැසිමට සුදානම් වෙනවා.මේ අතර ඔවුන් යන පාරේ සඳරැස් පැමිණෙනවා.ඔහු එනු දුටු ශක්ති ඔවුන්ගේ ක්‍රියාව අසාර්ථක වෙයි සිතා සඳරැස්ටද බිත්තරයකින් ගහනවා.ඉන්පසු ඔවුන් අත තිබු බිත්තර වලින් සියලු දෙනාගහගන්නවා.එතැනට පැමිණෙන උපුල් සර් එය බලා සිනාසෙමින් සිටින විට ඔහුටද බිත්තර ප්‍රහාරයක් එල්ල වෙනවා.ඉන්පසු සියලුදෙනා ඇඳුම් වේලෙන තුරු හබරල කොල වලින් ඇඟ වාසා තබනවා.

ඉන්පසු උපුල් සර් ද තම ඇඳුම් වේලමින් සිටිනවා.මේ අතර ළමුන්ගේ ඇඳුම් ටික යහළුවන් රැගෙන යනවා.මේ අතර රවි අන්කල් සයොනාරා ටීචට උදව් කිරීමට ආ එකට අරුෂ් හිනා වෙනවා.මේ අතර අරුෂ් හට සයොනාරා ටීච ජීවිතය හා ආදරය ගැන තේරුම් ගන්නා ලෙස කියනවා.මේ අතර කඩයට පැමිණෙන ශක්ති සහ කමලුයි උපුල් සර් කිව්වා කියා කෙසෙල් කැන සහ බනිස් සියල්ලා රැගෙන ගෙන එන්නට කියු බවත් කියනවා.ඉන්පසු සියල්ල රැගෙන යනවා.මේ අතර ඔවුන් හමුවන ගැහැණු දරුවන් හටද ඔවුන් බනිස් දොනව.ඉන්පසු සියලු දෙනා බනිස් කනවා.ගලක් උඩ වාඩි වි බනිස් කා අමාරුවෙන් සිටින ශක්ති සහ කමල් වෙත පොඩි හාමුදුරුවන් පැමිණ ඔවුන්ගෙන් සිදු වූ දේ විමසනවා.ඉන්පසු කෝප වි පැමිණෙන උපුල් සර් දකිනවා.ඉන්පසු එතැනින් කමල් දිව ගොස් සැගවෙනවා.ඉන්පසු ශක්ති හට උපුල් සර් ගහනවා.ඉන්පසු එය කඩේ මුදලාලි බොරු පවසා ඇති බව කියනවා.මේ අතර හිමිදිරිගේ මව කඩයට පැමිණි විට මුදලාලි ඇයට බනිනවා.ඉන්පසු ඇය මාසේ අන්තිමට සල්ලි ගෙවන බව කියනවා.මේ අතර විදුහල්පති නිවසට පැමිනෙන දැහැමි ටීච අම්මා සොයනවා.සයොනාරා හට නැවත ගමන නොයන ලෙස අරුෂ් ඇගෙන් ඉල්ලා සිටිනවා.බන්ටිගේ නිවසට පැමිණෙන මහේෂ් මහතා බන්ටිගේ මවට නිවසට උවමනා බඩු බාහිරාදිය ගෙනවිත් දෙනවා.මේ අතර අරුෂ් තමාට ගැහු සීගිරි ගැන තම යාළුවන්ට පවසනවා.ඉන්පසු සීගිරි හට රිදිමට නම් මහේෂ් උස්සගෙන එන බව කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *