ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන තවත් එක් ටෙලි නාට්‍යකි ටීච අම්මා.කොළඹ ගිය ටීච නෝනා එනතුරු බන්ටි බලා සිටිනවා.ඔහු සිටින තැනට මහේෂ් ද පැමිණෙනවා.ඉන්පසු මහේෂ් මහතා ටීච නෝනාව කසාද බඳින ලෙස මහේෂ් පවසනවා.ඉන්පසු එයට උදව් කරන ලෙස බන්ටිට කියනවා.ඔහු එසේ නොකලොත් ටීච කොළඹ යන බව කියනවා.මේ අතර පොඩි හාමුදුරුවන් හිමිදිරිගේ නිවසට පැමිණ ශක්ති සහ කමල් සෙවීමට යාමට ඔවුන්ට කතා කරනවා.ලෙඩ වී සිටින සයොනාරාගේ පියා බැලීමට අරුෂ් පැමිණෙනවා.ඉන්පසු එතැනට පැමිණෙන සයොනාරා පසුදින නිවසට යාමට හැකි බව කියනවා.මේ අතර ශක්ති සොයා හාමුදුරුවන් සහ හිමිදිරි ද පැමිනෙනවා.ඉන්පසු ඔවුන් සයොනාරා ටීච එනතුරු මඟ බලා සිටිනවා.විදුහල්පතිතුමාද සයොනාරා ටීච තවමත් නොමැති බව පවසමින් මඟ බලා සිටිනවා.මේ අතර දැහැමිද එතැනට පැමිණ ටීච අම්මා ආවාද කියා විමසනවා.මේ අතර අරුෂ්ගේ නංගි සහ සයොනාරා ටීච කතා බස් කරමින් සිටිනවා.එහිදි ඇය සයොනාරා ටීච මෙන් වීමට කැමති බවත් නමත් දෙමාපියන් තමා දොස්තර කෙනෙක් වීමට කැමති බවත් පවසනවා.මේ අතර ගමෙ ළමුන් කීප දෙනෙක් සයොනාරා ටීච නොමැති නිසා පොඩි හාමුදුරුවන් සමඟ එක්ව බෝධි පූජාවක් පවත්වනවා.

පසුදින ටීච සොයා පැමිණෙන දැහැමි විදුහල්පතිතුමාගේ නිවස ඉදිරිපිට නිදාගෙන සිටිනවා.ඉන්පසු එතැනට පැමිණෙන විදුහල්පතිතුමාගේ බිරිඳ ඇය තමා ළඟට ගන්නවා.ඉන්පසු සයොනාරා ටීචගෙන් ඇමතුමක් එනවා.දාහැමි නිවසින් පැමිණ ආච්චි අම්මා අරන් තැබු පඩුරක් ගෙන එය බිම පැල කර එයින් සල්ලි ගසක් එන ලෙස කියනවා.ඉන්පසු එතැනට දැහැමිගෙ ආච්චි පැමිනෙණවා.ප්‍රමාද වී පැමිණෙන ශක්ති සහ කමල් උපුල් සර් හට තමන් ප්‍රමාද වුයේ ටීච ආ බව කියනවා.ඉන්පසු එය විදුහල්පතිතුමාටද ඔහු කියනවා.මේ අතර සයොනාරා ටීචගේ පියා නිවසට එනවා.මේ අතර සයොනාරාගේ පියා ඇගේ විවාහය ඉක්මන් කරන ලෙස කියනවා.මේ අතර බන්ටි විදුහල්පතිතුමාගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ටීච නොමැති බව දැනගන්නවා.තමාට බොරු කිවූ බව පවසා ඔහු එතැනින් පිටව යනවා.මේ අතර සයොනාරා ටීචගේ නිවසට ඇගෙ පියාගේ යාළුවෙක් වන රවි පැමිණෙනවා.මේ අතර දැහැමි දුවගෙන විත් තමන් පැළ කල සල්ලි පැලය පැළ වී ඇති බව පවසා ඇයව එතැනට එක්කගෙන යනවා.සයොනාරා තම පාසලේ දරුවන්ට ක්‍රිකට් උගන්වන බව ඇගේ පියා රවි හට පවසනවා.එය ඉතාම හොඳ බවත් ඔහු ලංකාවේ සිටින කාලයේ ඇය ක්‍රිකට් උගන්වන්නම් කියා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *