කාගේත් සිත් දිනාගත් ටීච අම්මා ටෙලි නාට්‍ය සතියේ දින පහේම ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වනවා.මෙහි සිටින සයොනාරා ටීචගේ  භූමිකාව ප්‍රේක්ෂක හදවත් තුල ලැගුම් ගෙන අවසන්.පසුගිය සතියේ සිදු වූ සිදුවීම විමසා බලමු.බන්ටිගේ නිවසට මහේෂ් මහත්තයා පැමිණ ඔහුව පතලට රැගෙන යාමට සුදනම් වෙයි.නමුත් ඔහු එදින ශෝක දිනයක් බව පවසා නොයෙන බව කියනවා.ශෝක දිනයක් කියන්නේ ඇයි දැයි බන්ටිගෙන් මහේෂ් මහතා ගිය විට අම්මා අසනවා.ටීච කොළඹ යන බව කියනවා.ටීච මුන ගැසීමට එන ළමුන් ඇයට කිතුල් පිටි,කජු මද සහ හකුරු රැගෙන එනවා.මේ අතර දැහැමි ටීච හට තමාවත් එක්කගෙන යන බව කියනවා.එතැනට පැමිණෙන දැහැමිගේ ආච්චිටත් ඇය මෙය පවසනවා.නමුත් ඇය මෙයට අකමැති වෙනවා.මේ අතර බන්ටිගේ නිවසේ තිබු කෙසෙල් කැන අප්පු වෙත විකුණා තිබුනා.ඉන්පසු එයට කෝප වන බන්ටි ඔහුගෙන් කෙසෙල් කැන උදුරාගන්නවා.ඉන්පසු එය නොදෙන බව කියනවා.මේ අතර ටීච කොළඹ යාමට සුදානම් වෙනවා.ඉන්පසු එතැනට දැහැමි පැමිණෙනවා.ඔවුන් පිටත් වූ විට දැහැමි පැමිණෙනවා.

ඉන්පසු ඇයව විදුහල්පතිතුමා නතර කර ගන්නවා.මේ අතර පාරේ රැක සිටින ශක්ති ඇයට මල් ඉත්තක් දෙනවා.මේ අතර බන්ටිද කෙසෙල් කැන ටීච වෙත දෙනවා.ටීච කොළඹ පැමිණෙනවා.ටීච කොළඹ ගිය නිසා ළමුන් සියලු දෙනාම ඇය නැති එකට දුකින් කතා බහ කරමින් ඉන්නවා.මේ අතර ටීච බැලීමට අරුෂ් පැමිණෙනවා.මේ අතර පාසලේ සිටි වෙනත් ගුරුවරිය වන ශිරෝමාලා ටීච ළමුන් හට ව්‍යායාම කිරීමට උගන්වයි. මෙය කරන අතරමැද චීටගේ කොන්ද අමාරුවක් ඇති වෙනවා.ළමුන් සියලු දෙනා එකතු වී ඇයව ඔසවාගෙන යනවා.මේ අතර ටීචගේ පියා හට පපුවේ අමාරුවක් ඇති වෙනවා.ළමුන් සියලු දෙනා ශිරෝමාලා ටීච රැගෙන පාරේ යනවා.ඉන්පසු එයට උපුල් සර්ද එකතු වෙනවා.මේ අතර සයොනාරා ටීචගේ පියා රෝහල්ගත කරනවා.මේ අතර ඔහු බැලීමට අරුෂ්ගේ නිවසෙ සියලු දෙනත් යාමට සුදානම් වෙනවා.මේ අතර බන්ටි සයොනාරා ටීචගේ වතුර බෝතලය වලක කපා වලලනවා.සයොනාරා බැලිමට අරුෂ් සහ නංගි පැමිණෙනවා.මේ අතර උපුල් සර් සහ ශිරෝමාලා ටීච දරුවන් ව්‍යායාම කිරීමට සුදානම් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *